අපිට ඕනෙම දෙයක් කරන්න කලින් එකිනෙකා සමඟ හොඳ Communication එකක් පවත්වා ගත යුතුයි.එහෙම නැත්නම් කිසිම වැඩක් හරියට කරගන්න හම්බ වෙන්නේ නැහැ.team work එකක් කරනවා නම් එතනත් අපේ Communication එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ.ඒ මොකද දන්නවද අපි මොනම හරි වැඩක් කරනකොට ඒ කරන දේ ගැන අනිත් අයගේ idea මොනවද කියන එක team එකේ ඉන්න හැමෝම දැනගන්න ඕනේ.ඒ වගේ තමයි family life එකක් ඉස්සරහට ගෙනියන්න නම් අනිවාර්යයෙන් communication එකක් තියෙන්න ඕනේ.ඉතින් කොහොමද ඒ communication එක හදාගන්නේ කියලා මම අද ඔයාට කියලා දෙන්නම්.
01) Close වෙන්නම ඕනේ

සමහර වෙලාවට අපි හිතනවා එයාට මම හිතන දේ තේරෙනවා.මොකද ඉතින් එයා මට ආදරෙයිනෙ කියලා.ඇත්තටම එහෙම වෙන අවස්ථා තියෙනවා,හැබැයි හැමවෙලාවෙම එහෙම වෙන්නේ නැහැ.එකත් හරිම දුර්ලභ විදිහට තමයි වෙන්නේ.ඒ නිසා ඔයාලා කොයි තරම් කාලයක් එකට ජිවත් වුණත් කිසිම වෙලාවක හිතන්න එපා එයා ඔයාගේ හිත කියවයි කියලා.ඒ නිසා ඔයාට මොනවා හරි දෙයක් එයාට කියන්න තියෙනවා නම් අනිවාර්යයෙන් හිතේ තියාගෙන් ඉන්නේ නැතුව කියන්න
02) අහන්න කලින් කියන්න.

අපි කරන වැරද්දක් තමයි ගොඩක් දේවල් අනුමාන කිරීම.දෙයක් අනුමාන කරනකොට එහි හැම තොරතුරක්ම දැනගන්න ලැබෙන්නේ නැහැ.ඒ නිසා දෙයක් අනුමාන කරනකොට ඒ ගැන සියලුම තොරතුරු දැනගන්න.අනිත් කාරණාව තමයි ඔයා ඒ දේ ගැන හැම පැත්තකින්ම හිතන්න.ඒ හැමදෙයකම ගනහිතලා දෙන්නත් එක්ක discuss කරන්න
03) අවශ්‍යතාවයන් සොයා බලන්න

ඔයාගේ අවශ්‍යතාවන් හැම දෙයක්ම එයාට සම්පුර්ණ කරන්න අමාරු වෙන්න පුළුවන්.හැබැයි එයා පුළුවන් හැම දෙයක්ම ඔයා වෙනුවෙන් කරනවා.ඒ නිසා ඔයාගේ සමහර අවශ්‍යතා ඉටු වුනේ නැහැ කියලා රණ්ඩු වෙන්න නම් යන්න එපා.විවේචන කරන්න යන්න එපා.ඔයාට මොනවද ඕනේ කියලා එයාට හෙමින්සැරේ කියන්න.මොකද ඔයාගේ අවශ්‍යතාවය ගැන එයාට කියන්නේ නැතුව තේරුම් ගන්න තරම් හැකියාවක් එයට තියෙන්න විදිහක් නැහැ.ඒ නිසා හැමවෙලවෙම communication එක තියාගන්න.
මේ වගේ communication එකක් තියා ගත්තොත් ඔයාට කිසිම කරදරයක් නැතුව ඔයාට එයත් එක්ක ගනුදෙනු කරගන්න පුළුවන්.ඒක හැබැයි ඔයාගේ විතරක් නෙමෙයි එයාගෙත් තියෙන්න ඕනේ.ඔයාට විතරක් තනියම කතා කරන්න බැහැනේ.ඒ නිසා එයාවත් දැනුවත් කරන්න හොඳ communication එකක් අපි අතර තියාගන්න ඕනේ කියලා



