Love affair පටන් ගද්දි ගොඩක් ඔයා බලන්නේ අනෙකාගේ ලස්සන, එහෙමත් නැත්නම් වත්පොහොසත්කම්. ඒ විදිහට පටන් ගන්න සමහර love affairs වලට නම් වැඩි ආයුෂ නැහැ. හැබැයි තමන්ට නොගැලපෙන love affair නිම කරලා ඉන් නිදහස් වෙන්න තරම් ඔයාගේ හිතේ හයියක් නැහැ. සමාජයට තියෙන බය, අනිත් කෙනා ගැන දැනෙන අනුකම්පාව, කාලයක් තිස්සේ තිබුණු මතකයන් අමතක කර ගන්න බැරි වීම වගේ විවිධ හේතු නිසා ඔයා නොගැලපෙන love affair ඉදිරියේ අසරණ වෙන්න පුළුවන්.ඔයා නොගැලපෙන love affair එකක දිගටම එල්ලීගෙන ඉන්නවා නම්, ඒක ඔයා ඔයාටම කරගන්න ලොකු හානියක්.ඒ නිසා මං අද කියන්න යන්නේ ඔයාගේ නොගැලපෙන love affair සාර්ථකව අවසන් කර නිදහස් වෙන්න වෙන්න පුළුවන් විදිහ ගැනයි.
Love affair එක තුළ ගැලපීම් නොගැලපීම් ඔයාම තෝරා ගන්න

නොගැලපෙන Affairs නිසා ඔයා ඕන තරම් පසුතැවිලි වෙනවා ඇති. පෙම්වතාගේ නපුරුකම්, නොසලකා හැරීම් නිසා හිතින් විඳවනවා.ඒත් ඔයා affair එක නවත්වන්න උත්සහ කරන හැමවෙලේම ආයෙත් ආදරයෙන් ඔයාගේ සිත අන්දවෙලා යනවා නේද? ඒ ඔයාගේ යටි හිතේ ඉතිරිවෙලා තියෙන ආදරණීයය මතකයන් නිසයි.හැබැයි නොගැලපෙන බැඳීම් නතර කරන try කරද්දී, එයා ඔයාට කරන නපුරුකම්, නොසලකා හැරීම්, ඔයාව රිද්දන විදිහ යටි හිතට අවබෝධ කරලා දෙන්න.
සමාජයට බිය වන්න එපා

ඔයාලා දෙන්නාගේ ප්රශ්න දන්නේ ඔයාලා දෙන්නා විතරයි.ඒ නිසා සමාජයට බිය වන්න එපා.සමාජය ඉදිරියේ ඔයාලා දෙන්නා සමාජයේ සිටින්නේ ආදරණිය යුවලක් ලෙසින් වෙන්න පුළුවන්.ඒ නිසා ගොඩක් දෙනෙක්ට තම නොගැලපෙන love affairs අවසන් කරන්න බැරි කරන්න බැරි සමාජය තමා ගැන වැරදි ඇහැකින් බලයි කියලා හිතලනේ.හැබැයි ඔයා දැන ගන්න ඕනේ පෙම්වතාගේ, සහකරුගේ වැරදි ගතිගුණ සමඟ ජිවිත කාලයම විඳවන්න වෙන්නේ ඔයාට මිසක් සමාජයට නෙවෙයි. ඒ හින්දා සහකරුගෙන් සමාජයට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ.ඒත් ඔයා ඔයාගේ අනාගතය නොගැලපෙන සහකරුවා එක්ක ගත කරන්න තීරණ කළොත් ඔයාට ජීවිත කාලයම දුක් විඳින්න සිදු වේවි.
ඒ වගේම ඔයාගේ තීන්දු තීරණ වලට සමාජයට ඇඟිල්ල ගහන්න කිසිම අයිතියක් නැහැ. සමාජය ඔයාට වැරදි කියන්නට ආවොත් එය සමාජයේ වරදක් මිස ඔයාගේ වරදක් නෙවෙයි.
ඔයා කිසිම වෙලාවක තනි වෙන්නේ නැහැ

ගොඩක් girlsලා හිතාගෙන ඉන්නේ තමන්ගේ ආදරය අහිමි වූ පසු එහෙමත් නැත්නම් අවසන් වූ පසු තමන් තනි වෙනවා කියලයි. ඒක වැරදි සිතුවිල්ලක්. මොකද ඔයාට ආදරය කරන්නට ඔයාගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සහ මිතුරන් ඉන්නවා. ඔයාගේ තනිකම නැති කර ගන්න ඔවුන්ගෙන් ලොකු සහයක් ඔයාට ලැබෙනවා.
ඒ වගේම මතක තියාගන්න, හැමදේම වෙන්නේ හොඳටයි කියලා. මොකද නොගැලපෙන Partner කෙනෙක් සමඟ සිටිද්දී ගැලපෙන සහකරු සොයා ගැනීමේ අවස්ථාව ඔයාට අහිමි වෙනවා.
ඔයාට ඔයාගේ පෙම්වතා හමු වූ මුල් කාලයේදී මේ ලෝකයේ ඉන්නා හොඳම ආදරවන්තයා සේ ඔයාට දැනෙන්න පුළුවන්. ඇත්තටම එයා ඔයාගේ ආදරය දිනා ගන්නා තුරු හෝ ඔයාගේ කැමැත්ත ලැබුණු මුල් අවධියේදී එක් විදිහකටත්, පස්සේ කාලයක තවත් විදිහකටත් හැසිරෙනවා නම් ඔහු කපටියෙක්. ඒ නිසා මුල් කාලයේදී ඔයාට ලැබුණු ආදරය ගැන නිතරම සිතමින්, වර්තමානයේදී දිගින් දිගටම සිදු වන වැරදි ඉවසීම ඔයා කරන ලොකු මෝඩකමක් කියලා මතක තබාගන්න.



