Like
Like Love Haha Wow Sad Angry
5

හැමදාම Powder එකයි lipstick එකයි විතරක් use කරලා makeup දාපු කාලේ ගියා.මේ කියන යන්නේ අලුත්ම makeup trend එක ගැන.ඒ තමයි Contouring Makeup.මේකෙන් වෙන්නේ ඔයාගේ මුහුණේ Shape එක කැපිලා පේන විදිහට විශේෂ කොටස් කිහිපයක් මතු කර පෙන්වනවා.මෙම makeup ක්රමය කලින් use කරලා තියෙන්නේ modelsලා සහ Photo Shoots වලට විතරයි. හැබැයි මේ වන විට සාමාන්‍ය තරුණියන් අතරත් එය ගොඩක් famous. අපි දැන් බලමු මේ Contouring Makeup එක නිවැරදිව කරන්නේ කොහොමද කියලා.

ඒ සඳහා ඔබට අවශ්‍ය වන දේවල්,

01) Powder හෝ cream

මුලින්ම ඔයා use කරන makeup වර්ගය පැහැදිලිව තෝරාගන්න.හැබැයි මතක තියාගන්න මේ Contouring Makeup එක කරද්දී ඔයා use කරන Foundation එක සහ Contouring සඳහා use කරන දේවල් සියල්ලම එකම වර්ගයක් වෙන්න ඕනේ.ඒ කියන්නේ ඒ සියල්ලම Powder හෝ cream වර්ග වෙන්න ඕනේ.හැබැයි powder සහ cream Mix කරලා use කරන්න එපා.Contouring Makeup එකකට ගොඩක් match වෙනේ powder වුණත් ඔයා makeup වලට අළුත් කෙනෙක් නම් cream ආලේපනය කිරීම වඩා පහසු වෙනවා.

02) Matte make up

Contouring Makeup එකක් කරද්දී ඔයා මතක තියාගන්න ඕනේ මූලිකම දෙයක් තමයි Matte makeup use කරන හැටි.කිසිම වෙලාවක දිලිසෙන ස්වභාවයක් එන makeup වර්ග තෝරා ගන්න එපා.ඒකෙන් makeup එකට finishing එකක් ගන්න බැහැ.ඒ වගේම මේකේ 01st Step එක තමයි Foundation එක. ඒක ඔයාගේ skin colour එකට mach වෙන එකක් ගන්න වග බලාගන්න.

03) ලා තද පාට Foundation

ඔයාගේ Skin colour එකෙන් Foundation ආලේප කළ පසු එම පැහැයට වඩා ලා පාට සහ තද පාට Foundation දෙකක් ගන්න. මතක තියා ගන්න වඩාත් natural look එකක් එන makeup එකක් අවශ්ය නම් ගොඩක් ලා හෝ තද පාට Foundation එකක් use එපා.

04) හොඳ Blending Brush එකක්

දැන් ඔයා හොඳ Blending Brush එකක් තෝරා ගන්න.සාමාන්‍යයෙන් Contouring Makeup එකකදි අපි කරන්නේ highlight වෙන්න ඕන තැන් highlight කරන එක සහ shade කරන්න ඕන තැන් shade කරන එක.මේ සඳහා use කරන colours දෙක ඔයාගේ skin colour එකට mach වෙන්න ඕනේ.එහෙම නැත්නම් ඔයාට Artificial පෙනුමක් ලබාදෙයි.හැමවෙලේම blush දෙකක් use කරන්න පුරුදු වෙන්න.ඔයා Cream use කරනවා නම් sponge එකක් හෝ ඇඟිලි use කරන්න.

Contouring Makeup එක use කරන හැටි.

01) මුලින්ම ඔයා මුහුණ හොඳින් පිරිසිදු කරගන්න. ඕනම makeup එකක් කරද්දී ඔයගේ මුහුණේ පිරිසිදුකම ගොඩක් වැදගත්. හිසකෙස් මුහුණට නොවැටෙන ආකාරයට කෙස් කළඹ හොඳින් ගැට ගසාගන්න. සාමාන්‍ය ආකාරයට ඔයාගේ skin colour Foundation සහ Concealer ආලේප කරගන්න.

02) ඉර එළිය කෙලින්ම ඔයාගේ මුහුණට වැටෙන ස්ථාන හඳුනාගන්න.ඒ සඳහා ඔයාට පුළුවන් මේ ක්‍රමය අත්හදා බලන්න. ඔයාගේ හිසට ඉහළින් light එකක් තියෙන room එකකට ගිහින් එහි එළිය ඔයාගේ මුහුණේ වැටෙන ස්ථාන ගැන අවදානය යොමු කරන්න.( නළල මැද, ඇහි බැමට ඉහළ, නාසය මැද දාරය,කම්මුල්වල ඉස්සුනු කොටස (ඇසට පහළින්), නාසයත් උඩ තොලත් අතර සහ නිකට)

දැන් ඔයාගේ skin colour වඩා ලා පැහැ Foundation එක ගෙන අඟල් 1\2ත් අඟලත් අතර ඉරි එම ස්ථානවල ආලේප කරන්න.

03) දැන් පෙර පරිදිම ඔයාගේ මුහුණේ ඉර එළිය නොවැටෙන අඳුරු ස්ථාන හඳුනාගන්න.(නළලේ Hairline එක ලඟ ප්‍රදේශය , නළලේ දකුණු සහ වම්පස Hairline එකට ලඟ ප්‍රදේශය , නාසයේ දෙපස, කට උල් කළ පසු වල ගැසෙන කම්මුලේ දෙපස, හකු ප්‍රදේශය (කණ ලඟ සිට නිකට තෙක්)

දැන් එම ස්ථාන වල පෙරට වඩා සිහින්ව තද පාට Foundation එකෙන් ඉරි ඇඳගන්න.

04) Contouring Makeup එකේ finishing එක ලස්සන වෙන්නෙ මෙන්න මේ අන්තිම පියවරෙන්. මුලින්ම ලා පැහැය ආලේප කරගත් ප්‍රදේශය blend කරගන්න.පසුව වෙන brush එකක් ගෙන හෝ ඒ brush එකෙන්ම තද පැහැය සහ ලා පැහැය කෙටි රවුම් ආකාරයට blend කරගන්න.

05) දැන් ඔයාට අවශ්‍ය නම් ඇස් යට ප්‍රදේශයට Highlight එකක් use කරන්න පුළුවන්. ඒ වගේම කම්මුල් වලට වඩා ප්‍රාණවත් පෙනුමක් ලබා දෙන්න blush කරන්න. අවසානයට eye makeup එක සහ lipstick වලින් makeup එක අවසන් කරන්න. Contouring Makeup එකට ඔයා cream use කළා නම් අවසානයට mat look ලබාගන්න Setting powder එකක් use කරන්නත් පුළුවන්.

Contouring Makeup කියන්නේ ඔයාගේ මුහුණේ shape එක ඉස්මතු කරලා කැපිලා පෙනෙන විදිහට මුහුණේ විශේෂිත කොටස් කීපයක් මතු කර පෙන්වන එකනේ.ඉතින් ඔයාට පුළුවන් මේ Makeup එක දාලා බලන්න.ඒ වගේම party එකකට වුණත් මේ make up එක දාගෙන යන්න පුළුවන්.අනිත් එක හැමෝම අතරේ කැපිලා පේන්න ඉන්න එකත් simple වැඩක්

Like
Like Love Haha Wow Sad Angry
5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here