ඇඹුල් රසයි මිරිස් රසයි එකතු වුණහම තියෙන රස මොනවගේද? දවල්ට ඔහේ කන කෑමට අලුත් විදියේ සලාදයක් තිබ්බොත් අර මන් කියපු රස දෙකත් එක්ක.ඇඹුල් කියද්දීත් කට ඇද වුණාට විනාඩි තුනෙන් එච්චර රස සලාදයක් හදන්නේ කොහොමද කියලා ඔයාට හිතුණා කියලා මම නම් දන්නවා.ඉතින් ඒක කොහොමද කියලා බලන්නත් එක්ක අපි හදලම බලමුකෝ.
මොනවද අවශ්‍ය වෙන්නේ

- සුදු විනාකිරි cup 1/4
- ලෙමන් යුෂ cup 1/4
- ඉඟුරු
- මිරිස් කරල් 2ක්
- සුදුළූනු ගෙඩි 2ක්
- කරාබුනැටි
- olive oil තේ හැදි 01
- තුනීයට කපාගත් ස්කොෂ් 150 g
- ලුණු
- ගම්මිරිස්
- බැසිල් කොළ
මේ විදිහට හදමු

- මුලින්ම සුදුළූනු සහ කරාබුනැටි හොඳට පොඩි කර ගන්න.
- දැන් භාජනයක් අරගෙන ඒකට විනාකිරි,ලෙමන් යුෂ, මිරිස් ,olive oil, ලුණු සහ පොඩි කරගත් සුදුළූනු, කරාබුනැටි මිශ්‍රනයත් දාලා හොඳට mix කර ගන්න.
- ඊළඟට කපාගෙන තියෙන ස්කොෂ් ටිකත් ඒ භාජනයකට දාලා විනාඩි 10ක් විතර seasoning කර ගන්න.
- අන්තිමට මම ඔයාට ගන්න කියපු බැසිල් කොළ ටික අරගෙන salad එක උඩින් තියලා සරසන්න.
ඔන්න ඉක්මනින්ම රසම රස salad හදන විදිය මම කියලා දුන්නා.හැමදාම එකම වගේ salad කාල ඇතිවෙලානේ මේක හදල බලන්නකෝ.රස ගැන හිතාගන්නත් බැරි වෙයි.



