ඔයා සහ ඔයාගේ දරුවො අතර තියෙන සම්බන්ධය මොන වගේද? දෙමාපියන් වගේම දරුවන් අතර සමීප සම්බන්ධයක් තියෙන family හරිම වාසනාවන්තයි.ඒ දරුවන්ට නිතරම අම්මා තාත්තගේ උපදෙස් ජීවිතේට ලැබෙනවා.ඒ දරුවො උත්සාහ කරනවා අම්මා තාත්තා වගේ වෙන්න අනාගතේදි.අම්මා තාත්තා ළමයි එක්ක සමීප නම් ඒ ළමයි තමන්ගේ ආදර්ශ චරිත බවට පත්කරගන්නෙ අම්මවයි තාත්තවයි.ඒ කියන්නේ එයාලගේ super hero වෙන්නේ අම්මයි තාත්තායි .ඉතින් අපි අපේ දරුවො එක්ක අපේ අතීතය ගැන කතා කරන එක හරිම වැදගත්. අතීතයේ අපට වැරදුණු තැන්, ඒවා නිවැරදි කරගන්න අපි මොනවද කළේ කියන එක ගැන දරුවන්ට කියාදෙන එක තරම් වැදගත් උපදෙස් දීමක් ඔවුන්ට තවත් තියෙනවද?
දරුවන් සමග කතා කළ යුතුයි ඔබ සිතන ඔබේ අතීත ජීවිතය

හිතන්න ඔයාගේ දරුවන් young අය නම් , ඔවුන් අලුත් experience සොයා යන Life එකේ ආධුනිකයින් බව.ඒ අලුත් අත්දැකීම් හොඳ වෙන්නත් පුළුවන්. හරිම නරක ප්‍රථිපල ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබත් ඒ වයස් සීමාවේදී ඒ සමාන අත්දැකීම් විඳ තියෙනවා ඇති. එහෙමනම් ඒවා ගැන ඔවුන් එක්ක කතා කරන්න. ඇතැම් විට ඒ මත්ද්‍රව්‍ය ඇබ්බැහියක් වෙන්නත් පුළුවන්. ඔවුන්ට කියා දෙන්න ඔබ එයින් ගැලවුනු විදිහ සහ ඒවායේ නරක ආදීනව ගැන. ඒ ළමයි අනිවාර්යයෙන්ම හරි මාර්ගය ජීවිතයට තෝරාගන්නවා ඇති එතකොට.
දරුවන් සමග සැබෑ සංවාදයක් ගොඩනගා ගන්නේ කෙසේද?

ඒ සඳහා හොඳ වේලාවක් තෝරාගන්න.ඔබ සහ දරුවන් විවේකයෙන් සිටින වේලාවක මේ කතා බහ ගොඩනැගෙනවා නම් එය ඔවුන්ගේ මනසට බලපෑමක් කිරීමේ හැකියාවෙන් වැඩිවෙනවා.ඒ වගේ අවස්ථාවක ඔවුන් ඔබට සවන්දීමට වැඩි උනන්දුවක් දක්වනවා.
විවෘතව කතා කරන්න

දරුවන් සමග කතාකරනකොට කිසි දෙයක් සඟවන්න උත්සාහ කරන්න එපා. ඔයාගේ life එකේ පෙර වැරදි ගැන විශේෂයෙන්ම කතා කරන්න.හිතන්න ඔයාගේ දැන් wife නැතිනම් දරුවන්ගේ මව සමග marry කලාට පස්සේ ඔබට තවත් අනියම් සබඳතාවයක් ඇති වෙනවා.එහිදී ඔබේ බිරිඳ වඩාත් නිවැරදිව ඉවසීමෙන් කටයුතු කළේ කොහොමද සහ ඔබට ඒ වැරදි මාර්ගයෙන් ගැලවෙන්නට සහයෝගය දුන්නේ කොහොමද කියලා දරුවන්ට පවසන්න මැලි වෙන්න එපා.ඔවුන්ගේ ජීවිත වල එවැනි අවස්ථා ඇතිවීමේ අවදානම එයින් සැලකිය යුතු මට්ටමින් අඩුවෙනවා.
නිවැරදිම තීරණය ගැනීමට ඔබ අනුගමනය කළ විදිහ කියාදෙන්න

ඔබේ නරක ඇබ්බැහියන් හෝ ඔබ මානසිකව වැටුණු තැන්වලින් නැවත නැගී සිටීමට ඔබ භාවිතා කළේ ඔබටම අනන්‍ය ක්‍රමවේදයක් වෙන්න පුළුවන්.නැතිනම් වෙන කාගේ හෝ උපදෙස් නිසා වෙන්නත් පුළුවන්. ඒ දේවල් ගැන දරුවන් එක්ක කතාකරන්න. එයාලගේ තර්කානුකූලත්වය ඉහළ නංවන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්.තීරණයක් ගන්නකොට හදිසියේ සිදු නොකළ බව සහ ඒ ගැන දෙතුන් වරක්වත් හිතන්න ඕනේ කියලා දරුවන්ට කියලා දෙන්න.එවිට වඩාත් නිවැරදි තෝරාගැනීම කරන්නට ඔවුන් ඉක්මන් නොවී කටයුතු කරන්න පෙළඹෙනවා.
ඉතින් මෙන්න මේ විදිහට ඔයා කටයුතු කලොත් කවදාවත් දරුවන්ට වරදින්නේ නැහැ.ඒ වගේම ඔයාගේ ජිවිතේ වෙනස් වුණ කතා දරුවන්ට කියලා දෙන්න.එයාලා ඔයාලා ඒ වෙලාවේ කරපු දේවල් ආදර්ශයට අරගෙන life එක success කරගන්න try කරනවා.එතකොට දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ



