Like
Like Love Haha Wow Sad Angry

Bride කෙනෙක් වෙන්න ඉන්න ඔයාට වැදගත්ම දෙයක් තමයි ඔයාගේ පෙනුම.ඔයාගේ life එකේ වැදගත්ම දවසේ කැතට ඉන්න ඔයා පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා මම දන්නවා.මොකද එදාට ඔයා තමයි එදාට ලස්සනටම ඉන්න ඕනේ,මොකද ඒක ඔයාගෙම දවස,හැමෝම බලන්නෙත් ඔයාගේ දිහා.ඉතින් ළඟදී marry කරන්න ඉන්න ඔයාට වැදගත් වෙන Tips කිහිපයක් මම අද ඔයාට කියලා දෙන්නම්.Beauty විතරක්ම නෙමෙයි තවත් Tips ගොඩක් තියෙනවා.අපි බලමු ඒ මොනවද කියලා.

01) සියල්ලට පෙර මනස

හැමදෙයකටම කලින් ඔයාගේ මානසික සුවය තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ.මොකද stress වෙලා ඉන්න කෙනෙක්ට හරියට කිසිම දෙයක් කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.ඒ විතරක් නෙමෙයි ඔයාගේ පෙනුමටත් මේ stress එක බලපානවා.හැබැයි ඉතින් ඔයාට තියෙන වැඩ කන්දත් එක්ක stress එක නම් එනවා තමයි.පුළුවන් තරම් stress එක control කරගන්න බලන්න.හැමවෙලාවෙම tension එකෙන් මිදෙන්න පුළුවන් දේවල්ම කරන්න.සිත සැහැල්ලු වෙන Music වගේ දේවල් ඒ වෙනුවෙන් අහන්න.අනිත් කාරණාව තමයි plan එකකට අනුව වැඩ කරන්න.එතකොට stress එකක් නැතුව වැඩ ටික සැහැල්ලුවෙන් කරගන්න පුළුවන්.

මේ හැමදේමත් එක්ක හොඳ නින්දක් ගොඩක් වැදගත්.ඒකට උපරිම පැය 08 හොඳම ඇති.මොන තරම් beauty treatments කලත් හොඳ නින්දක් නැති වුණොත් tired පෙනුමක් තමයි ඔයාගේ wedding එක දවස දකින්න වෙන්නේ

02) Beauty එක special

ඔයාට තියෙන්නේ pimples තියෙන skin එකක් නම් මුලින්ම කරන්න ඕනේ ඒ pimples ටික නැති කර ගන්න එක.ඔයාට පුළුවන් dermatologist කෙනෙක් මාර්ගයෙන් ඔයාගේ beauty ප්‍රශ්න නිරාකරණය කරගන්න.ඒ වගේම ඔයාගේ beautician එක්ක කතා කරලා ඔයගේ skin එකට කරන්න පුළුවන් treatment ගැන කතා කරගන්න.

මේ දේවල් වලට අමතරව සිරුරට අවශ්‍ය තරමට ජලය පානය කරන්න.ඒ වගේම ඔයා එළියට යනවා නම් sun cream එකක් use කරන්න අමතක කරන්න එපා.

මුහුණ විතරක් නෙමෙයි දෑත් සහ දෙපා වල පිරිසිදුකම සහ පෙනුම ගැනත් මේ මාස කීපයේදී අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න.මෙනික්‍යු සහ පෙඩික්‍යු එකක් කරගන්න සැලෝන් එකකට සති තුනකට වතාවක්වත් යන්න.හැබැයි ඉතින් Wedding එකට සතියකට කලින් එක පාරක් මේ දේවල් කලා කියල ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා.

03) කොන්ඩෙත් අමතක කරන්න එපා

wedding එකට hair style එකක් කොහොමත් දානවනේ.ඒ නිසා කොන්ඩේ ගැන වැඩිය හිතන්න දෙයක් නැහැ කියලා හිතුවා නේද ?අන්න එතන තමයි හිතන්නම ඕනේ තැන.ඒ විදිහට hair style එකක් දාන නිසා අනිවාර්යයෙන්ම කොන්ඩේ නිරෝගීකම ගැන හිතන්න ඕනේ.Backcomb කරලා Spray කරලා එසේ මෙසේ වදයක් නෙමෙයි කොණ්ඩෙට දෙන්නේ.ඒ නිසා damage වෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩි.අන්න ඒ නිසා තමයි wedding එකට කලින් වගේම wedding එකෙන් පස්සෙත් කොන්ඩේ ගැන හිතන්න ඕනේ

අනිත් එක තමයි Hair Cut එකක් හරි Hair Color එකක් හරි කරගන්න ඉන්නවනම් ඊට කලින් ඔයාගේ wedding එකේ beauticianගේ උපදෙස් ලබාගන්න.මොකද ඔයාගේ මංගල දිනයට ඔබට සුදුසු hair style එක තීරණය කරන්නෙ ඔහු හෝ ඇය නිසා හිතුමතේට කොණ්ඩෙ කපන්න යන්න එපා.

04) Health එක ගැනත් හිතන්න

ඔයා ටිකක් මහත කෙනෙක් නම් wedding එකට කළින් ඔයාගේ body shape එක ගැන හිතන්නම ඕනේ.ඒ නිසා නැවුම් පලතුරු සහ එළවලු හැකි තරම් ආහාරයට එක් කරගන්න.ඒ වගේම ආහාර පාලනය කරන්න.ඒ වෙනුවෙන් Dietitian කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්න.wedding dress හදාගන්න කලින් ඔයා බලාපොරොත්තු වෙන ප්‍රමාණයට මහත අඩු කර ගන්න try කරන්න.ඔයා කෙට්ටු කෙනෙක් නම් ඔයාගේ බර ටිකක් වැඩි කරගන්න පුළුවන් දේවල් කරන්න.ඒ වගේම වෛද්ය සහයත් ලබා ගන්න.

මීට අමතරව ඔයාට පුළුවන් ව්‍යායාම කරන්න.gym එකකට ගිහින් හරි ගෙදරදීම හරි මේ ව්‍යායාම කරන්න පුළුවන් වුණත් සුදුසුකම්ලත් අයෙකුගෙන් උපදෙස් ලබාගන්නත් අමතක කරන්න එපා.

ඉතින් මම කියලා දුන්න මේ tips අනුගමනය කරලා wedding එක දවසට fresh එකේ ඉන්න.හැබැයි ඉතින් wedding එකෙන් පස්සේ wedding එකට කලින් කරපු දේවල් අමතක කරන්න එපා.ඒ කරපු දේවල් දිඟටම කරගෙන යන්න.එතකොට ඔයාට පුළුවන් හැමදාම ලස්සනට ඉන්න

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here