වයසට යනකොට අපෙ skin එකේ කොහොමත් wrinkles ඇති වෙනවා.ඒක අපිට stop කරන්න බැහැ.හැබැයි අපිට පුලුවන් makeup වලින් මේක පොඩ්ඩක් අඩු කරන්න.ඒ කොහොම වුණත් young අයගෙත් දැන් මුහුණේ wrinkles ඇති වෙලා තියෙනවා.ඒ ඇති වෙලා තියෙන wrinkles වලට මොකද කරන්නේ කියලා ඔයා තාමත් හිතනවා කියල මම දන්නවා.දැන් හිතන්න දෙයක් නැහැ . වෙනදා වගෙම මම ඔයාට ලස්සන වෙන්න උදව් කරන්නම්.මම කියන්නම් කොහොමද ඔයා wrinkles වලට face කරන්නේ කියලා
ලෙමන් treatment එක

යෝගට තේ හැන්දක්, මී පැණි තේ හැන්දක්, විටමින් E සහ ලෙමන් යුෂ තේ හැන්දක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න. එම ආලේපය මුහුණේ ගල්වා විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න. සතියකට දෙවතාවක්වත් මේ treatment එක කරන්න.
ආමන්ඩ් සත්කාරය

රැව රුක ගැනීමට ආමන්ඩ් වලට තියෙන්නේ සුවිශේෂ හැකියාවක්. ආමන්ඩ් ඇට කිහිපයක් කිරි ටිකක පොඟවා රුයක් තබන්න. පසුදා උදෑසනට එම ආමන්ඩ් ඇට ග්‍රයින්ඩරයකට දමා හොඳින් කුඩු කරගන්න. එයින් ඝනකම ඇති පේස්ට් එකක් සකස් කරගන්න. ඒ පේස්ට් එක මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා මුහුණ පිරිසුදු වතුරින් සෝදා හරින්න.මේ treatment එක දිනපතා සිදු කරන්න.
ජලය පානය

සම රුළි වැටීමට හොඳම ප්‍රතිකාරය ජලය. හොඳින් ජලය පානය කිරීමෙන් රුළි වැටීම අවම කරගන්න පුළුවන්. හැබැයි දවසට ජලය ලීටර් දෙකක් වත් පානය කිරීමෙන් skin එක ලස්සන කරගන්න පුළුවන්.
කෝමාරිකා සත්කාරය

කෝමාරිකා කියන්නේ පිරිසුදු කාරකයක්. කෝමාරිකා පත්‍ර ජෙලි සූරා ගෙන සමේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.
ඔලිව් තෙල් වළින් මොකද වෙන්නේ

ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන මුහුණ හොඳින් සම්බාහනය කරන්න.ඒ treatment එකෙන් සමට තෙතමනය ලැබෙනවා.මේ ඔලිව් තෙල් සත්කාරය දිනපතා කළ කරනවා නම් ගොඩක් හොඳයි.
ඒ වගේම ඔයාට පුළුවන් Wrinkles වලට තියෙන හොඳ Cream එකක් Use කරන්න.හැබැයි කොහොඹ ,සැවැන්දරා ,වැල්මී ,තුල්සි ,කහ ,කළුදුරු ,සෝයා ප්‍රෝටීන් සහ දාරුහරිද්‍ර කියන දේවල් තියෙන Cream එකක් ගන්න.සම Wrinkles විතරක් නෙමෙයි ලප කැළැල් නැති කරන්නත් මේ දේවල් වලට පුළුවන්.
ඉතින් කරලම බලන්නකෝ මම කිව්වේ බොරුද කියලා.එතකොට ඔයාටම තේරෙයි මම කිව්වේ ඇත්ත කියලා.වැඩි වෙලා යන්නේ නැති නිසා හරිම easy



