ඔයා දන්නවද ලෝකේ මිලියන 645 කටම තියන තමයි pimples කියන්නේ. සාමාන්‍යයෙන් Pimples ඇති වෙන්නේ අපේ මුහුණේ තියන සිදුරු තුලින් කුණු දූවිලි ඇතුල් වුණාමයි. ඕනම වයස් කාණ්ඩයක කෙනෙකුට pimples ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවට ගෙදරදීම ස්වාභාවික පිළියමක් කර ගන්නේ කොහොමද කියලයි මං අද කියන්න යන්නේ.
Pimples එක රැයකින් සුව කළ හැකිද?

සම ඇතුලෙන් එක pimples එක රැයකින් නැති කරන්න පුළුවන්ද? ඇත්තටම බැහැ. හැබැයි ස්වභාවික ප්‍රතිකාර වලින් පුළුවන් pimples වල ප්‍රමාණය අඩු කරලා වියලන්න.
ගෙදරදීම හදා ගන්න පුළුවන් pimples Treatment මොනවද?
Coconut oil

ගෙදරදී පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමයි coconut oil කියන්නේ. Coconut oil සිසිල් නිසා pimples වටා තියෙන ඉදිමුම අඩු කරනවා වගේම දැවිල්ලත් අඩු කරනවා. Coconut oil තේ හැන්දක් අරගෙන දවසට දෙපාරක් Pimple එක වටේට රවුමට ගාන්න.හැබැයි ඔයාට තියෙන්නෙ Oily skin එකක් නම් Coconut oil Use කරන්න එපා.
සුදු ළූණු

සුදු ළූණු වලින් pimples වල ආසාදනය සහ නිතර නිතර කැඩී යන එක නතර වෙනවා. සුදු ළූණු ටිකක් අරගෙන කරාබුනැටි එක්ක පොඩි කරලා Olive oil ටිකක් එක්ක Mix කරලා රත් කර ගන්න. ඊට පස්සෙ ඒක සිසිල් වුණාම කපු රෙදි කෑල්ලකින් pimples තියන තැන ආලේප කරන්න. විනාඩි 20ට පස්සෙ සෝදා හරින්න, දවසකට දෙපාරක් මේක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
කෝමාරිකා

කෝමාරිකා කියන්නේ skin එක සිසිල් කරන දෙයක්නේ. ඒ වගේම තුවාල හොඳ කරන්නත් විශේෂ ගුණයක් කෝමාරිකා වල තියෙනවා. රාත්‍රියට කෝමාරිකා ටිකක් මුහුණේ ආලේප කරලා උදේට සෝදන්න.
මී පැණි

අත් බෙහෙතක් විදියට මීපැණි ගොඩක් දේවල් වලට යොදා ගන්නවා. මී පැණී ටිකක් කපු රෙද්දකින් pimples තියෙන තැන ආලේප කරන්න. දවසකට 3 – 4 වතාවක් කරන්න පුළුවන් නම් හොඳයි.
දෙහි යුෂ

දෙහි යුෂ ටිකක් සැර වුණත් විෂබීජ විනාශ කරන දෙයක් නිසා pimples වල තියෙන කුණු දූවිලි අයින් කර ගන්න පුළුවන්. දෙහි යුෂ එක්ක මීපැණි ටිකක් mix කරලා pimples වල අලේප කරන්න. හැබැයි ගොඩක් වෙලා මුහුණේ තියෙන්න දෙන්න එපා.
Green Tea

Green Tea වල තියෙන සිසිල් බව ගුණාත්මක භාවය නිසා pimples ඉදිමීම වගේම නැවත ඇති වීමත් වලක්වනවා. Green Tea තේ කොළ ටිකක් කෝමාරිකා එක්ක Mix කරලා මුහුණේ ආලේප කරලා විනාඩි 15ක් පමණ තියලා සෝදන්න.සතියකට දෙපාරක් මේ pack එක දානවා නම් හොඳ Result එකක් ලබා ගන්න පුළුවන්.
Pimples ඇති නොවෙන්න නම් කරන්න ඕනේ මොනවද?
1.මේ දේවල් විතරක් නෙවෙයි, මේදය සහිත කෑම වගේම ඇගට සැර කෑම බීම වලින් පරිස්සම් වෙන එකත් අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕනේ දෙයක්.
2.ඒ වගේම ඔයාගේ මුහුණේ pimples ගොඩාක් තියෙනවා නම් ඒ සම්බන්ධව ඉන්න dermatologist කෙනෙක් හමුවෙන්න.
3.මුහුණ සේදීම අනිවාර්යයෙන් කරන්න. ඔයා එළියට ගිහින් එනවා නම් මුහුණ සේදීම කරන්න අමතක කරන්න එපා. පිරිසිදුකම අනිවාර්යයි.
4.කිසිම වෙලාවක pimples කඩන්න එපා.
5.පුළුවන් හැම වෙලාවකම වතුර බොන්න.
6.Makeup භාවිතා කරන එක අවම කරන්න. Makeup කියන්නේ නිතරම මුහුණේ තියෙන්න හොඳ දෙයක් නෙවෙයි.
මීට අමතරව කොහොඹ, සැවැන්දරා, වැල්මී, කළුදුරු, තුල්සි, කහ සහ ලොත්සුඹුළු වගේ ඖෂධීය ශාකසාර අඩංගු cream එකක් use කරන්න පුළුවන් නම් තවත් හොඳයි. මොකද එමඟින් ඔයාගේ pimples පාලනය වෙලා, skin එක පැහැපත් කරගන්න උදව් වෙනවා. ඒ වගේම ඉක්මනින්ම ඔයාට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා.



