Like
Like Love Haha Wow Sad Angry
1

වැඩක් කරන්න ගියහම සාමාන්‍යයෙන් ගොඩක් අයගේ හිත තියෙන්නේ ඒ වැඩේට නෙමෙයි.හිත ඉතින් අරහේ දුවනවා මෙහෙ දුවනවා,ගෙදර දුවනවා,Shop වල දුවනවා එහෙමත් නැත්නම් Boy Friend ළඟට දුවනවා.ඉතින් කොහොමද හරියට වැඩක් කරගන්නේ.කොහොමත් අපි වැඩ කරන්නේ Technology එකත් එක්කනේ.එහෙම වැඩ කරනකොට ඔයාට මොනවා හරි හොයාගන්න ඕනී නම් phone එක අතට ගන්නවා. හැබැයි ඉතින් ඒ අරගෙන කරන්නේ අර හොයන්න ආපු දේ නෙමෙයි.අර Photo එකට like කීයද Comment කීයද ?.එහෙමත් නැත්නම් අරයා අරහේ ගියපු එකයි මෙයා මෙහෙ ගිය එකයි හොයන්න පටන් ගන්නවා.ඔය විදිහට යනකොට කරන්න ආපු වැඩේ මතක නැහැ.ඊට පස්සේ Boss වැඩේ ගැන ආයිමත් මතක් කලාට පස්සේ තමයි මතක් වෙන්නේ කරන්න හදපු වැඩේ ගැන.මේ වගේ අන්දුන් කුන්දුන් වෙච්ච අය ඕනේ office එකකින් හොයා ගන්න පුළුවන්.හැබැයි අපි කරන්න ඕනී ඒ වගේ තවත් කෙනෙක් වෙන්නේ නැතුව හොඳ Attention එකකින් වැඩේ කරන එක

01) Block නොවී වැඩ කරන්න

සාමාන්‍යයෙන් වැඩක් කරගන්න බැරි වුණහම .එහෙමත් නැත්නම් වැඩ ගොඩ වෙලා හිර වුනහම වෙන්නේ දැන් කරන වැඩේ අමතක වෙලා ඊට කලින් කරන්න තිබුන වැඩ ගැන මතක් වෙන එක.ඊට පස්සේ හිතන්නේ ඒ වැඩ වල අමාරු තැන් ගැන.අන්තිමට වෙන්නේ දැන් කරන්න තියෙන වැඩේ කරන්නෙත් නැතුව කල්පනා කර කර ඉන්න එක.මම කියන්නද වැඩක්.ඔයාට කරන්න තියෙන වැඩ ටික deadline එක අනුව ලේසි ඒවා මුලට අමාරු ඒවා අවසානයට එන විදිහට List එකක් හදා ගන්න.ඊට පස්සේ එකින් එක පිළිවෙලට කරගෙන එන්න.list එකේ ලියා ගත්ත වැඩ එකින් එක ඉවර වෙන කොට ඒවාට පොඩි tick එකක් දාගන්න.එතකොට වැඩ ටික ගොඩ වෙලත් නැහැ.වෙලාවට වැඩ ටිකත් ඉවරයි

02) පරණ මතක dustbin එකට

ඔව් ඔව්.මම දන්නවා ඔයාට අමතක කරන්න බැරි දේවල් තියෙනවා කියලා.ඒත් වැඩක් කරන්න පටන් ගත්තම ඒ දේවල් මතක් කර කර හිත හිත ඉන්න එක නම් හොඳ වැඩක් නෙමෙයි.ඇයි දන්නවාද.ඒකෙන් වෙන්නේ ඔයාට කරන්න තියෙන වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ.හිත හිතම තමයි ඉන්න වෙන්නේ.අතීතය කියන්නේ ගෙවිලා ඉවර දෙයක්.ඒ වගේම අනාගතයට ගිහිනුත් නැහැ.අපි තාම ඉන්නේ වර්තමානයේ.වර්තමානය හරියට හදා ගත්තොත් තමයි අනාගතයට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ.ඔයා හැම වෙලාවේම කරන්න ඕනී ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ එකම එක තත්පරයක්ද.ඒ තත්පරෙනුත් වැඩක් ගන්න එක.එතකොට ඔයාට පුළුවන් බය නැතුව ඉස්සරහට යන්න

03) ඉවරයක් නැති Notification

ඔන්න දැන් අපි වැඩක් පටන් ගන්නවා.ටික වෙලාවක් යනකොට phone එකේ හෝ ගලා notification එනවා.ඊට පස්සේ ඉතින් තියෙන තරම් social media වලින් ඇවිල්ල තියෙන හැම massage එකකටම reply කරනවා.ඒත් කරලා වෙලාවක් තිබුනොත් wall එකෙත් උඩ පල්ලෙහා යනවා.හැබැයි ඉතින් අන්තිමට ඔය ටික කරලා ඉවර වෙනකොට වෙන්න ඕනි හැමදෙයක්ම වෙලා ඉවරයි.ඒ නිසා කරන්න තියෙන්නේ phone එක silent දාලා තියලා වැඩේට focus එක දෙන එක.

04) හොඳම ප්ලෑන මතකද

Plan එකට කලින් කරන්න ඕනී දේ තමයි මතක් කර ගන්න එක.මට මොනවද කරන්න තියෙන්නේ.deadline කවද්ද කියන දේවල්.ඔයාට easy ක්‍රමයක් මම කියලා දෙන්නම්.ඔයා මුලින්ම කොලයක් ගන්න.එකේ ලියාගන්න දැනට කරන වැඩේ නම සහ deadline කවද්ද කියලා.ඒක ඔයාගේ laptop එකේ හරි ඔයාට පහසුවෙන් පේන තැනක ගහලා තියා ගන්න.එතකොට ඉතින් ඔයාගේ focus එක out යන්නෙත් නැහැ.ඔයාගේ target එක දකින්න දකින්න ඒකට යන්න උනන්දුව ඇති වෙනවා.

අනිත් කාරණාව තමයි හෙට කරන්න තියෙන වැඩ ගැන හොඳ plan එකක් ගහගන්න එක.හැබැයි ඒක කරන්න ඕනී වැඩ කරන වෙලාවට නම් නෙමෙයි,ගෙදර ඇවිත් Free එකේ ඉන්නකොට තමයි ඒක කරන්න හොඳම වෙලාව.ඒක කොළයක ලියලා තියන තරමට හොඳයි.නැත්නම් නිදා ගත්තහම පේන හීන වගේ ඒකත් උදේට අමතක වෙලා යයි.ඊට පස්සේ ඉතින් උදේට ඒ කොළේ බලලා යන්න ඕන target එක ගැන හිතලා, හොඳ හුස්මක් අරගෙන වැඩට ටික කරගන්න

වැඩක් කරන්න නම් focus එක වගේම plan එකකුත් ඕනී වෙනවා,ඉතින් දැන් මම කියලා දුන්න විදිහටම ඔයාට කරන්න පුළුවන් නම් වැඩේ ඉවර වෙනකන් focus එකෙන් පිට පනින්නේ නැතුව වැඩේ කරගන්න පුළුවන්.අනිත් එක තමයි හොඳ focus එකකින් වැඩේ කරගන්න පුළුවන්නම් ඉක්මනින් වැඩේ ඉවර කරගන්නත් පුළුවන්.කාලෙත් ඉතුරුයි

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here