Like
Like Love Haha Wow Sad Angry
1

ලොකු පොඩි වයස් භේදයක් නැතුව හැම කෙනෙක්ම කන්න කැමති දෙයක් නේ බයිට් කියන්නේ.ඒත් ඉතින් කඩේ විකුණන්න තියෙන බයිට් කෑවම රටේ නැති ලෙඩ හැදෙනවා කියලා තමයි දැන් නම් doctorsලා හැම වෙලේම කියන්නේ.ඒත් මොන ලෙඩ හැදුනත් බයිට් රසට පුරුදු වුණ බයිට් ලෝලීන්ට නම් bite කන්නේ නැතුව ඉන්න එක කරන්න බැරි දෙයක්.ඉතින් කඩේ තියෙන බයිට් කාල නිකන් බොරුවට ලෙඩ වෙන්නේ මොකටද?

අද Hello ladies තුලින් කියන්න යන්නේ කඩේ රසට ගෙදරදීම බයිට් හදාගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කඩල පිටි cup 1
  • සුදු ලූණු බික් 4
  • ලුණු
  • කහ
  • පොල්තෙල් මේස හැදි 4යි.
  • කරපිංචා කොල ටිකක්.
  • මිරිස් කුඩු තේ හැදි 1
  • බදින්න තෙල්

සාදන ආකාරය

  • මුලින්ම සුදු ලූණු ටික හොදට කොටලා ඒකටම වතුර ටිකක් දාලා පෙරා ගන්න.
  • ඒ වතුර ටිකට පොල් තෙල් මේස හැදි 4 දාලා හොදට මිශ්‍ර කරන්න.
  • ඊට පස්සේ පිටි,ලුණු දාලා හොදට mix කරගන්න.
  • ඝනකම වැඩි වගේ නම් වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්.
  • දැන් ඉතින් තෙල් තාච්චියක් ලිපේ තියලා හිල් හැන්දකින් හරි ඉදි ආප්ප වංගෙඩියකින් මිරිකගන්න.

හිතුවට වඩා ලේසියෙන් ඉක්මනට ගෙදරදීම බයිට් හදාගන්න පුළුවන් .අන්තිමට කරපිංචා ටික බැදල අරන් ඒකට මිරිස් කුඩු ලුණු කුඩු දාලා කලවම් කරල බයිට් ටිකට එකතු කරගන්න පුළුවන්.

ඔන්න අපි මෙච්චර කල් කඩෙන් රැගෙන කෑවා බයිට් කඩේ රසට ගෙදරදීම හදලා ඉවරයි.මේ විදියට බයිට් හදලා බෝතලයකට දාලා අරන් තියාගත්තොත් Film එකක් බලන වෙලාවට,පාඩම් කරන වෙලාවට, office එකේ වැඩ කරන වෙලාවට, කම්මැලි කමක් දැනෙන ඕනෙම වෙලාවකට බයිට් කන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here