Like
Like Love Haha Wow Sad Angry

ඔයාගේ boyfriendගේ Birth Day එක හරි වෙනත් අවස්ථාවකදී ඔහුට Gift අරන් දෙන්න ගිහින් ඔයා අමාරුවේ වැටිලා තියෙනවා නේද ?සමහර අය Sales man කෙනෙක්ගේ Help එක ගන්නවා.තවත් සමහරු Office එකේ ඉන්න Boysලගෙන් අහනවා.මොකද boysලට Gift Select කරන එක එතරම් ලේසි නැහැ.මොකද එයාලා බලාපොරොත්තු වෙන දේවල් හරිම වෙනස්.අපිට වගේ නෙමෙයි එයාලට match වෙන්නේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් Gift.හැබැයි ලස්සනට පරිස්සමට අරන් තියෙන අයත් නැතිවම නෙවෙයි.මේ නිසා ඔයාට Boyfriend කැමති අකමැති දේවල් ගැන දැනීමක් තියෙන්න ඕනේ.අපි අද කියන්න යන්නෙත් පෙම්වතා දෙන්න පුළුවන් අපූරු තෑගි කිහිපයක් ගැනයි.

01) සුවඳ විලවුන් – Perfume

Perfume කියන්නේ එයාට අරන් දෙන්න පුළුවන් හොඳම තෑග්ගක්. ටිකක් මිල වැඩි වුණත් හොඳ Brand එකක් අරන් දෙන්න පුළුවන් නම් හොඳයි.අනිත් එක එයා Perfume එක Use කරද්දීත් ඔයාව මතක් කරයි.තව දෙයක් තියෙනවා සමහර සුවඳ එක්ක අපිට ලස්සන මතකයන් තියෙනවා.ඉතින් ඒ සුවඳ දැනෙනකොට එයාට ඔයාව අමතක වෙන එකක් නම් නැහැ.

02) අත් ඔරලෝසු – Watches

ගොඩක් පිරිමි අය Watches වලට කැමතියිනේ.මොකද ඒක හැම වෙලාවේම වගේ අතේ තියෙන දෙයක් නිසා.ඉතින් ඔයා එයාට Watch එකක් දුන්නොත් ඒක දකින හැම මොහොතේම පෙම්වතාට ඔයාව මතක් වෙයි.ඒ කොහොම වුණත් හොඳ Brand එකක් තියෙන Watch එකක් නම් ගොඩක් වටිනවා.

03) ටයි පටි – Tie

Tie එක කියන්නේ පිරිමි අය ගොඩාක් ආඩම්බරයෙන් පළඳින දෙයක්.ඒ වගේම Tie එකෙන් එයාගේ Profession එක , වැදගත්කම, සමාජ තත්වය වගේ ගොඩාක් දේවල් පෙන්නුම් කරනවා.ඔයා දෙන Tie එක දකින අය ලස්සනයි කියනකොට ඒක ගැන එයා හිතින් ආඩම්බර වෙයි.ඒ විතරක් නෙමෙයි ඔයා ගැන තියෙන ආදරේ තවත් වැඩිවෙයි.

04) පර්ස් එකක් – Purses

සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවයේ අය පර්ස් එක තියාගන්නේ ඔයා වගේ බෑග් එකේ දාලා නෙමෙයිනේ.සාක්කුවේ හරි එහෙමත් නැත්නම් අතේ.අනිත් එක එයාලා ඔයා වගේ කාලෙන් කාලෙට පර්ස් ගන්නෙත් නැහැ.එකම පර්ස් එක අවුරුදු 3,4ක් වුණත් පරණ වෙනකන් use කරනවා.ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ boyfriend ට හොඳ පර්ස් එකක් අරන් දෙන්න.එයා අතට සල්ලි ගන්න හැම වෙලාවේම එයාට ඔයාව මතක් වෙයි.

05) ඇදුමක් – Clothes

එක එක Fashion වල ඇඳුම් වලට එයාලා ගොඩාක් කැමතියි.හැබැයි සාමන්‍යයෙන් Office අඳින්න ඇඳුමක් තෑගි දෙනවට වැඩිය Casual අඳින්න පුළුවන් ඇඳුමක් දෙන්න.මොකද Office ඇන්දම ඉක්මනට ඇඳුම් නාස්ති වෙනවා.ඒත් Casual එකක් දුන්නම ඒක එයා ළඟ කාලයක් තියෙනවනේ.

ඉතින් ඔයාට පුළුවන් මේ නත්තලත් එක්කම එයාව පුදුම කරවන්න.අනිත් එක ඔයා හිත හිතනේ හිටියේ කොහොමද කරන්නේ.මොනවද එයාට දෙන්නේ කියලා.ඔන්න ඉතින් මම අද ඔයාගේ ප්‍රශ්නේ විසඳුවා.දැන් ඉතින් shopping කරන්න ගියහම මේ දේවල් වලින් එයාට ගැලපෙන දෙයක් අරගෙන Christmas එකට එයාව Surprise කරන්න

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here