Like
Like Love Haha Wow Sad Angry
1

කොහොඹ කියන්නේ අතීතයේ ඉඳලම ලඳුන් තම රූසපුවේ සුන්දරත්වය රැක ගන්න භාවිතා කළ ස්භාවික සත්කාරයක්. ඒ වගේම ආයුර්වේද වෙදකමට නැතුවම බැරි ඖෂධයක්. ඒ තරමට කොහොඹ කියන දේ ප්‍රයෝජනවත් .මං දැන් මේ කියන්න හදන්නේ කොහොඹ වලින් ඔයාගේ රූ සපුව ලස්සන කරගන්නේ කොහොමද කියලා.

කුරුලෑ හොඳම විසඳුමක්

කොහොඹ වලට ප්‍රතිබැක්ටීරියා කාරක, ප්‍රතිදිලීර ගුණය තියෙනවා. ඒ නිසා සම පිරිසුදු කරන්නත් සෞඛ්‍ය සම්පන්නව තබන්නත් කොහොඹ වලට පුළුවන්. කොහොඹ කොළ ටිකක් උණු වතුරට එකතු කරලා විනාඩි දෙක තුනක් තියලා පස්සේ ඒ කොළ අඹරලා පේස්ට් එකක් විදිහට හදාගන්න. ඊට පස්සේ හොඳින් පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි 30 පමණ ඉඳලා වියලුණාට පසුව. මඳ උණුසුම් වතුරින් සෝදලා ඉවත් කරන්න. මෙය සතියට දවස් දෙක තුනක් වත් කරනවා නම් ගොඩක් හොඳයි.

Fair වෙන්න මෙන්න හොඳම විදිහ

කුණු දූවිලි සහ නුසුදුසු ආලේපන වර්ග නිසා skin එකේ fair එක සැඟවිලා ගිහින් තියෙන අයට කොහොඹ හොඳ ප්‍රතිකර්මයක්. කලින් වගේම කොහොඹ කොළ ටිකක් අරන් Paste එකක් විදියට හදාගෙන ඒකට කහ හැන්දකුත් එකතු කරන්න. හැබැයි කඩේ තියන කහ නං නෙමෙයි. කහ කෑල්ලක් අරන් කුඩු කරලා හෝ අඹරලා ගන්න. ඊට පස්සෙ ඒකටම තව මී පැණි බින්දු දෙක තුනකුත් එකතු කරලා මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් විතර තියෙන්න දීලා මුහුණේ උඩ අතට හිමිහිට සම්භාහනය කරන්න.

කොහොඹ වලින් Black spots ඉවත් කරගන්න පුළුවන් බව දන්නවද?

Black spots කියන්නෙත් ගොඩක් girlsලට තියෙන ලොකු ගැටළුවක්. මේකට හොඳම විසඳුම තමයි කොහොඹ තෙල් බින්දු දෙක තුනක් වතුර බින්දු දෙක තුනක් එක්ක එකතු කරලා ලප කැළැල් ඇති ස්ථානවල ආලේප කරන එක. ඊට පස්සේ විනාඩි 20ක් විතර ඉඳලා සෝදා ඉවත් කරන්න. දිගටම මේ සත්කාරය කරන්න පුළුවන් නම් ලප ඇති වෙන එකත් නවත්තගන්න පුළුවන්.

ආසාදන, දද කුෂ්ඨ වලට සාර්ථක ප්‍රතිකාර

විවිධ ආසාදන නිසා සම මත ඇති වන දද කුෂ්ට වලට ප්‍රතිකාර කරන්න කොහොඹ හොඳම ඖෂධයක්. වතුර කෝප්ප දෙක තුනකට කොහොඹ කොළ ටිකක් දාලා හොඳින් උතුරවාගෙන ඒ වතුරෙන් දද, තුවාල සෝදන්න. සතියක් විතර යද්දී නිකන්ම සුව වේවි.

ඒත් ගොඩක් අයට නම් කොහොඹ කොළ හොයාගන්න ටිකක් අමාරු වෙයි. හැබැයි ඔයාට පුළුවන් කොහොඹ සාරය අඩංගු soap එකක් භාවිතා කරන්න. ඒ වගේම skin එකේ wrinkle නැති වෙන්න, skin එකේ සුසිනිදු බව ඇති කර, තරුණ බව රැකදී නිකැළල්, පැහැපත් සමක් ලබා දෙන්න Anti wrinkle cream එකක් භාවිතා කිරීම නුවණට හුරුයි. විශේෂයෙන්ම කොහොඹ විතරක් නෙවෙයි, කොහොඹ සමඟ සැවන්දරා,වැල්මී,තුල්සි, කහ, කළුදුරු, සෝයා ප්‍රෝටීන් සහ දාරුහරිද්ර අඩංගු Anti wrinkle cream එකක් තෝරා ගන්නවා නම් ඔයාට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here