ගොඩක් girlsලට තියෙන ලොකුම ප්රශ්නය තමයි රූපය සහ තරුණකම රැකගන්න සැලෝන් වලට දාස් ගණන් වියදම් කරන්න වෙන එක. වියදම විතරක් නෙමෙයි මේ දවස් වල තියෙන situation එක නිසා සැලෝන් වහලනේ තියෙන්නේ. ඉතින් අද hello ladies තුළින් අරගෙන ආවේ සතියට පාරක් සැලෝන් එකකට යන වියදම පර්ස් එකේම තියාගන්න පුළුවන් magic tips ටිකක්.
තමන්ගේ සුන්දරත්වය වෙනුවෙන් කාන්තාවන් නොකරන දෙයක් නැති තරම්. විශේෂයෙන්ම බොහෝ දෙනා තමන්ගේ පැහැය ගැන සිතනවා. පැහැපත් සමක් කිව්ව ගමන් මතක් වෙන්නෙ සුදෝ සුදු මූණක් නම් ඔයාල ඉන්නෙ පැහැපත්කම ගැන වැරදි වැටහීමක. සම පැහැපත් වෙන්න නම් ලප කැළැල්, කුරුළෑ, බිබිලි නැති නිරෝගී සමක් වෙන්න ඕන. ඒකට සමේ පාට අදාළම නැහැ.
ලංකාවේ බහුතරයක් යුවතියන්ට තියෙන්නේ තලෙළු සමක්. ඒ නිසා සම සුදු කරගන්න බ්ලීචින් ක්‍රීම් ගාල, තියෙන සමට හානි කරගන්න එපා කියල මුලින්ම මතක් කරන්න කැමතියි. පැහැපත් සමක් ලබාගන්න නම් මෙන්න මේ දේවල් කරන එක අනිවාර්යයයි.
පිරිසිදුකම number one

රූපලාවන්‍ය ගැන කතා කරනකොට අනිවාර්යෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි පිරිසිදුකම. දවස තිස්සෙ දාඩිය කුණු දූවිලි පෙරාගෙන ඉඳල රෑට නෑවට ඔයා පිරිසිදු කෙනෙක් වෙන්නෙ නෑ. දවස පුරා පිරිසිදුව ඉන්න එක සමේ නිරෝගීකමට බලපානවා. ඒ නිසා දිනකට දෙවරක් සමට ගැලපෙන Face wash එකකින් මුහුණ පිරිසිදු කරන්න අමතක කරන්න එපා . ඒ වගේම තමයි දවස අවසානයේ Cleanser එකක් use කරන එක පුරුද්දක් කරගන්න ඕනේ .මුහුණේ කුරුළෑ ඇති වෙන එකට ප්‍රධාන හේතුවක් තමයි පිරිසිදු නැතිකම.
සමේ තෙතමනය රැකගන්න

වියළි සමක් කවදාවත් පැහැපත් සමක් විදියට හදුන්වන්න බැහැ. ඒ නිසා පැහැපත් සමක් හිමි කරගන්න ඕනේ නම් සමේ තෙතමනය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගන්න ඕනේ . ඉතින් ඔයාට පුළුවන් සමට ගැලපෙන මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. හැබයි මූණට විතරක් නෙවෙයි මේ Treatment මුළු ශරීරයටම කරන්න ඕනේ . මූණෙ විතරක් Cream ගාල නම් ඔයාට සුන්දර රූ සපුවක් ලබාගන්න බෑ. ඒ වගේම ඔයාගේ Body lotion එක දවසට දෙවරක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා.
හොද පෝෂණයක් ලබාගන්න

හැම වෙලේම කියවෙන දෙයක් තමයි සමේ නිරෝගීකම තියාගන්න නම් වතුර බොන්න කියන එක. හැබැයි වතුර බීලා විතරක් මදි. සම නිරෝගිව තියාගන්න ඕනේ නම් සමබල ආහාර වේලක් ගන්න එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. පලා කොළ ටිකක්, අළුත් එළවළු, පළතුරු වගේම මාළු වර්ග නිතර ආහාරයට එකතු කරගන්න. එතකොට සමට අවශ්‍ය විටමින් වර්ග බොහොමයක් ආහාර තුලින්ම අපේ ශරීරයට ලැබෙනවා . ඒ වගේම ඔයාට පුළුවන් vitamin මගින් සමට ලැබෙන පෝෂණය වැඩි කරගන්න. Marine Collagen , මිදී ඇට සාරය , තක්කාලි සාරය , Biotin , Zinc , කැල්සියම් වැනි පෝෂපදර්ථ රැසක් අඩංගු multivitamin එකක් use කරන්න පුළුවන් නම් ඉක්මනින්ම ඔයාට පැහැපත් සමක් ලබාගන්න පුළුවන් .
ඉතින් ඔයාට පුළුවන් Hello Ladies අපේ Website එකෙන් මේ දේවල් අන්තර්ගත නිෂ්පාදනයක් ගෙදරටම ගෙන්න ගන්න
හොඳ නින්දක්

දැන් ඉතින් ගෙදරම ඉන්න නිසා කිසිම ඉවක් බවක් නැතුව රෑ එළි වෙනකම් Phone එකේ Lap එකේ ඉඳලා පහුවදාට මූණ ඇදිලා ගිහින් කියල හිත හිත ලතැවුනාට වැඩක් නෑ. ඔයා ලස්සන ගැන සැලකිලිමත් වෙන කෙනෙක් නම් සුව නින්දක් ලබාගන්න එක අනිවාර්යයයි. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක් අවම පැය 7 වත් නින්දක් ලබාගන්න ඕන. මොකද මනස සැහැල්ලුවෙන් තියෙන එකත් රූපයට බලපානවා.
මැරුණ සම ඉවත් කරන්න

මැරුණ සම ඉවත් කරන්න use කරන්න පුළුවන් හොදම විදිය තමයි scrub කරන එක. සිහින් ඇට සහිත සීනි ටිකකට මී පැණි ටිකක්, දෙහි යුෂ බින්දු දෙක තුනක් දාගෙන ඕනම සමකට match වෙන scrub එකක් ගෙදරදීම හදාගන්න පුළුවන්. මූණ විතරක් නෙවෙයි මුළු ඇඟම මේ විදියට scrub කරල මැරුණ සම ඉවත් කරගන්න පුළුවන්. හැබැයි සතියකට දවසක් දෙකක් විතරක් scrub කරන්න මතක තියාගන්න. මොකද දිනපතා scrub කරන එක සමට හානිකරයි.
ගෙදරදීම face pack

ලස්සන පැහැපත් සමක් ඕනේ නම් අභ්‍යන්තර වගේම බාහිර සත්කාර කරන එකත් අනිවාර්යයි. හැබැයි සැලෝන් වල පාවිච්චි වෙන්නෙ රසායනික ද්‍රව්‍ය අඩංගු Pack වර්ගනේ. ඉතින් සල්ලි දීලා විස ඇගේ ගාන්නේ නැතුව ගෙදරදීම පහසුවෙන් හොයා ගන්න පුළුවන් දේවල් වලින් ඔයාලට සමට සත්කාර කරන්න පුළුවන්.
- දෙහි යුෂ , බිත්තර සුදු මද, කිරි සමාන ප්‍රමාණයෙන් ගෙන මිශ්‍ර කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15ක්-20කින් විතර රස්නෙ වතුරෙන් සෝදන්න.
- මී කිරි කප් 1කට ග්‍රේට් කරගත් පිපිඤ්ඤා මේස හැඳි 1 1/2ක් එක් කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15ක්-20කින් ලා රස්නෙ වතුරෙන් සෝදන්න.
- හොඳින් ඉදුණ ගස් ලබු වලට දෙහි යුශ බින්දු දෙක තුනක් දාලා හොඳින් Mix කරලා , මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.විනාඩි 10-15කින් සීතල වතුරෙන් සෝදල හරින්න.
මේ face pack සතියකට 3 පාරක් විතර use කරන්න පුළුවන් නම් ගොඩක් හොද ඉක්මන් result එකක් ඔයාටත් ලබාගන්න පුළුවන්.
නිරෝගී පැහැපත් සමක් කියන්නේ ඕනෑම තරුණියකගේ හීනයක්. හැබැයි හීන දුටු පමණින් තමන්ට දිදුලන සමක් අයිතිකර ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒකත් හීනයක් ම තමයි. ඔයාට දිදුලන සමක් අවශ්‍ය නම් ඒ වෙනුවෙන් සුළු හෝ කැපකිරීමක් කරන්න වෙනවා. ඉතින් අද කියලා දුන්න magic tips ටික follow කරලා බලන්නකෝ. ඔයාගේ හීනෙ දවසින් දවස ලස්සනට හැබෑ වෙයි.
අපේ YouTube Channel එක Subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.
https://www.youtube.com/channel/UCWPU_u76FbVgfqaANTsBV0g



