හැමදාම ඉඳි ආප්ප නොකෑවත් ඉඳි ආප්ප වල රසය නම් ඔයා හොඳ හැටි දන්නවා.ඉඳලා හිටලා හරි ඉඳි ආප්ප කෑවත් හැමදාම එකම රසනේ. සාමන්‍යයෙන් ඉඳි ආප්ප හදන්නේ හාල් පිටි සහ පාන් පිටි වලින්. හැබැයි මං අද කියන්න යන්නේ වෙනස්ම විදිහට රුලං වලින් ඉඳි ආප්ප හදාගන්න විදිහ ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- රුලං කෝප්ප 1
- වතුර කෝප්ප 2
- ලුණු කුඩු තේ හැඳි 1/2
- පොල්තෙල් තේ හැඳි 1
සාදාගන්න ආකාරය
- භාජනයකට වතුර කෝප්ප 2ක් දාලා වහලා ලිපේ තියන්න.
- උතුරනකොට ලුණු තේ හැඳි 1/2ක් එකතු කරගන්න.
- පසුව පොල් තෙල් තේ හැන්දකුත් එකතු කරගන්න.
- වතුර නටනකොට ලිප නිවා රුලං ටික දාගෙන ලී පත්තකින් හොඳට කලවම් කරගන්න.
- රුලං වල ඇට ගතිය නැතිවෙලා පිටි ගුලියක් වගේ වෙනකල්ම හොඳට කලවම් කරගන්න.
- එය තලපයක් ලෙස ටිකක් ඝන වෙනකල් කලවම් කරන්න.
- ඉන්පසුව එය හැන්දකින් අනලා ඉඳිආප්ප වංගෙඩියට දාලා මිරිකන්න.
- දැන් ස්ටීමර් එක උඩ තියලා විනාඩි 30ක් විතර ස්ටීම් කරගන්න.
වෙනස්ම විදිහට, අලුත් රසකින් ඉඳි ආප්ප රස බලන්න. අමුත්තන්ට රෑ කෑම මේසයට පිළිගන්වන්නත් කදිමයි.



