Kidney කියන්නේ අපේ ඇඟේ තියෙන හරිම වැදගත් වැඩ කොටසක් ඉටුකරන අවයවයක්.අපේ ශරීරයේ urinary system එක කොටසක් වන Kidney වලින් මුත්‍රා පෙරීමේ වැදගත් කාර්යභාරය ඉටුකරනවා.වකුගඩු ආශ්‍රිත සුලබ වගේම ජනප්‍රියම රෝගයක් තමයි ‘Kidney stones’.Kidney වල ඇතිවෙන stone, urinary system එක ඔස්සේ පිටවීමේදී දැනෙන වේදනාව දරුවෙකු ප්‍රසුත කිරීමේ වේදනාවට සමානයි කියල තමයි කියන්නෙ.
ඉතින් වකුගඩු ආසාධන කියන්නෙත් භයානක තත්ත්වයක්.ලෝකය පුරා Kidney cancer වලින් වර්ෂයකට 14,000ක් පමණ ප්‍රමාණයක් මිය යනවා වගේම වර්ෂයකට වකුගඩු පිළිකා රෝගීන් 63,990ක් පමණ හොයාගන්න පුළුවන්.
අපි මේ කතාකරන්න යන පානයන් වකුගඩු සෞඛ්‍ය ආරක්ෂා කරන්න කොයිතරම් වැදගත් මෙහෙවරක් කරනවද කියලා මේ ලිපිය කියවලාම දැනගමු.
බීට් ජූස් – Beet Juice

සමහර විට ඔයා අහලා ඇති Beet වලින් අපේ kidney වලට හානි වෙනවා කියලා.එහෙමත් නැත්නම් Beet ගොඩක් කෑවොත් Kidney වලට හොඳ නැහැ කියලා.ඒ කතාව මගේ යාලුවෙකුත් මට කිව්වා.ඊට පස්සේ මම මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා හොයලා බැලුවා.එතකොට තමයි මම හොයා ගත්තේ ඒ කතාව බොරු කියලා. අපේ Kidney පිරිසිදු කරන්න වගේම Liver එක නීරෝගීමත්ව තියන්න Beet Juice වලට තියෙන හැකියාව හිතාගන්නවත් බැහැ. Beet Juice වලින් මුත් රාවල ආම්ලිකතාවය වර්ධනය කරවනවා වගේම වකුගඩු වල කැල්සියම් ඉවත් කරන්නත් පුළුවන්. ඒ නිසා වකුගඩු ගල් ඇතිවීම පාලනය වෙනවා.බීට් ජූස් පානය කිරීමෙන් ශරීරයේ රුධිරය පිරිසිදු වෙන නිසා වකුගඩුවලින් කෙරෙන කාර්යභාරය තවත් පහසු වෙනවා.
ඉඟුරු තේ – Ginger tea

ඉඟුරු කියන්නේ තවත් එක කුළුබඩු වර්ගයක් විතරක් නෙවෙයි.ඉඟුරුවලින් ලැබෙන ප්‍රතිලාභ බොහෝමයක් තියෙනවා, විශේෂයෙන්ම වකුගඩු සෞඛ්‍යට විශාල මෙහෙයක් ඉඟුරුවලින් ලබාගන්න පුළුවන්.ඉතින් මොකක්ද කරන්න පුළුවන් කියලා මම කියලා දෙන්නම්.හොඳින් සෝදාගත් කැබලි වලට නොකැඩූ ඉඟුරු කැබැල්ලක් උණුවතුර බඳුනකට දමා මිනිත්තු පහක් විතර වහලා තියන්න.හැබැයි ඉතින් ඔයාට හිතෙනවා නම් මේක ටිකක් සැර වැඩියි,බොන්න බැහැ කියලා සීනි ටිකකුත් එකතු කරගන්න.kidney diseases ඇති වෙන එක පාලනය කරගන්නන ඉඟුරු තේ කියන්නේ හොඳම විසඳුමක්.
ලෙමන් ජූස් – Lemon Juice

අපි Lemon Juice ගැන අහලා තියෙන්නෙ ශරීරයේ මේදය පාලනයට වගේම අක්මාවේ නිරෝගීතාවයට හේතුවන පානයක් විදියට.හැබැයි ලෙමන් ජූස් අපේ kidney වල කදිම මිත්‍රයෙක් කිව්වොත් ඔයා පුදුම වෙයි.වකුගඩු වල Ca ඉවත් කරන්න ලෙමන් ජූස් වලින් ලැබෙන දායකත්වය විශාලයි.ඒ නිසා වකුගඩු වල ගල් හැදෙන්න තියෙන අවදානමත් ගොඩක් දුරට අඩුවෙනවා.
කහ තේ – turmeric tea

turmeric කියන්නෙත් අපිට Healthy Benefits රාශියක් ලබා දෙන තවත් කුළුබඩු වර්ගයක්.Kidney ආශ්‍රිතව ඇතිවන දැවිල්ල නැති කරන්න turmeric වලට විශේෂ හැකියාවක් තියෙනවා.Kidney රෝග ඇතිවෙන්න දෙවැනියට වැඩිම දායකත්වයක් දෙන්නෙ Blood Pressure.මේ Blood Pressure එක Control කරන්න turmeric වලින් වැදගත් සහයෝගයක් ලැබෙනවා.ඒ විතරක් නෙවෙයි වකුගඩු පිරිසිදු කරනවා.ඒ කොහොමද කියලා මම කියලා දෙන්නම්.උණු වතුර කෝප්පයකට turmeric powder තේ හැඳි 01ක් එකතු කරලා විනාඩි 10 විතර තියන්න.ඊළඟට Lime juice සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරලා පානය කරන්න.
මේ වගේ simple වැඩ ටිකක් තමයි ඔයාට කරන්න තියෙන්න.මේ වෙනකොට ලංකාවේ වුණත් kidney disease තියෙන අය ඕනේ තරම් හොයාගන්න පුළුවන්.ඉස්සර නම් අපි දැනගෙන හිටියේ අනුරාධපුරය, පොලොන්නරුව වගේ ප්‍රදේශ වල තමයි මේ රෝගය තියෙන්නේ කියලා.හැබැයි දැන් නම් එහෙම නැහැ කියලා ඔයාට තේරෙනවා ඇති.



