මේ දවස් වල හැමෝම වගා කරන නිසා එක එක වර්ග වල ශාක වගා කරනවා.ඉතින් මම හිතුවා ඔයාට ගොඩක් වැදගත් දෙයක් වගා කරන්නේ කොහොමද කියලා කියන්න.මම අද ඉතින් ඔයාට කියන්න හදන්නේ කෝමාරිකා වගා කරන හැටි.
කෝමාරිකා කියන්නේ ඖෂධිය ගුණයෙන් යුතු ශාකයක් වගේම ලස්සන වෙන්න කියාපු ඖෂධයක්.කෝමාරිකා වලින් තියෙන Benefit නම් ඕනේ තරම්.හරි අපි බලමු කොහොමද කෝමාරිකා හරියටම වගා කරන්නේ කියලා

සිටුවිය යුතු පැළයක අගල් ප්‍රමාණය – අගල් 6 සිට ඉහළට
තෝරාගත යුතු පැළ වල ස්වභාවය – නීරෝගී කෝමාරිකා පැළ සිටුවිය යුතුය.තැලුණු, පොඩිවුණු සහ දල්ල තැලුණු පැළ සිටුවන එක නම් හොඳ නැහැ
වැඩීම සඳහා යෝග්‍ය ස්ථාන – ගල්, බොරළු, වැලි සහ මැටි මිශ්‍ර ඕනෑම පසක් සුදුසුයි
ජල අවශ්‍යතාවය – කෝමාරිකා වලට ජල අවශ්‍යතාවය ඉතා අඩුයි.ඒ වගේම ඕනෑම වියලි කාලගුණයක් සහ ඕනෑම තෙත් කාලගුණයක් යටතේ වගා කරන්න පුළුවන්.හැබැයි වියලි කාලගුණය යටතේ සතියකට වරක් ජලය යොදන්න වෙනවා.
පැළ සිටුවීම

පාත්ති ක්‍රමය
පාත්ති විදිහට හදලා පොළවෙන් අගල් 06 ක් විතර උසට අඩියක් පමණ පළලට පාත්ති සකසා පැළ අතර පරතරය අඩි දෙකක් වන විදිහට කාබනික පොහොර දාලා පැළ සිටවන්න.
ඒ විදිහට පැළ සිටුවීමෙන් මුල් වර්ධනය, පැළ වර්ධනය හා ගස් විශාල වීම සිදු වෙනවා
බදුන්ගත වගාව.
ඉඩකඩ සීමිත අය සදහා ගෙවතු වගාවක් ලෙස බදුන් වල වගා කරන්න පුළුවන්
අස්වනු නෙලීම.
පැල සිටුවා මාස 06ත් 08ත් අතර කාලයේදී පළමු අස්වැන්න නෙලාගන්න පුළුවන්.ඊටපස්සේ අවම වශයෙන් මාස දෙකකට වරක් අස්වැන්න ගන්න පුළුවන්
මෙන්න මේ විදිහට කෝමාරිකා වගාවක් ඔයාටත් කරගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.ඖෂධයක් වගේම beauty product වලට ගන්න නිසා ඔයාට මේක ව්‍යාපාරයක් විදිහට වුණත් කරගෙන යන්න පුළුවන්.හැබැයි හොඳට වාගාව කරගෙන යන්න වෙනවා.try කරලා බලන්න



