Like
Like Love Haha Wow Sad Angry
13

කවුරු හරි කෙනෙක් එක පාරටම ඇදගෙන වැටෙනවා.කොහෙවත් පැටලිලා නම් නෙමෙයි.එක පාරටම අත පය දරදඩු වෙලා වැටෙන කෙනෙක් ගැන කිව්වේ.ඔයා දැකලා තියෙනවද එහෙම කවුරුහරි වැටෙනවා.ඒ තමයි හැමෝම දන්නා ෆිට් එක.එහෙමත් නැත්නම් අපස්මාරය කියන්නේ.මේ රෝගය ගැන කිව්වහම ගොඩක් අය බය වෙනවා.බය වෙන්න හේතුව තමයි රෝගය ගැන නොදන්නාකම.ඒ නිසා මේ රෝගය ගැන අවධානයෙන් ඉන්න එක ගොඩක් හොඳයි.මේ රෝගය ඔබට නොතිබුනත් ඒ ගැන දැනුවත් වෙලා ඉන්න එක හැමෝටම හොඳයිනේ.ඒ නිසා අපි බලමු මේ අපස්මාරය කියන්නේ කියලා.

ඇයි අපස්මාරය හැදෙන්නේ ?

සාමාන්‍යයෙන් මොළයේ ස්නායු සෛලවල විද්‍යුත් සංඥා ගමන් කරන්නේ අවශ්‍ය වෙලාවලට විතරයි.ඒත් ස්නායු සෛල හරහා වේගයෙන් අසාමාන්‍ය ලෙස විද්‍යුත් සංඥා ගමන් කරද්දී තමයි මේ රෝගී තත්වය ඇති වෙන්නේ

රෝගීන් ප්‍රමාණය

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා මිලියන 50 කට විතර මේ රෝගය වැළදිලා තියෙනවා

රෝගීන් 70%ක් හොඳින්ම සුව වන අතර ඉන් 50%ක් දිගුකාලීන ඖෂධ ප්‍රතිකාර වලිනුත් තවත් 20%ක් කෙටි කාලීන ඖෂධ ප්‍රතිකාරවලිනුත් සුව කරන්න පුළුවන්.ඒ වගේම ඉතිරි 30% පිරිස සඳහා නව ප්‍රතිකාර ක්‍රම වලට යොමුවීම තිබෙන නිසා බය වෙන්න දෙයක් මේ රෝගයේ නැහැ.

මොනවද රෝග ලක්ෂණ

  • ඇස් උඩ යාම
  • සිහි නැතිවීම
  • අතපය ගැහෙනවා
  • බෙල්ල පැත්තකට යාම
  • අතපය දරදඩුවීම හෝ ඇඹරීම

මේ රෝග ලක්ෂණ ඇතිවීමට බලපාන හේතු අතරින් හේතු හඳුනාගත හැකි තත්ත්වයන් තිබෙනවා.

  • උපදින අවස්ථාවේ ඇතිවන තත්ත්වයන්.
  • මොළයේ ආබාධ සහිත දරු උපත්
  • මොළයේ උණ (Meningitis)
  • උපතේදී ඔක්සිජන් සැපයීමේ ප්‍රමාදයක්,දුර්වලතාවයක් හෝ උපතේදී හිසට හෝ මොළයට සිදුවන බලපෑමක්.
  • මොළයට හෝ හිසට ඇතිවන අනතුරක් හෝ ඖෂධ හෝ විෂබීජ නිසා ඇතිවන අහිතකර බලපෑමක්.
  • වයස අවුරුදු 45ට වැඩි අයට ඇති වූ අංශභාග තත්ත්වයක්
  • මොළයේ ගෙඩි හෝ පිළිකාමය තත්ත්වයක්

සුව කර ගන්න පුලුවන්ද ?

වරින් වර ෆිට් එක හැදෙන තත්ත්වයක් තිබෙනවා නම් මොළය සහ ස්නායු පිළිබඳ වෛද්‍යවරයෙක් පෙන්වා පරීක්ෂා කරවා ගැනීම කල යුතුයි.මෙහිදී වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ප්‍රතිකාර නිසිලෙස ලබා ගත්තොත් නම් රෝගය සුව කර ගන්න හැකියාව තියෙනවා.

අපස්මාරය හැදුනොත්

  • නිතර නිතර ෆිට් එක හැදෙන කෙනෙක් එක්ක ඉන්නව නම් ඔවුන් සිහිය නැති වී ඇදගෙන වැටුනොත් ඒ පුද්ගලයා ගැන හොඳ අවධානයකින් ඉන්න
  • ඔවුන් ළඟ යන්ත්‍රයක් ,දියර පහරක් හෝ පාරේ ගමන් කරනවිට ඇද වැටුණහොත් ඔවුන්ගේ ජිවිතයට වන අවධානමෙන් වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි.
  • රෝගී තත්වය ඇති වුන කෙනෙක්ගේ ඇදුම් ලිහිල්කර ටයි පටි පලදා ඇත්නම් ඒවා ගලවා බිම දිගා කර බෙල්ල පැත්තකට හරවා තැබිය යුතුයි
  • ඒ වගේම අපස්මාරය වැළදුණ කෙනෙක්ට කිසිම දියරයක් හෝ ආහාරයක් ලබා දෙන්න එපා.
  • විශේෂම දේ තමයි කටට හැදි හෝ වෙනත් යකඩ වැනි දේ දැමීම නොකල යුතුයි

රෝගයක් කිව්වහම ඉතින් ඔයා බය වෙනවනේ.ඉතින් මේ අපස්මාරය ගැන වුනත් බය වෙන්න දෙයක් නැහැ.මොකද මේ රෝගය සුව කරන්න ඖෂධ තියෙනවා.රෝගයක් කිව්වහම තමන්ටම වෙන්න ඕනිම නැහැනේ,ඒ ආඥා දැනුවත් වෙලා ඉන්න එකනේ වැදගත් වෙන්නේ

Like
Like Love Haha Wow Sad Angry
13

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here