මල් ගැන නම් කතා ගොඩයි. හැබැයි අපි කතාකරන්න යන්නෙ wedding එකකට හරියටම හරියන මල් තෝරාගැනීම ගැනයි.wedding සහ flowers අතර අද තියෙන්නෙ බිඳින්න බැරි සම්බන්ධයක්. flowers නැතුව wedding ගන්නත් බෑ වගේ. ඔයාගෙ lifestyle එක සහ creativity එක ලෝකෙට පෙන්නන්නත් මල් ලොකු සහයෝගයක් ලබා දෙනවා.wedding planing වලදි මල් තෝරනවා කියන්නෙ හරිම වැදගත් වගේම funny වැඩක්. ඒ වැඩේදී අපි සැලකිලිමත් වෙන්න ඕනෙ කරුණු කීපයක්ම තියෙනවා.
Budget එක

වෙඩින් එකට මල් තෝරන්න යද්දි වැදගත්ම දේ තමයි ඔයාට ඒ සඳහා වියදම් කරන්න පුළුවන් උපරිම මුදල කීයද කියල සැලසුමක් තියෙන එක. එහෙම budget එකක් තියෙද්දි ඔයාට එයා එක්ක Floral Designer ඉදිරියේ වාඩිවෙලා ඔයාලගේ plan එක කියන්න හරිම easy.ගොඩක් couple එයාලගෙ wedding budget එකෙන් සියයට අටක්ම floral decorations වෙන් කරනවා කිව්වම ඔයා පුදුම වෙයි. හැබැයි ඒක තමයි ඇත්ත.ඒ නිසා floral decorations වලට ඒ තරම් වියදමක් කරන්නේ නැතුව budget එක වෙන් කරගන්න
Floral Designer සොයාගන්න

ඔයාගෙ හිතේ තියෙන පාට ගැන Floral Designer එක්ක කතා කරන්න. ඒ colour theme එකට ගැලපෙන්න decoration කරන්න ඕනෙ විදිය සහ wedding එක තියෙන තැන අනුව Decoration කරන්න ඕනෙ කොහොමද කියන හැමදෙයක් ගැනම එයා කියයි.professional florist කෙනෙක්ගේ advice ලබා ගැනීම නිසා මුදල් අපතේ යන එක වළක්වාගන්නත් ඔයාට පුළුවන්. professional florist කෙනෙක් හොයනකොට ඔහු හෝ ඇය කලින් කරපු සැරසිලි නිර්මාණ මොනවද කියලත් හොයලා බලන්න. ඒවා ගොඩක් වෙලාවට ඔවුන්ගේ face book ,Instagram වගේ social media වලින් හොයාගන්න පුළුවන්.
ඒ වගේම Floral Designer හමුවෙද්දි මේ වගේ දැනුමකින් ඔයා පරිපූර්ණ නම් ඒක ලොකු පහසුවක් වෙනවා.ඔයාගෙ අදහස් මොන වගේද කියලා දැනගන්න එක මල් සැරසිලි ශිල්පියා/ශිල්පිණියටත් හරිම පහසුවක් වෙයි.ඒ නිසා එයාගෙ අදහස් ඔයාට කියන්න.
ටිකක් දැනගෙන ගියොත් Easy

wedding එකට ඕනෙ කරන Floral Decorations කිරීම ගැන ඔයාට Great knowledge එකක් නැති වෙන්න පුළුවන්.ඒත් මේ Subject එක ටික ටික හරි දැනගෙන හිටියොත් ඔයාව රවට්ටන්න කාටවත් බැහැ.ඒ කොහොම වුණත් විශේෂයෙන්ම flowers ගැන දැනගෙන ඉන්න එක හරිම වටිනවා.රෝස,ලිලී කියන්නෙ ඒ වගේ Normally use කරන flowers.ඉක්මනින් පරවෙන්න බලන්නේ මොන මල් වර්ගයද,ගොඩක් වෙලා fresh ගතියෙන් තියෙන මල් ජාති මොනවද වගේ Details ගැන දැනුවත් වෙන එක හොඳයි.ඔයා Floral Decorations ගැන කිසිම දෙයක් නොදැන Floral Designer ළඟට ගියොත් වෙන්නෙ නොදන්න භාෂාවක් කතාකරන Foreigner කෙනෙක් ළඟට වෙලා ඉන්නවා වගේ ඉන්න තමයි.
Flower Bouquet එකෙන් පටන් ගමු

Wedding Photos වල ගොඩක්ම පේන්න තියෙන දෙයක් තමයි Flower bouquet එක. එහෙමත් නැතිනම් මල් කළඹ .විශේෂයෙන්ම Wedding එකට එන ගොඩක් අය කතාකරන දෙයක් තමයි bride ළඟ තියෙන Flower bouquet එක කියන්නෙ.ඒ නිසා Floral Designer එක්ක Flower bouquet design කරන එක ගැන කතා කරන එක හරිම වැදගත්. මනමාලි විතරක් නෙවෙයි දෙවැනි මනාලියන් වගේම flower girls ලාටත් Flower bouquet design කරන නිසා ඒ ගැන Plan නොකර ඉන්න එපා.
wedding එකේ වැදගත්ම දෙයක්නේ flower declarations කියන්නේ.ඉතින් මම අද ඔයාට කියලා දුන්නා wedding declarations කරන්න කලින් මොනවගේ දේවල්ද කරන්න ඕනේ.කොහොමද plan කරන්නේ කියලා.දැන් නම් අනවශ්‍ය budget හදාගෙන worry වෙන්න ඕනේ නැහැ.



