Like
Like Love Haha Wow Sad Angry
9

මදුරුවෝ කිව්වහම ටිකක් බය හිතුන නේද ?මොකද ඉතින් මේ දවස වල වැස්සත් නිසා මදුරුවෝ වැඩි වෙලා තියෙනවා,අනික ඩෙංගු වගේම තවත් ලෙඩ වැස්ස දවස් වලට තියෙනවනේ.හැබැයි මම අද කතා කරන්නේ මේ කිසිම දෙයක් ගැන නෙමෙයි.ඔයාට තියෙන වෙන ප්‍රශ්නයක් ගැන.ඒ මොකක්ද දන්නවද මදුරුවන්ගේ ආකර්ශනය ගැන.ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා.ඇයි මාවම විතරක් මදුරුවෝ කන්නේ කියලා.මම අද එකට හේතුව මොකක්ද කියලා ඔයාට කියන්නම්

01) උෂ්ණත්වය – Temperature

උෂ්ණත්වය හේතු වෙන්නේ කොහොමද දන්නවද ?සාමාන්‍යයෙන් ඔයාගේ නළල, ඇහිබැම, මැණික්කටුව, බෙල්ල වගේ තැන් වල blood ටිකක් skin එකට ලඟයිනෙ.ඒ නිසා ඒ තැන් වලට මදුරුවෝ වැඩියෙන් ආකර්ශනය වෙනවා.

02) දහදිය – sweat

මේක නම් ඔයා නිකමටවත් හිතපු නැති දෙයක් කියලා මම දන්නවා.දහදිය වල ප්‍රධාන වශයෙන් තියෙන්නේ Lactic අම්ලය.මදුරුවෝ ගොඩක් ඒ අම්ලයට ආකර්ෂණය වෙනවා.තව දෙයක් තමයි දහදිය තියෙන එකම ඇඳුම දවස් දෙකක් විතර ඇන්දොත් ඉක්මනින් බැක්ටීරියා වර්ධනය වෙනවා.ඒ වගේම එතකොටත් මදුරුවන් වැඩියෙන් ආකර්ෂණය වීමත් දැකගන්නට පුළුවන්.

03) රුධිර වර්ගය – Blood type

මදුරුවෙක් රුධිරය උරා බිමට සම මත වැසූ විට රුධිරය උරා බොන්න කලින් සමේ ශ්‍රාවයන් උරා බී රුධිර වර්ගය හඳුනා ගන්නවා.ඉතින් මදුරුවෝ ආකර්ශනය වෙන්න ප්‍රධානම හේතුව මෙන්න මේකයි.එතකොට මදුරුවෝ වැඩියෙන්ම O වර්ගයේ රුධිරයට තමයි කැමැත්තක් දක්වන්නේ.ඊළඟට B වර්ගයේ රුධිරයට වගේම අවසානට A වර්ගයට කැමැත්තක් දක්වනවා

04) කාබන්ඩයොක්සයිඩ් – co2

මීටර් 50 ක දුරින් වුණත් තියෙන co2 නිකුත් වන තැනක් මදුරුවන්ට ඉක්මනින් හොයා ගන්න පුළුවන්.උසින් හරි මහතින් හරි වැඩි කෙනෙක් ස්වාභාවිකවම කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩිපුර නිකුත් කරනවා.ඔයත් ඒ වගේ නම් ඔයාට මදුරුවෝ ආකර්ෂණය වීම තරමක් වැඩි වෙනවා.සාමාන්‍ය කෙනෙක් වුණත් Exercises හරි වෙනත් ක්‍රියාශීලි ක්‍රියාවන් හරි කරන අතර වාරයේ co2 වැඩි ප්‍රමාණයක් නිකුත් කරන නිසා ඒ වගේ වෙලාවල් වලිදීත් මදුරුවන් වැඩි පුර ආකර්ෂණය වෙනවා.

05) ගර්භනීභාවය – pregnancy

Pregnant සමයේදී ප්‍රශ්වාස වාතයට සහ සමට නිකුත් කරනු ලබන විශේෂිත සංඝටක නිසා මදුරුවෝ ආකර්ශනය වෙනවා.ඒ වගේම ශරීර උෂ්ණත්වය වැඩිවීම නිසා pregnant අයට සාමාන්‍ය කාන්තාවකට වඩා දෙගුණයක මදුරු ආකර්ෂණයක් තියෙනවා.

ඉතින් දැන් ඔයා දන්නවනේ ඇයි මදුරුවෝ ඔයාවම කන්නේ කියලා.මදුරුවෝ කන්න ගොඩක් හේතු තිබුනත් මේ එක දෙයක් හරි ඔයාව මදුරුවෝ කන්න හේතු වෙන්න ඇති.ඉතින් ආයි මදුරුවෝ කනකොට ඔයාට ඇයි මෙහෙම වෙන්නේ කියල හිත හිත ලත වෙන්න ඕනී නැහැ.හේතුව මොකක්ද කියල මම ඔයාට දැන් කියලා තියෙන්නේ.හැබැයි ඒ කොහොම වුනත් මදුරුවන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න.

Like
Like Love Haha Wow Sad Angry
9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here