සමපෝෂ කියන්නේ ලොකු පොඩි හැමෝම කන්න කැමති කෑමක්.ඔයත් කන්න කැමති කෑමක් කියලා මම දන්නවා.ඒ වුණාට ඔයා සමපෝෂ cup cake කළා තියෙනවද ?මම හිතන්නේ ඔයා කාලා නැහැ.ඒ නිසා මම ඔයාට අද කියලා දෙන්නම් සමපෝෂ වලින් රසවත් cup cake එකක් හදන්නේ කොහොමද කියලා.
මොනවද අවශ්‍ය වෙන්නේ

- බටර් 250 g
- සීනි 250 g
- බිත්තර 5
- කිරි කෝප්ප තුන් කාලක්
- වැනිලා
- බේකින් පව්ඩර් තේ හැඳි 2
- පාන්පිටි 50 g
- සමපෝෂ 200 g
- රටඉඳි
- කජු
මේ විදිහට තමයි හදන්නේ

- මුලින්ම බටර් හා සීනි cream වෙනකල් බීට් කරගන්න.
- ඊට පස්සේ සීනි හොඳින් දිය වුණාම බිත්තර ටික කඩලා කහමද හා සුදු මද ටික වෙන් කරගෙන මේ මිශ්‍රන්යට කහමද විතරක් එකතු කරන්න.
- ඒ එක්කම වැනිලා හා කිරි එකතු කරලා බීට් කරගන්න.
- සමපෝෂ වලට පාන්පිටි හා Baking powder එකතු කරලා වෙනම බෝල් එකක mix කරගන්න.
- බිත්තර සුදුමද ටික වෙනම බීට් කරගෙන එකතු කරගන්න.
- දැන් සමපෝෂ සහ පාන්පිටි මිශ්‍රණය එකතු කර ලී හැන්දකින් කලවම් කරගන්න.
- ඊළඟට කජු සහ කපාගත් රටඉඳි දමා කප් කේක් tray එකක අතුරලා 180°c ට විනාඩි 20 -25ක් බේක් කරගන්න.
- bake වුණාට පස්සේ ඔයාට පුළුවන් සමපෝෂ වලින් හදපු cup cake එකේ රස බලන්න
ඔයාට පුළුවන් මේ cup cake එක ගෙදරදීම හදලා බලන්න .ඒ වගේම හවසට ගෙදර හැමෝම එකතු වෙලා tea බොන වෙලාවට ඔයාට පුළුවන් මේවා හදලා ගෙදර අයට රස බලන්න දෙන්න.easy නිසා හදලා බලන්න.



