අද වන විට ලෝකයේ smart girlsලා ඕනෑම දේකට ඔට්ටුයි.තමන්ගේ ගමන් බිමන් යන්න දැන් ගොඩක් girlsට එහෙමත් නැත්නම් කාන්තාවන්ට වාහන තියෙනවා. ඉතින් මේ කියන්න යන්නේ smart පෙනුමක් දෙන වාහන ගැන. කියවලාම බලන්න. smart girlsලට ගැලපෙන smart cars මොනවද කියලා.
Toyota Vitz

මෙය Hatchback model එකක්. Auto gear system එකක් තිබීම වගේම මේ car එකත් හරිම Smooth. Drive කරන්න ගොඩක් ලේසියි.පෙනුමත් හරිම හුරුබුහුටියි. මෙම Car වර්ගයේ Facelift සහ Non Facelift විදියට model 2ක් තියෙනවා. කාන්තාවන්ට Non Facelift model එක තමයි වඩාත්ම ගැලපෙන්නේ.
Toyota Aqua (Prius c)

මේක කාන්තාවන්ට හොඳින්ම ගැලපෙන වාහනයක්.මොකද මේකත් Hatchback model.ඊට අමතරව වාහනයේ ප්‍රමාණය සහ පෙනුම හරිම ආකර්ෂනීයයි. මේ වාහනයට Hybrid තාක්ෂණය එක්ක එකතු කරපු 1490ක එන්ජින් ධාරිතාවයක් සහිතව සිලින්ඩර් හතරක in-line water-cooled DOHC එන්ජින් එකක් පවතිනවා. Drive කරද්දී තියෙන Smooth වගේම හොඳ සුවපහසුවක් තියෙනවා.
Honda Fit

මෙම car එක හුරුබුහුටි පෙනුම සහ Hatchback model එකක් ඇති Auto gear system සහිත වාහනයක්. Hybrid තාක්ෂණය, හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තිබීම වගේම car එක ඇතුලත ලස්සන පෙනුමක් තියෙනවා.ඒ වගේම පදවන්න හරිම පහසුයි.
Perodua Axia

මෙයත් Auto gear system එකක් තියෙන සහ Hatchback model එකක් සහිත වාහනයක්.ඒ නිසා drive කරන එක හරිම පහසුයි. මේ වාහනය සාමාන්‍ය budget එකක් වීමද විශේෂත්වයක්.
Kia Picanto

මේ car එක නම් මුලින්ම වාහනයක් ගන්න හිතන ඔයාගේ budget එකට හරියටම ගැලපෙනවා. Hatchback පෙනුම සහ Curvy පෙනුම නිසා smart පෙනුමක් තියන වාහනයක්.ඒ වගේම මේක Auto gear සහ manual වර්ග දෙකෙන්ම එන කාර් එකක්.මේක නම් කාන්තාවන්ට හරියටම හරියන car එකක්
මේ තියෙන්නේ අද කාලයේ girl කෙනෙක්ට හොඳින්ම ගැලපෙන trend එක විදියට හඳුන්වන cars. ඒ වගේම කිසිම බයක් සැකක් නැතුව ඔයාගේ budget එකටත් හොඳින්ම ගැලපෙන car එකක් මිලදී ගන්න පුළුවන්.



