දිවට රස වගේම ඇහැටත් ලස්සන කෑම කන්න අපි හැමෝම ආසයිනේ.මේ කාලේ පොඩි අයත් ගෙදර නිසා එයාලට රස රස කෑම හදන්නත් මහන්සි වෙනවා ඇතිනේ. ඉතින් ඒ හැමෝම වෙනුවෙන් රසම රස dessert එකක් ගැන කියන්නයි මේ යන්නේ. රස ජාති ගොඩකින් පිරුණ pudding එකක් හදන්නේ කොහොමද කියලා අපි බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය

- ටින් කල කිරි කෝප්ප 1/4 ක්
- Cool water කෝප්ප 1 1/2ක්
- ක්ෂණික Vanilla pudding පැකට් 1ක්
- Cheese කෑලි 8ක්
- Heavy cream කෝප්ප 03ක්
- Velvet Cake තට්ටුවක්
- ඉදුණ කෙසෙල් ගෙඩි 4-5ක්
- chocolate chips කොප්ප 01ක්
සාදා ගන්නා ආකාරය
- කුඩා භාජනයක් අරගෙන උකු කිරිත් එක්ක cool වතුර දාල mixer එකෙන් mix කර ගන්න.
- ඊට පස්සේ pudding packet එක දාල soft වෙනකල්ම හොදට mix කර ගන්න.
- Heavy cream, cheese ටිකත් ඒකටම දාල soft වෙනකල්ම mixer එකෙන් Mix කරන්න.(Mix එක cream තුරු)
- Velvet cake එක කෑලි 4කට කපන්න.
- ටිකක් ලොකු bowl එකක් අරගෙන පිලිවෙලින් cake, pudding mix, පෙති විදියට කපාගත්ත කෙසෙල්, chocolates chips layer විදියට දාගන්න.
- මේ විදියට මාරුවෙන් මාරුවට layer දා ගත්තට පස්සේ හැන්දකින් mix කර ගන්න.
- පැය 6ක් විතර fridge එකේ තියලා කෑමට ගන්න පුළුවන්.
පොඩි අයත් එක්ක එකතු වෙලාම හදන්න පුළුවන් නිසා එයාලටත් හොද අත්දැකීමක් වෙයි. ගෙදරට එන අයටත් dessert එකක් විදියට දෙන්න පුළුවන්. ඒ වගේම Business එකක් විදියට කෑම හදන අයටත් අලුත් විදියටකට හිතන්න මේක හොද chance එකක්.



