Like
Like Love Haha Wow Sad Angry

පෙරපාසල්, පාසල් යවලා ඉගැන්වුවත්, දරුවන්ගේ මුල්ම ගුරුවරයා වන්නේ ඔයා.මොකද නිවසෙන් ,මවගෙන් ඉගෙන ගන්න දේවල් වලින් තමයි දරුවෙක් කවදාහරි දවසක ඉදිරියට අරගෙන යන්නේ. ඒත් මව්වරුන් පෙළඹිලා ඉන්නවා දරුවන්ට නිසි මග පෙන්වීමක් කරනවා වෙනුවට ඔවුන්ගේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වෙන්න. ඒ විදියට මැදිහත් වීමම ඔයාගේ දරුවාගේ අනාගතය අයහපත් වෙන්න පුළුවන්.

හැමවෙලේම එපා කියන්න නම් එපා.

මුලින්ම කියන්න ඕනේ දෙයක් තමයි අධ්‍යාපනය කියන්නේ පොත පතින් ගන්න දැනුම විතරක්ම නෙවෙයි. පුංචි දරුවෙක් දකින කරන සෑම දෙයකින්ම පොඩි දෙයක් හරි ඉගෙන ගන්නවා. ඔයාගේ දරුවා සෙල්ලම් බඩු කඩන විට ඔබ එපා කියනවා නේද ? සමහර විට එය ඔහු අනාගතයේ ඉංජිනේරුවෙක් වෙන අවස්ථාව අහිමි කරනවා වෙන්න පුළුවන්. පුංචි දරුවන්ව නවත්වන්න එපා. ඔවුන් කරන සෑම දේකින්ම ඔවුන්ට දෙයක් ඉගෙන ගන්න දෙන්න. ඒ වගේම ඔවුන් වැරදි කරනවා නම් දරුවන්වන් සුද්ද කරන්නේ නැතුව හරි වැරැද්ද පෙන්නලා දෙන්න. හැබැයි ඔවුන්ට නිතරම එපා එපා කියන්න නම් එපා.

ඕක ඔයාට කරන්න බෑ.

දරුවන් කරන සමහර දේවල් වලින් ඔහුගේ වයසට කරන්න බැරි දේවල් කරනවා කියල ඔයා හිතන්න පුළුවන්.නිරන්තරයෙන් තුවාල කරගන්නවාට, වැටෙනවට ඔයා හරි බයයි. ඒ නිසාම දරුවා දෙයක් කරද්දී “ ඔයාට ඕක කරන්න බැ පුතේ” කියලා නතර කරන්න හදනවා. හැබැයි එමඟින් දරුවාගේ අනාගතයට බාධා එල්ල විය හැකියි. දරුවන්ට බෑ කියන දේ වෙනුවට පුළුවන් කියන දේ උගන්වන්න. එවිට ජිවිතයේ කිසිදු තැනක ඔහු නොනැවතී ජීවිතය ජය ගනිද්දී ඔයාට නිහඩව ආඩම්බර වෙන්න පුළුවන්.

දරුවාව සංසන්දනය කරනවද?

මේක තමා ඔයා ලොකුම වැරැද්ද.අනෙක් දරුවන් සමඟ කිසි විටකත් ඔයාගේ දරුවාව සංසන්දනය කරන්න යන්න එපා.“ අරයා කරනවා ඔයාට තමයි බැරි “, “අක්කට පුළුවන් ඔයාට තමයි බැරි” මේ විදිහට නිතර නිතර තමන්ට කිසිවක් බැරි බව දරුවට ඒත්තු ගන්වන්න එපා. ඔවුන් අන් කිසිවකුට වඩා ඔයාගේ පැසසුම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා දරුවා සමඟ රැදී සිටීම ඉතා වැදගත්. හැබැයි ඔයා නොනවත්වා දරුවාගේ නොහැකියාවන් පමණක් දකිනවා නම්, කුඩාකල සිටම සිදුවන ඔහුගේ මානසික බිඳවැටීම ජීවිතය පුරාම ඔහුගෙ අසාර්ථකත්වයට හේතු වෙනවා.

දරුවා කරන පුංචිම දෙයක් වුණත් අගය කරන්න පුරුදු වෙන්න. දරුවන් කුඩා කාලයේ ඉඳන්ම මෙලෙස අගයන්න. ඔහු අඳින පුංචි ඉරි කෑල්ලක් වෙන්න පුළුවන්. මෙය අගය කරන්න. මෙම අගය කිරීම තුළින් ඔයා නොදැනුවත්වම දරුවාගේ ජිවිතයේ ඉදිරි පියවරට මඟ පෑදේවී.

දරුවාට හැමදේටම උදව් කරන්න එපා.

දරුවන්ට හැම දේකටම උදව් කරන්න යන්න එපා. හැබැයි ඔහු ගැන අවදානයෙන් ඉන්න. ඔහුට වැටෙන්න දෙන්න. ඒවගේම තනියම නැගිටින්න දෙන්න. තනිවම අතින් කන්න දෙන්න. කවන්න යන්න එපා. ඔහුට ජිවිතේ හැමදේම තනියම වැරදි වැරදි ඉගෙන ගන්න දෙන්න.යම් තැනක බැරිමනම් පමණක් උදව් කරන්න.එමඟින් ජිවිතයේ ඔයා නැති දවසක වුණත් දරුවා තනිවම ජීවත් වන හැටි ඉගෙන ගන්නවා.

මේ විදිහට දරුවාගේ ඉගෙනුම් කටයුතු වලට හෝ වෙනත් ඕනෑම දෙකට ඕනවට වඩා ඔයා ඇඟිලි ගහන්න යන්න එපා. එයාගේ වැඩ ටික තනියම කරගන්න දීලා, ඔයා පැත්තකට වෙලා හොඳ නරක පමණක් කියලා දෙන්න.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here