ඔයාලා marry කරලා දැන් කොච්චර කාලයක් වෙනවද? marry කරලා කොච්චර කාලයක් ගියත් ප්රශ්න කියන්නේ අපි හිතන්නෙවත් නැති තැන් වලදී අපි ළඟට එන ඒවා.සමහර වෙලාවට ඒ ප්රශ්න නිසා පවුල් ඇතුලේ තියෙන සතුට,සිනහව නැති වෙන්න පුළුවන්.මම නම් කියන්නේ ඒ වගේ වේලාවන් වලදී වැඩ කරන්න ඕනේ රණ්ඩු වෙලා නෙමෙයි කියලා.හොඳට හිතලා බලලා ,කතා කරලා සංසුන්ව විසඳගන්න තියෙන ප්රශ්න නිසා ඔයාලගේ ආදරේ නැති කරගන්න එපා.ඒ නිසා මම අද ඔයාට කියලා දෙන්නම් මොන ප්රශ්නේ ආවත් ඔයාගෙයි එයාගෙයි ආදරේ වෙනදා වගේම තියාගන්නේ කොහොමද කියලා
01) communication එක

දැන් communication කිව්වහම රටේම තියෙන වල් පල් ටිකයි,අරයගෙ වැරැද්දයි,මෙයාගේ වැරැද්දයි ,office එකේ ප්රශ්නයි කියවන්න ගන්න එපා.ඔයයි එයයි කතා කරන්න ඕනේ ආදරණිය දේවල්.ඔයලගේ ඉස්සරහා ජීවිතය ,wedding එක ,දරුවෝ සහ ඔයාලගේ පෞද්ගලික සිහිනයක් ගැන හොඳම යාළුවෝ වගේ.ඒ වගේම විහිළුවක් කරලා දෙන්නත් එක්ක හිනාවෙලා සතුටින් ඉන්නත් අමතක කරන්න එපා.
02) ලද දෙයින් සතුටු වෙන්න

නිතරම තව කෙනෙක්ට තියෙන දෙයක් අපිට නැහැ කිය කිය දුක් වෙන්නවත් එයාට කියන්නවත් යන්න එපා.මොකද එයා ඔයා වෙනුවෙන් පුළුවන් හැම දෙයකම කරනවා.සමහර වෙලාවට ඔයා වෙනුවෙන් කරන දේවල් ඕනෙවටත් වඩා වැඩි වෙන්න පුළුවන්.ඒ නිසා නථිඔ දේවල් ගැන නිතරම කියවන්න යන්න එපා,මොකද හැම කෙනාටම ප්රශ්න තියෙනවා.හැබැයි ගොඩක් අය ප්රශ්න නිසා පවුල ඇතුලේ ලොකු ප්රශ්න ගොඩ නගා ගන්නවා.ඒ ප දේවල් නිසා ගෙදර තියෙන සතුට නැති වෙන්න පුළුවන්.ඒ නිසා ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න.හිතලා බලන්න ඒ මොන දේ නැති වුණත් එයා ඔයාට ගොඩක් ආදරෙයි.ඔයාව විශ්වාසයි,ඒ දේවල් ගැන හිතලා නිතරම සතුටු වෙන්න
03) ඔබ වෙනුවෙන් කාලයක්

හැමදාම ගෙදරම වෙලා ඉන්න එක හරිම අමාරු වැඩක්.අනිත් එක හැමදාම එයත් එක්කම ඉන්නවට වඩා යාළුවොත් එක්ක පොඩ්ඩක් එලියට ගිහින් එන්න.ඒක ඔයාගේ mentally health එකටත් ගොඩක් හොඳයි.ඒ විතරක් නෙමෙයි එකිනෙකා මත යැපෙන එක සමහරවිට ඔයාට අමාරු වෙන්න පුළුවන්.
ඔයාට පුළුවන් මාසෙකට සැරයක් එයා නැතුව තනියෙන් කාලය ගත කරන්න.එතකොට එයාට ඔයාගේ වටිනාකම තවත් වැඩියෙන් දැනෙයි.ඒ විතරක් නෙමෙයි ඔයාටත් එයා නැති අඩුව නිසැකයෙන්ම දැනෙයි.ඒ විතරක් නෙමෙයි තමන්ගේ life එකට එයා කොච්චර වැදගත්ද කියලත් ඔයාට තේරෙයි.
තේරුනා නේද කොහොමද life එක සතුටින් ගෙවන්නේ කියලා.මොකද සතුට කියන්නේ හැමෝම බලාපොරොත්තු වෙන දෙයක්.හැබැයි අපේ ජීවිතේට සමහර වෙලාවක් දුක් ,කරදර එනවා.අපි එවා සතුටින් විඳගන්න ඕනේ.ඒ විතරක් නෙමෙයි ඔයාගේ වගේම ගෙදර ගේ සතුට ගැනත් ඔයා න්කිතරම හිතන්න ඕනේ.ඒ නිසා නිතරම ඉවසීමෙන් වැඩ කරන්න try කරන්න



