Like
Like Love Haha Wow Sad Angry

ආමන්ඩ් ගැන ඔයා අහලා තියෙනවා නේද.ඔව් මම දන්නවා ඔයා අහලා තියෙනවා කියලා,හැබැයි ඔයා දන්නේ නැහැ නේද ආමන්ඩ් කියන්නේ hair එකට ,skin එකට වගේම තවත් ගොඩක් දේවල් වලට ඖෂධයක් වගේ දෙයක් කියලා.ඉතින් මට හිතුනා ඔයත් එක්ක අද ආමන්ඩ් ගැන කතා කරන්න.දැන් ඔයා කොහොමත් ආමන්ඩ් වලින් ලැබෙන දේවල් ගැන දැනගන්න ආසාවෙන් ඉන්නේ කියලා මම දන්නවා.ඒ නිසා අපි බලමුද ආමන්ඩ් වලින් මොනවද ලැබෙන benefit මොනවද කියලා.

මුලින්ම මම ඔයාට කියන්න හදන්නේ වැදගත් දෙයක්, ගොඩක් දෙනා ආමන්ඩ් තෝර ගන්නකොට පටලව ගන්නවා. ඒ පටලව ගන්න තැන තමයි ආමන්ඩ් වර්ග දෙකක් තියෙනවා තියෙන එක.සමහර විට ඔයාල මේක කලින් අහලත් නැතුව ඇති ,

  • Sweet ආමන්ඩ්
  • Bitter ආමන්ඩ්

ඉතින් මේ වර්ග දෙකෙන් sweet අමන්ඩ් ගැනයි මම අද ඔයාලට කියන්න හදන්නේ.ගොඩක් දෙනා sweet ආමන්ඩ් කියල හිතලා bitter ආමන්ඩ් තමයි use කරන්නේ.ඔන්න මම ඔයාට help එකක් කළා.ඔන්න ආයෙත් ආමන්ඩ් oil ගන්නකොට මතක් කරලා sweet ආමන්ඩ් oil ගන්න අමතක කරන්න එපා

ආමන්ඩ් වලින් ලැබෙන healthy benefits මොනවද කියල බලමු

ඔන්න ආමන්ඩ් කන්න කැමති අයට good news එකක් තියෙනවා.ආමන්ඩ් කොච්චර කෑවත් ශරීරයට කිසිම අහිතකර බලපෑමක් නැහැ කියලයි වෛද්‍යවරු කියන්නේ.ඒ වගේම ආමන්ඩ් අපේ කෑම වලට එකතු කරගත්තොත් heart problems control කරගන්නත් පුළුවන්.

තව Benefit තියෙනවා,

  • ආමන්ඩ් තෙල් වලින් පුළුවන් ශරීරයට අවශ්‍ය හොඳ Cholesterol (HDL) මට්ටම ඉහළ මට්ටමකට ගන්න.
  • ඒ වගේම සිරුරට අහිතකර Cholesterol Level එක අඩු කරන්නත් ආමන්ඩ් වලට පුළුවන්.
  • Skin cancers වගේ දේවල් වලිනුත් ආරක්ෂා කරන්න කරනවා.
  • ආමන්ඩ් Daily use කරොත් skin එකට වෙන දේ හිතාගන්නවත් බැරිවෙයි
  • ඔයාගේ මැලවුණු skin එකට අලුත් පණක් දෙන්න පුළුවන් විශ්මිත දෙයක් තමයි ආමන්ඩ් කියන්නේ.ඔයාගේ skin එක තව තවත් Fair කරගන්නත් ආමන්ඩ් ගොඩක් උදව් වෙනවා.
  • Pimples තියෙන අයට තවත් benefit එකක් තියෙනවා.pimple marks යවා ගන්නත්, pimples තියෙනවනම් ඒවා control කරගන්නත් කරනවා

ආමන්ඩ් Face Pack

  • ආමන්ඩ්
  • කුරුඳු කුඩු
  • මී පැණි

මේ දේවල් ඔක්කොම භාජනයකට දාලා මිශ්‍ර කරන්න. මිශ්‍රණය මුහුණේ ගාලා විනාඩි 20කින් සොදාන්න

ඒ වගේම ඔයාට පුළුවන් ඔලිව් ඔයිල්, ඇප්‍රිකොට් සහ ආමන්ඩ් අඩංගු වෙලා තියෙන scrub එකක් use කරන්න. ඒ වගේ scrub එකක් use කළොත් ඔයාගේ skin එකේ තියෙන මැරුණු සෛල ඉවත් කරනවා, සමේ තෙතමනය ආරක්ෂා කරනවා වගේම pimples ඇතිවීම පාලනය කරනවා.

ඔයාගේ Skin එකේ තෙතමනය දිගටම තියාගන්නත් ආමන්ඩ් වලට හැකියාව තියෙනවා.ආමන්ඩ් කියන්නේ dry skin, normal skin සහ oily skin කියන හැම skin එකකටම එක වගේම results ගන්න පුළුවන්.

ගොඩක් Middle age වල ඉන්න අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි pigmentation කියන්නේ.ඉතින් pigmentation වලටත් හොද solution එකක් තමයි ආමන්ඩ් කියන්නේ.හරි විදියට ඔයාලගේ skin එකට ආමන්ඩ් apply කළොත් හොඳ results ගන්න පුළුවන්.

ඒ වගේම Lips වල තියෙන Darkness සහ Dry ගතියටත් ආමන්ඩ් Use කරන්න පුළුවන්.

ඔයාට කරන්න තියෙන්නේ ආමන්ඩ් oil සහ ලෙමන් යුෂ මිශ්‍ර කරලා lips වල ආලේප කරන එක විතරයි.මේ treatment එක රෑට කරන්න

ආමන්ඩ් කොහොමද ඔයාගේ Hair එකටයි Scalp එකටයි Effective විදියට Use කරන්නේ කියල බලමු.

  • ආමන්ඩ් oil අරගෙන හිස්කබලේ ගල්වන්න
  • ඊට පස්සේ පනාවක් අරගෙන හොඳට හිස්කබලේ වදින විදිහට කොන්ඩේ පීරන්න

Dandruff කියන්නේ ගොඩක් දෙනාට තියෙන ලොකු Problem එකක්.ඔන්න මම එකටත් Solution එකක් අරන් ආවා.

  • පොල්තෙල්
  • ආමන්ඩ් ඔයිල්
  • ඔලිව් තෙල්

කොහොමද Use කරන්නේ..

  • මේ oil වර්ග 03 අරගෙන රත් කරගන්න
  • මිශ්‍රණය හිසකෙස් වල සහ හිස්කබලේ ගාලා massage කරන්න
  • ඊට පස්සේ හිසකෙස් හා හිස්කබල තුවකින් ඔතලා රැයක් තියාගෙන උදේට සෝදන්න හිසේ කැක්කුම සහ dandruff වලක්වා ගන්න මේ treatment එකෙන් පුළුවන්

ඉතින් දැන් ඔයාට බය නැතුව ආමන්ඩ් use කරන්න පුළුවන්.ඒ කියන්නේ හැමදාම වුණත් ආමන්ඩ් කන්න පුළුවන්.මොකද ඉතින් දැන් දන්නවනේ ආමන්ඩ් කියන්නේ ශරීරයට අහිතකර දෙයක් නෙමෙයි කියලා..beauty එකටත් ගොඩක් හොඳ benefit දෙන නිසා try කරලා බලන්න.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here