Like
Like Love Haha Wow Sad Angry
291

Busy Life style එක නිසාම අද වනවිට බහුතරක් දෙනාගේ ආහාර රටාව වෙනස් වෙලා. මේ නිසා අධික කොලෙස්ටරෝල් තත්වය නිසාම heart attack හා රුධිර නාලිකා අවහිර වීම් /Stroke ඇතිවීමේ අවදානම එන්න එන්නම වැඩි වෙලා. අද අපි බලමු කොහොමද මේ කොලෙස්ටරෝල් තත්ව මැන ගන්නේ වගේම ආහාර රටාවෙන් කොහොමද cholesterol පාලනය කරගන්නේ කියලා.

ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම මනින්නේ කොහොමද ?
Lipid panel නමින් රුධිර පරීක්ෂණයක් මඟින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම මනින්න පුළුවන්. මතක ඇතුව පරීක්ෂණයට පෙර, පැය 9 සිට 12 දක්වා නිරාහාරව සිටිය යුතුය (ජලය හැර වෙනත් කිසිවක් කන්න හෝ බොන්න එපා)

  • Total Cholesterol – ඔබේ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය මැනීම. අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් (LDL) කොලෙස්ටරෝල් සහ වැඩි ගණත්ව ලිපොප්‍රෝටීන් (HDL) කොලෙස්ටරෝල් ඇති ප්‍රමාණය මෙහි සදහන් වෙනවා.
  • LDL (නරක) කොලෙස්ටරෝල් – ධමනි වල කොලෙස්ටරෝල් සෑදීම හා අවහිර වීමට හේතු වන Cholesterol තමයි ඒ.
  • HDL (හොඳ) කොලෙස්ටරෝල් – HDL ඔබේ ධමනි වලින් කොලෙස්ටරෝල් ඉවත් කිරීමට උපකාරී වන cholesterol ලෙස හදුන්වා.
  • Triglycerides (ට්‍රයිග්ලිසරයිඩ)-රුධිරයේ ඇති තවත් මේද වර්ගයක් වන ට්‍රයිග්ලිසරයිඩ ද හෘද රෝග සමඟ සම්බන්ධ වේ. ඒවා ශරීරය පුරා මේද සෛල තුළ ගබඩා වේ.

කොලෙස්ටරෝල් සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ රුධිරයේ ඩෙසිලිටරයකට (dl) කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් (mg) ය. පහත දැක්වෙන තොරතුරු මඟින් විවිධ වර්ගයේ කොලෙස්ටරෝල් මිනුම් වර්ගීකරණය කර ඇති ආකාරය පෙන්වයි.

Cholesterol මට්ටම වැඩි කිරීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ වැරදි ආහාර රටාව බව පරීක්ෂණ මඟින් හෙළිවී ඇත. මේ සදහා බලපාන ආහාර ගැන අපි මුලින්ම විමසා බලමු.

01. හෘද රෝග ඇති පුද්ගලයින්, නිතරම ඌරු මස් හෝ වෙනත් රතු පැහැති මස් වර්ග ගැනීමෙන් Cholesterol මට්ටම ඉහළ යන නිසා එම ආහාර ගැනීමෙන් වළකින්න.

02. බටර් හා සම්පූර්ණ යොදය සහිත කිරි ආහාර වල ඉහළ කොලේස්ටටෝරෝල් මට්ටමක් ඇති බැවින් මෙවැනි ආහාර නිතර පරිභෝජනය ශරීරයට අහිතකර වේ .

මේ තත්වය පාලනය කිරීමට අපි මොනවද කරන්න ඕනේ කියලා බලමු

1.කිරි හා බටර් වෙනුවට ශාකය පාදක මේදය සහිත Fat Spread/Margarine හා එළවලු වැඩිපුර ආහාරට ගන්න.

ගොඩක් අයට තියෙන වැරදි මතයක් තමයි Margarine/Fat Spread වල ට්‍රාන්ස් මේදය හා Cholesterol තියෙනවා කියන එක. මේක කිසිම විද්‍යාත්මක පසුබිමක් නැති බොරු මතයක්.

2.අවම විනාඩි 20ක්වත් දෛනිකව ව්‍යායාම වල නිරත වෙන්න

3.මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතයෙන් වළකින්න

4.මානසික ආතතිය , මානසික ගැටළු පාලනය කරගන්න

Like
Like Love Haha Wow Sad Angry
291

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here