ඔයා විවාහ වෙන්නේ දවසින් දෙකෙන් වෙන් වෙන්න නෙවෙයිනේ. හැමදාටම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න. හැබැයි ඔයාලා දෙන්න අතර මත ගැටුම්, රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන්, ඒත් ඔයා මතක තියාගන්නම ඕන දෙයක් තමයි, තමන්ගේ දරුවන්ට ආදර්ශයක් වන විදිහට ලස්සන පවුල් ජීවිතයක් ගත කරන එක. මොකද පොඩි කාලේ ඉඳන්ම බබාලා හැදෙන්නේ ඔයා කරන කියන දේවල් බලාගෙන. ඒ දේවල් දරුවන්ගේ අනාගතයටත් ලොකුවට බලපානවා. ඒ නිසා සාර්ථකව පවුල් ජීවිතය ගත කරන්න මේ කරුණු ටික ඔයාට ගොඩක් වැදගත් වෙයි.
සෙනෙහෙවන්ත වන්න

ඔයාගේ දරුවන් ඉස්සරහා සැමියා සමඟ ආදරයෙන් ඉන්න පැකිලෙනවද? කිසිම වෙලාවක ඔයාගේ දරුවන් ඉරිදියේ සැමියා සමඟ ආදරයෙන්, සෙනෙහෙවන්තකමින් ඉන්න ලැජ්ජා වෙන්න එපා, පැකිලෙන්න එපා. මොකද ඔයා සැමියාට දක්වන ආදරය, කරුණාව තුළින් නොදැනුවත්ම හෝ හැසිරීමිය යුතු ආකාරය ගැන පූර්ව පූර්වාදර්ශයක් ලබාගන්නවා. ඒ වගේම දරුවන්ට විවෘතව හැඟීම් ප්‍රකාශ කිරීමත්, හැඟීම් දැනීම්, විශේෂයෙන්ම කෙනෙක්ව පැසසීම, අගය කල යුතු වෙලාවට අගය කිරීම, ආදරය සෙනෙහස ප්‍රකාශ කිරීම ඔයාගෙන් ඉගෙන ගන්නවා.
රණ්ඩු සරුවල් කරන්න. ඒත් ඒවා දිගින් දිගට ගෙන යන්නට එපා

එක වහලක් යට හැමදාම ඉද්දී රණ්ඩු සරුවල් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඔයාගේ විවාහය තවත් ශක්තිමත් වෙන්න මෙම මත ගැටුම් උදව් වෙනවා.හැබැයි ඔයා කෙතරම් මතගැටුම් තිබුණත්, ඒවා පුද්ගලිකව සමතයකට පත් කරගන්න උත්සහ කරන්න. මොකද මත ගැටුම් අමනාපකම් දරුවන්ට තේරුණා කියලා වරදක් නැහැ. හැබැයි වඩා වැදගත් වන්නේ එම මතගැටුම් පසෙක දා ඔයාලා දෙදෙනා යළිත් එකතුවීමයි. ඔයාලා අතර මත ගැටුම් සිදු වූවත්, ඒවා තාවකාලික බවත්, ඔයාලා දෙදෙනාගේ නොවෙනස් සෙනෙහස හා රැකවරණය දරුවන්ට ලැබෙන බවත් අඟවන්න උත්සහ කරන්න.
පවුලේ අරමුණු ගැන කතාබහ කරන්න

පවුලේ අනාගතය, ඒ කියන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔයාලා දෙදෙනා කරන්න ඕන දේවල් සහ ඔයාගේ වෙනත් අරමුණු ගැන නිතරම කතාබහ කරන්න. ගෙදර හැමෝම එයට දායක කරගන්න. විශේෂයෙන්ම පවුලේ අනිත් අයගේ බලාපොරොත්තු, සිහින හා අරමුණු බෙදාහදා ගන්න. ඒ වෙනුවෙන් ඔයා සූදානම් විය යුතු ආකාරය ගැන සැලසුම් කරන්න.
මේ විදිහට ඔයාගේ පවුලේ බැඳීම් වැඩි කරගන්න. ඒ වගේම පවුලේ අයත් එක්ක සතියකට සැරයක්වත් එළියට ගිහින් කෑම වේලක් ගන්න. විවාහය හිසට බරක් කරගන්නේ නැතුව එකිනෙකා සමඟ ගුණාත්මකව කාලය ගත කිරීම ඔයාගේ මුල්ම අරමුණ කරගන්න.



