Like
Like Love Haha Wow Sad Angry

වැඩත් එක්ක Stress එක කියන දේ ඔයාට නිතරම ඇති වෙනවා කියලා මම දන්නවා.මේ Stress නිසා කරන්න තියෙන වැඩත් අමතක වෙලා ඔක්කොම කණපිට පෙරලෙන Time නම් ඕනී තරම්.කරන්න යන වැඩේ නෙමෙයි කරන්න වෙන්නේ.Emotions වැඩි වුනහම තමයි Stress එක වැඩිපුර ඇති වෙන්නේ.සමහර වෙලාවට මේ Stress එකම ඔයාගේ වැඩ Speed එකෙන් කරන්න උදව් වෙනවා.ඒ වුනත් ඔයා ඉන්නේ Too Much Stress එකකින් නම් ඒක ඔයාට ලොකු Problem එකක්. ඒක ඔයාගේ යහපැවැත්මට හානියක් ගෙන එනවා.ඉතින් ඒ නිසාම තමයි helloladies.lk අපි හිතුවේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ Stress එක ගැන කතා කරන්න.

Stress එක ඇති වෙන්න හේතු ගොඩක් තියෙනවා.May Be ඔයාටත් Stress එකට Reasons වුණේ මේ දේවල්ද කියලා බලන්න.

  • රැකියාවේ ගැටළු
  • Exam නිසා
  • විවිධ රෝග
  • ඔයයි එයයි අතරේ ඇති වුණ ප්රශ්න
  • පවුලේ ප්‍රශ්න
  • වෙනත් අයගේ ප්‍රශ්න

Stress ඇති වුණාම ඔයාට මොකද වෙන්නේ කියලා දන්නවද? Stress එක ඇති වූණාම ඇඟේ තියෙන Cortisol, Adrenaline වගේම Noradrenaline කියන Hormone වැඩිපුර ශ්‍රාවය වෙනවා.ඊට පස්සේ මේ Hormones ඔයාගේ blood වලට mix වෙලා Stress එක වැඩි කරනවා.හැබැයි ඔයාගේ Stress එක දිඟටම තියෙනවා නම් මේ Hormone Level එක වැඩි වෙලා මේ වගේ රෝග ලක්ෂණ ඇති කරනවා.

  • ඉක්මනින් තරහා යනවා වගේම අනවශ්‍ය බයක් ඇති වෙනවා
  • නිතරම ඍණ සිතුවිළි ඇති වෙනවා
  • අමතක වෙනවා
  • දහදිය දැමීම සහ වැඩිපුර කතා කිරීම
  • Decisions ගැනීමට අපහසු වීම
  • අධික මත්පැන් භාවිතය සහ දුම්පානය
  • සිත එකඟ කර ගන්න බැරි වෙනවා
  • Stomach pain සහ කරකැවිල්ල

මම කියපු මේ ලක්ෂණ ඔක්කොම ඔයාට ඇති වෙන්නේ නැහැ.මොකද එක්කෙනාගෙන් එක්කෙනාට ලක්ෂණ වෙනස් වෙනවා.ඒ කොහොම වුණත් මේ Stress එක නිසා ඔයාට සංකුලතා ගොඩක් ඇති වෙන්න ඉඩ කඩ නම් වැඩියි.මොකද Stress එක කියන්නේ ලෙඩ ගොඩකට මඟ පාදා ගැනීමක්.

Stress එක නිසා ඇති වෙන සංකුලතා

  • High Blood Pressure
  • අංශභාගය සහ හදවත් රෝග
  • Diabetes සහ විෂාදය (Depression)
  • නින්ද ආශ්‍රිත ගැටළු
  • ගැස්ට්‍රයිටිස් සහ ආමාශයේ තුවාළ හටගැනීම
  • ප්‍රතිශක්තිය (Immunity) අඩුවීම
  • ලිංගික කටයුතු වල ඇතිවන ගැටළු

දැන් ඔයා දන්නවනේ Stress එක ඇති වෙන්නේ ඇයි කියලා.මේ හැමදෙයක්ම එක්ක Stress එක Control කර ගන්නත් ඕනී.ඉතින් මම ඔයාට කියන්නම් Stress එක Control කර ගන්නේ කොහොමද කියලා.මේකට කරන්න තියෙන්නේ චුටී වැඩක් විතරයි.හැබැයි දිඟටම කරනවා නම් විතරයි මේක Control කර ගන්න පුළුවන්.

ඔයාට පුළුවන් Stress එක ගැන සති කිහිපයක් යනකන් පොතක ලියාගන්න ,ආතතිය ඇති වෙන වෙලාව,දිනය ,ස්ථානය ,ඔයත් එක්ක හිටියේ කව්ද කියන දේ වගේම Stress එකට හේතුව මොකක්ද කියලත් ඔයාට ලියා ගන්න වෙනවා.මේ විදහට සටහන් කරගෙන යනකොට තේරෙනවා ඔයාට වැඩිපුරම Stress එක හැදෙන්න හේතුව මොකක්ද කියලා.ඊට පස්සේ ඔයාට පුළුවන් Stress එක Control කර ගන්නේ කොහොමද කියලා හිතල බලන්න.

Stress එක Control කරන එක ඔයාම කරන්න.

  • ඔයාගේ මනසට කෙටි නිවාඩුවක් දෙන්න.මුහුදු වෙරළක, වනෝද්යානයක, හෝ වෙනත් ඔයා කැමති ඕනෑම තැනක ඇවිදින්න.සමහරවිට ඔයා මුහුදු වෙරළක වාඩි වී සිටීම, රැල්ලට සවන් දීම, සාගරයේ සුවඳ දැනීම, ගස්වැල් සුළගේ තාලයට සෙලවීම වැනි ශබ්ද ඔයාගේ මනසට සැහැල්ලුවක් ගෙනදෙයි.
  • භාවනා කිරීම, යෝගා කිරීමද ඔයාගේ Stress එක අඩු කරන්න ගොඩක් උදව් වෙනවා.
  • මේ වගේ වෙලාවට ඔයා මානසිකව වගේම කායිකව ද සැහැල්ලුවෙන් ගත කරන ඕනී නිසා Exercise කිරීම මඟින් ද ඔයාගේ සිරුර සහ මොළය යන දෙකම සන්සුන් කරගන්න පුළුවන්.
  • ඔයාට පුළුවන් හැම වෙලාවේම ගෙදර අයත් එක්ක කාලය ගත කරන්න.
  • පුළුවන් නම් ඔයා Office එකේ හෝ ඔබ වැඩ කරන තැන සුවඳ මල් පැලයක් රෝපණය කරන්න.එම සුවඳ විදින විට ඔයාගේ මනස සැහැල්ලු වෙයි.
  • ඒ වගේම ඔයාගේ Hobbies වලට මුල් තැන දෙන්න.පිහිනීම,බෝට්ටු පැදීම,චිත්ර ඇදීම,සිංදු අහන්න, නටන්න,පොතක් කියවන්න.යාළුවොත් එක්ක එකතුවෙලා Film එකක් බලන්න යන්න.
  • ඔයාගේ Stress එක අඩු කර ගන්න නම් ඔයාට ප්‍රමාණවත් නින්දක් සහ අත්‍යවශ්‍යයි.නින්දට ඔයාගේ සිත සැහැල්ලු කිරීමේ ලොකු හැකියාවක් පවතිනවා.
  • පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගන්න.ඒකෙන් ඔයාගේ ඇඟට වගේම මනසත් ශක්තිමත් කරන්න උපකාරී වෙනවා.
  • ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න අමාරුයි නම් ඒවා ඔයාගේ ළඟම කෙනෙක්ට කියන්න.කලබලය වෙන්නේ නැතුව ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න.
  • Stress එකෙන් මිදෙන කාලය කළමනාකරණය කරන්න පුරුදු වෙන්න. ඉන් ඔයාගේ වැඩ ප්‍රමාණය අඩු කරගෙන දවස සැහැල්ලුවෙන් ගත කරන්න ඔයාට පුළුවන්.
  • යහළුවන් සහ පවුලේ අය සමඟ සතුටු සාමීචියේ යෙදෙන්න අවස්ථාව යොදාගන්න.ඒකෙන් ඔයාගේ මනස සැහැල්ලු කර ගන්න වගේම සම්බන්ධතා වැඩිදියුණු කරගන්නත් ගොඩක් උදව් වෙනවා.
  • ඩිජිටල් උපාංග සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වීම, මත්පැන් පානය කිරීම සහ අධික ලෙස Caffeine පානය කිරීම ඔයාගේ Stress එක වැඩි කරන්න උදව් වෙනවා.ඒ නිසා ඒවයෙන් මිදිලා කාලය ගත කරන්න උත්සාහ කරන්න.

ඉතින් ඔයාට වදයක් වෙලා තිබුණ Stress එක පාලනය කර ගන්නේ මෙන්න මෙහෙමයි.මේ විදිහට Stress එක පාලනය කර ගන්න එක අමාරු වැඩක් නම් නෙමෙයි.ඔයාට තියෙන්නේ පොඩ්ඩක් Try කරලා බලන එක විතරයි.මේ විදිහට Try කරලා බලලා ඔයාගේ Stress එක නැත්තටම නැති කරලා දාන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here