Brain එක කියන්නෙ අපේ ශරීරයේ තියෙන සියුම් වගේම වගේම සංකීර්ණම අවයවයක්.මොළයට වෙන පුංචිම පුංචි හානියක් වුණත් ජීවිතේට ලොකු බලපෑමක් කරන්න පුළුවන්.හැබැයි අපේ සමහර පුරුදු නිසා අපිත් නොදැනිම මොළයට ලොකු හානි කරගන්නවා.ඒ වගේ සමහර නරක පුරුදු නිසා අපේ මොළයේ සියුම් සෛල වලට හානි වෙලා Anxiety ,stress, ඇල්ෂයිමර් , ආඝාතය, Epilepsy විතරක් නෙවෙයි Brain cancer පවා ඇතිවෙන්න පුළුවන්.අපි බලමු මෙච්චර ලෙඩ ගොඩක් ඇති කරන නරක පුරුදු මොනවද කියලා.
Breakfast එක මග හැරීම

Breakfast එක කියන්නේ අපේ දෛනික ජීවිතයේ වැදගත්ම ආහාර වේල කියලා පොදු පිළිගැනීමක් තියෙනවා.උදේ ආහාර වේල දිගු කලක් තිස්සේ මග හැරීමෙන් ශරීරයේ සීනි මට්ටම අඩුවෙන්න පුළුවන්.ඉතින් සීනි මට්ටම අඩුවෙනවා කියන්නේ අපේ Brain එකට හානි වෙන්න පුළුවන් ප්‍රධානම රෝග තත්ත්වයක්.ඒ මොකද දන්නවද අපේ ශරීරයේ අනෙක් සෑම අවයවයකටම වඩා මොළය විසින් ශක්තිය භාවිතා කරන නිසා.
නිදාගන්න වෙලාවක් නැද්ද.

සමහර දවස වලට අපිට හරියට නින්දක් නැති වුණොත් ඊළඟ දවසේ ඇඟට දැනෙන pain එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ නේද? හැබැයි අපේ සමහර අය දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නේ නැතුව ඉන්නවා.සමහර විට එයාලගේ job එකේ වැඩ කටයුතු නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුරුද්දටත් වෙන්නත් පුළුවන්.හැබැයි ඒ කොහොම වුණත් මේක හරිම භයානකයි.ඒ නිසා දවසේ වැඩ රාජකාරි Manage කරගෙන දිනකට ප්‍රමාණවත් නින්දක් ලබාගන්න උත්සාහ කරන්න.මොළයේ නීරෝගී ක්‍රියාකාරීත්වයට ඒක හරිම වැදගත්.
හැමවෙලාවෙම කා කියාගත්ත ගමන්මද ඉන්නේ.

තරබාරුව හා ඩිමෙන්ෂියා රෝගය අතර අප නොසිතන ආකාරයේ සම්බන්ධයක් තියෙනවා කියලා Scientistsලා අනාවරණය කරගෙන තියෙනවා.ඩිමෙන්ෂියා කියන්නේ මොළයට හානි ගෙන දෙන රෝගයක්.තරබාරුව ඇති වෙන්න වැඩිපුර ආහාර ගැනීමත් හේතු වෙනවා.පිෂ්ඨය අධික කෙටි කෑම වලට අපි බොහෝ දෙනා හුරුවෙලා ඉන්නවා.2015 වර්ෂයේදී ලොව පුරා ඩිමෙන්ෂියා රෝගීන් මිලියන 45ක් වාර්තා වෙනවා.ඒ කාලයේදී එක්සත් ජනපදයේ තරබාරු ප්‍රතිශතය 11.1% සිට 30.6% දක්වා ඉහළ යාමක් පෙන්නුම් කරනවා.
දුම් පානය

දුම් පානයේ side effect ගැන ලෝකය පුරා පර්යේෂණ බොහෝමයක් කරලා තියෙනවා.ඒ පර්යේෂණ වලින් දුම් පානය නිසා මොළයේ සෛල පටලයන්ට වගේම සියුම් Nerves වලට හානි වෙනවා කියලා තහවුරු කරලා තියෙනවා.මොළයට විතරක් නෙවෙයි තවත් ගොඩක් අවයව වලට හානි කරන්නත් මේ දුම් පානයට පුළුවන්.ඉතිං smoke කරන එකෙන් වැළකිලා ඉන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.
ප්‍රමාණවත් තරමට ජලය පානය නොකිරීම

අපේ ශරීරයෙ 70%ක් පමණ අඩංගු වන්නේ ජලය බව ඔබ දන්නවාද?
මොළයේ ක්‍රියාකාරීත්වය ඇතුළුව ශරීරයේ ක්‍රියාකාරීත්වයට ජලය ඉතාම වැදගත්.දැන් අපිට වතුර තිබහ දැනෙන විට එය නොසලකා හැරීම තරමක් භයානකයි.නමුත් අපේ කාර්යබහුලත්වය නිසා අවශ්‍ය වෙලාවට වතුර බොන එකත් මඟ හැරිලා යනවා.එහෙම ඉතින් වෙන්නෙත් අපිටත් නොදැනිමයි.ඔයා office එකක වැඩ කරන busy කෙනෙක් නම් විශේෂයෙන්ම වායු සමීකරණය කළ පරිසරයක වැඩ කරනවානම් ජලය බෝතලයක් ළඟ තබා ගැනීම ගොඩක් වටිනවා.
අධික සීනි භාවිතය

ඔයා සීනි අධිකව භාවිතා කරන කෙනෙක්ද? නියමිත ප්‍රමාණයට වඩා සීනි ලැබීමෙන් අපේ ශරීරයේ නීරෝගීතාවයට හානි වෙනවා.අධික සීනි මොළයේ සෛලවලට හානි ගෙන දෙනවා.ඒ වගේම අපි ගන්නා ආහාරවල වැදගත් පෝෂකයන් අවශෝෂණය කරගැනීමේ හැකියාව අධික සීනි නිසා මගහැරෙනවා.අධික සීනි නිසා වෙන තවත් දෙයක් තමයි මතකය පාලනය කරන මොළයේ කොටස්වලට හානිවීමට.ඒක නම් ලොකු අවදානමක් තියෙන දෙයක්.
ඉතින් ඔයාගේ life එකේ මේ වගේ දේවල් මඟ හැරෙනවා කියලා මම දන්නවා.මොකද දන්නවද ඒ ඔයාගේ තියෙන busy life එක නිසා.හැබැයි ඉතින් මම ඔයාට කියපු දේවල් කරන්න ඔයා පුරුදු වෙලා ඉන්නවා නම් ඒවා නතර කරන එක තමයි හොඳම වැඩේ.මොකද අපි අපිවම ලෙඩ කරගන්නේ නේද?



