අපි හැමවෙලේම බලන්නේ අපි ආදරේ කරන අය එක්ක happy එකේ ඉන්නනේ.එහෙම ඉන්නනම් අපි එයාලට special දවස් මතක තියාගන්න ඕනේ.birthday එක කියන්නෙත් අන්න ඒ වගේ දවසක් කියල ඔයාල දන්නවනේ.ඉතින් මම අද ඔයාලට කියන්න හදන්නේ,කොහොමද එයාව,එහෙමත් නැත්නම් husband ව surprise කරන්නේ කියලා.කොහොම වුණත් birthday එක හැමදාම celebrate කරන්න ලැබෙන්නේ නැහැනේ.අවුරුද්දකට එක පාරයිනේ birthday එකක් celebrate කරන්නේ.ඉතින් ඒ වගේ දවසක එයට සතුටු කළොත් මුළු අවුරුද්දෙම ඔයාලට happy එකේ ඉන්න හිතෙන්වනේ.අනිත් එක එයාගේ ආදරෙත් තවත් වැඩි වෙයි
මේ විදියට Surprise කරොත් ඔයාලගේ ආදරේ තව වැඩි කරගන්න පුළුවන්

අපි normally කොහෙදි හරි meet වුණාම photos, selfies ගන්නවනේ.සමහර Photos අපිට මගහැරෙන අවස්ථා තියෙනවනේ.ඒ වගේම එයාගේ random clicks ටිකකුත් එකතු කරගෙන explosion box එකක් හදාගන්න පුළුවන් නේද?මේක එච්චර ලොකු වැඩක් නෙවෙයි.මේක ඔයාගේ අතින්ම හදලා එයාට දුන්නා නම් එයා කොච්චර සතුටු වෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.එතකොට එයාගෙයි ඔයාගෙයි relationship එක තවත් ලස්සන වෙයි.ආ…..තව දෙයක්, මේකත් හොදට මතක තියාගන්න ඔයා මේක කරන්න ඕනේ එයාට හොරෙන් කියන එක.නැත්නම් ඒක surprise එකක් වෙන්නේ නැහැ.
Short film එකකින් එයාව Surprise කරමු

Short film එකක් කිව්වම ඔයා බය වුණා නේද ? නැහැ නැහැ මේක හරිම Easy වැඩක්.ඔයාට පුංචි දෙයයි කරන්න තියෙන්නෙ. එයාගෙයි ඔයාගෙයි ලස්සන video කිහිපයක් අරගන්න.ඔයාල happy එකේ හිටපු දවස් ,Life එකේ හැම step එකක්ම කලින් ඉදන්ම video කරලා තියාගන්න.ඒ ටික එකට එකතු කරලා පුංචි video එකක් හදල ලස්සන song එකකුත් දාන්න අමතක කරන්න එපා.ඔයාට පුළුවන් එයාගේ birthday එකට එයාට පෙන්න play කරන්න.ඒක නම් කරලම බලන්න ඕනේ දෙයක්.කරලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
එයාව Surprise කරනවා නම් පුංචි කපටි වැඩක් තියෙනවා.try කරලා බලමුද?

මේක නම් මම කලින් කියපු ඒවාට වඩා ටිකක් වෙනස්.ඒ වුණාට මේකෙන් ඔයාටත් fun එකක් ගන්න පුළුවන් වගේම මම කලින් කියපු Tricks වලටත් වඩා මේකෙදි එයා ගොඩක් surprise වෙන්න ඉඩ තියෙනවා.
මුලින්ම ඔයා එයාට කියන්න ඔයා එයාගේ birthday එක වෙනුවෙන් කරන්න හිතාගෙන ඉන්න දේ ගැන.ඊට පස්සේ එයා ගොඩක් hopes තියාගන්නවා කියලා ඔය දන්නවානේ.එදාට ඔයාට පුළුවන් පුංචි act එකක් කරන්න.ඔයාට එයාගේ birthday එකට කිසිම දෙයක් plan කරගන්න බැරි වුණ විදිහට act කරලා පස්සේ එක පාරටම surprise කරොත් ඒක සදහටම එයාගේ මතකයේ රැදෙන්න පුළුවන් නේද ?මේවගේ පුංචි කපටි වැඩක් කරාට එයා තරහ වෙන එකක් නැහැ.try කරලම බලන්නකෝ.
ඉතින් දැන් ඔයාට idea එකක් ඇති කොහොමද එයාව surprise කරන්නේ කියලා.කොහොමත් මට හිතෙනවා ඔයා හිතාගෙන ඉන්නේ කොහොමද partnerව surprise කරන්නේ කියලා.මම ඔයාට ඔයාලගේ problem එකට මම solution එකක් දුන්නනේ.දැන් ඉතින් surprise කරන්න තමයි තියෙන්නේ.



