ලස්සන Shiny Skin එකක් කියන්නේ හැම කෙනෙක්ගෙම හීනයක්.ඉතින් අපි ඒ වෙනුවෙන් විවිධ දේවල් කරනවා.Cream ගානවා, Treatment කරනවා, Salon යනවා, මේ වගේ ගොඩක් දේවල් කරනවා.ඉතින් දැන් මේ කියන්න යන්නේ ඔයා ආස කරන විදියේ Shiny Skin එකක් ලබා ගන්න කරන්න පුළුවන් දේවල් ගැන.
Weather එක අනුව කරන්න ඕනේ දේවල්
සාමාන්‍යයෙන් Weather එකත් එක්ක අපේ ඇගේ වෙනස්කම් ගොඩක් සිද්ද වෙනවනේ.ඒ එක්කම අපේ skin එකත් Change වෙනවා. Skin Type එක අනුවත් ඒ දේවල් වෙනස් වෙනවා.ඉතින් Weather එකත් එක්ක skin එක වෙනස් වෙනකොට කරන්න ඕනේ මොනවද කියල බලමු.
Oily Skin

ඔයාට තියෙන්නේ තෙල් වලින් වැහුන Skin එකක් නම් එක්ක මී පැණි එක්ක ඇපල් ගෙඩියක් mix කරලා මුහුණේ ගා ගන්න. Weather එකත් එක්ක වෙනස් වෙන තෙල් සමකට ඒ වගේ දෙයක් හොදටම ගැලපෙනවා.
Dry Skin

පුළුවන් හැම වෙලාවකම Fresh Milk ආලේප කරන්න.
වයසට යන සමකට

දෙළුම් ඇට, බටර් එක්ක mix කරලා paste එකක් හදාගෙන මුහුණේ ආලේප කරන්න.විනාඩි 10ට පස්සේ ඉවත් කර ගන්න. මුහුණේ Skin එකේ Wrinkles ඇති වෙනවට මේක ගොඩක් හොද Treatment එකක්.
ගෙදර දී මේ දේවල් කරන්න

පුළුවන් හැම වෙලාවකම skin එකට moiturerize කරන්න.
කෙසෙල් ගෙඩි භාගයක් ඔලිව් තෙල් එක්ක Mix කරලා මුහුණේ ආලේප කරන්න.එතකොට මුහුණට හොද තෙතමනයක් ලබා ගන්න පුළුවන්.
Cucumber පෙති කිහිපයක් හොදට අඹරා මුහුණේ ආලේප කරන්න.දිගටම laptop එක ඉදිරියේ ඉන්න කෙනෙක්නම් මුහුණ සුදුමැලි වෙනවටත් මේක හොද Treatment එකක්.
ඒ වගේම මේ දේවල් ගෙදර හොයාගන්න නැත්නම් කෝමාරිකා සහිත Face gel එකක් Use කරන්නත් පුළුවන්. ඒ වගේම දැන් වෙළඳපොලේ ඕනේ තරම් කෝමාරිකා වලින් නිෂ්පාදනය කරලා තියෙන Face gel තියෙනවා.ඒ නිසා Natural Aloe vere තියෙන හොඳ Product එකක් ගන්න නිතරම වඟ බලා ගන්න.
නැත්නම් වෙන්නේ Shiny Skin එකක් ගන්න ගන්න ගිහින් තියෙන පෙනුමත් නැති කරගන්න වෙන එක.ඒ නිසා Beauty Product එකක් ගන්නකොට ඒ Product වල තියෙන්නේ Natural Ingradients ද කියලා බලන්න අමතක කරන්න එපා
Skin එකේ ආරක්ෂාව

- කිසිම වෙලාවක මුහුණට නිතරම සබන් යොදන්න එපා.
- Sanitizer වැනි දේවල් අත්වල තියෙනවානම් මුහුණ අල්ලන්න එපා.
- අත් මුහුණ වගේ තැන් වලට මෘදු සබන් පාවිච්චි කරන්න.
- අත පය, ශරීරය සේදුවාට පස්සේ moisturize කරන්න.
- මුහුණට ගැලපෙන face wash එකක් use කරන්න.සුරියකාන්ත තෙල් සහ walnut ඇට සහිත face wash එකක් නම් ගොඩක් හොදයි.
- සමේ දැවිල්ලක්, කැසීමක්, තියනවා නම් dermatologist කෙනෙක් මුණ ගැහෙන්න.
ඒ වගේම ඔයාට පුළුවන් අපේ Hello Ladies Store එකෙන් ඔයාගේ Skin එකට ගැලපෙන Face wash, Cream මේ කියන ඕනෙම දෙයක් ගෙදරටම ගෙන්න ගන්න.
https://helloladies.lk/product-category/skin-care/
ඉතින් තේරුණා නේද Shiny skin එකක් ඕනේ නම් කරන්න ඕනේ දේවල්.ඒ දේවල් කරනකොට skin එක ආරක්ෂා කර ගන්නත් කරන්න පුළුවන් දේවල් කරන්න අමතක කරන්න එපා.මේ හැමදෙයක්ම ගෙදර ඉදන්ම කරන්න පුළුවන් දේවල් නිසා සැලෝන් වලට යන්න ඕනෙත් නෑ.



