Pimple එකක් අවාහම ඔයාගේ හිතට දුකක් දැනෙනවනේ.මොකද ඔයාගේ මුහුණේ තියෙන ලස්සනත් එකෙන් නැති වෙන නිසා.අරවා මේවා ගාලා සමහර වෙලාවට මේ වගේ pimple වගේම marks වුණත් මුහුණේ ඇති වෙන්න පුළුවන්.ඉතින් ඒ වගේ ලප කැළැල් ඇති වෙන එක නැති කරගෙන පැහැපත් skin එකක් ලබා ගන්නනේ ඔයා try කරන්නේ.මොකද කැපී පෙන්න හැමෝම කැමතිනේ.ඉතින් මම අද ඔයාට කියන්න හදන්නේ කොහොමද ලප කැළැල් නැති skin එකක් ලබා ගන්නේ කියලා
Home made treatment
01) Sun cream

මුහුණේ කැළැල් ඇති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීම.ඒ නිසා හිරු එලියට යන හැම වෙලාවකම sun cream එකක් use කරන්න.ඔයා sun cream එකක් ගන්නවා නම් SPF 15 හරි ඊට වැඩි එකක් හරි මිලදී ගන්න.ඒ වගේ sun cream එකක් USE කරනවා නම් ලප කැළැල් ඇති වෙන එක නැති කර ගන්න පුළුවන්
02) ලෙමන් යුෂ – Lemon juice

- භාජනයකට ලෙමන් ගෙඩියක යුෂ ලබා ගන්න
- ඇඟිලි තුඩු අධාරයෙන් ලෙමන් යුෂ බිංදුව බැගින් කුරුලෑ කැළැල්මත තවරාගන්න
- දිනකට වරක් බැගින් සති තුනක් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්
03) කෝපි – Coffee

- මුලින්ම මුහුණ සෝදා ගන්න
- ඊට පස්සේ කෝපි කුඩු ටිකකට ජලය ස්වල්පයක් එකතු කරලා mix කර ගන්න .
- දැන් මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන වක්‍රාකාර ලෙස සම මත පිරිමදිමින් විනාඩි 5ක් හෝ 10ක් පමණ සම්භාහනය කරන්න.
04) ඔලිව් තෙල් – Olive oil

- මුලින්ම මුහුණ සෝදා පිරිසිඳු කරගන්න
- දැන් ඇඟිලි තුඩු වලට ඔලිව් තෙල් ගෙන මුහුණේ ගාලා සම්භාහනය කරගන්න.
- ඊට පස්සේ තුවායක් රස්නේ වතුරෙන් පොඟවලා මිරිකාගෙන එය මුව මත තබාගන්න
- විනාඩි කිහිපයකට පසු මුව සෝදාගන්න.
- මේ සත්කාරය දිනපතා සිදුකරන්න
ඔයා Cream එකක් ගානවා නම්

රෝස පෙති සාරය, කෝමාරිකා සාරය වගේ ස්වභාවික දේවල් වලට සමේ ලප කැළැල් ඉවත් කිරීමට හැකියාව තිබෙනවා.ඒ විතරක් නෙමෙයි,සමෙහි ඇති වන pimple mark සහ අව්වට පිළිස්සීම නැති කරන්නත් පුළුවන්.ඒ නිසා මේ වගේ ස්වභාවික දේ අඩංගු cream එකක් තෝර ගන්න.
දැන් ඔයාට ලප කැළැල් නැති සමක් ලබා ගන්න එක dream එකක් නෙමෙයි.මම කියපු treatment ටික හරියටම කලොත් ඔයාට හිතා ගන්නවත් බැරි result එකක් ලබා ගන්න පුළුවන්.ඉතින් අද ඉදන් මේ දේවල් ටික try කරලම බලන්න.ඔයාගේ result කොහොමද කියලා මටත් කියන්න



