කහ කියන්නේ අපිට හිතාගන්නවත් බැරි තරම් benefit දෙන ඖෂධයක්.ඒ වගේම හොඳ විෂබීජ නාශකයක්.ඔයා හිතනවා ඇති ඇයි මම අද කහ ගැන කතා කරන්නේ කියලා.turmeric ගැන කතා කරන්න ඕනේ තරම් දේවල් තියෙනවානේ.ඒ නිසා මම හිතුවා turmeric ගැන කතා කරන්න.ඇත්තටම turmeric වලින් මොනවද ලැබෙන්නේ කියලා අපි බලමුද.
කහ වලින් මොකක්ද කරන්නේ

- විෂබීජ නාශකයක්
- සම පැහැපත් කරනවා
- ප්‍රතිඔක්සිකරකයක්
- ආතරයිටිස්, සමේ පිළිකා,තුවාල සුව කිරීම,අක්මා රෝග සහ මුත්‍රා ආසාදන සුව කිරීම
කඩල පිටි සහ කහ කුඩු face pack

සම පැහැපත් කිරීම සහ සමේ ඇති ලප කැළැල් නැති කිරීම මේ face pack එකෙන් සිදු කරනවා.ඒ වගේම කුරුලෑ ඇති වීම සහ සමේ තියෙන oily ගතිය නැති කරනවා.
මෙහෙමයි හදාගන්නේ
- භාජනයකට කඩල පිටි මේස හැඳි දෙකක් , කහ මේස හැන්දක් සහ කිරි මේස හැඳි 02ක් දාලා mix කරන්න
- මිශ්‍රණය මුහුණේ හොඳින් තවරා විනාඩි 20ක් තියලා සොදාන්න
තෙතමනය ආරක්ෂා කිරීම සහ oily ගතිය නැති කිරීම

- කහ කුඩු තේ හැන්දකට ලෙමන් යුෂ සහ මී පැණි එකතු කර මෘදු Mix කරගන්න
- මිශ්‍රණය ගෙලෙහි සහ මුහුණේ ආලේප කර විනාඩි 30 කින් සෝදා හරින්න.
- මේ Treatment එක දිනපතා සිදු කරන්න
සමේ වියලි බවට

- කහ කුඩු තේ හැදි භාගයක් සහ කෝමාරිකා එකතු කර mix කරගන්න
- මිශ්‍රණය මුහුණේ ආලේප කර පැය භාගයකින් පමණ සෝදා හරින්න
ඇඟිලි වල අවපැහැය
- කිරි තේ හැඳි 01 ක්, කහ කුඩු ½ ක් සහ ආමන්ඩ් ඔයිල් බින්දු 02 – 03 ක් හොඳින් Mix කරන්න.
- ඊට පස්සේ මිශ්‍රණය ඇඟිලි වල හොඳින් ආලේප කර විනාඩි 20කින් පමණ සෝදා හරින්න
- සතියට දින 03ක් මේ treatment එක සිදු කිරීමෙන් හොඳ result එකක් ගන්න පුළුවන්
Dandruff සඳහා

- කහ සහ පොල්තෙල් හොඳින් මිශ්‍ර කර හිසකෙස් වල ආලේප කරන්න
- පැයකින් පමණ shampoo දමා සෝදා හරින්න
හිරු එළියෙන් හානී වූ සමට

- කහ වලට කෝමාරිකා යුෂ මිශ්‍ර කරලා ජෙල් එකක් විදිහට හදාගන්න
- මිශ්‍රණය මුහුණේ ආලේප පැයකින් පසු සෝදා හරින්න
ඊට අමතරව ඔයාට පුළුවන් හොඳ Face wash එකක් use කරන්න.හැබැයි කෝමාරිකා සහ කහ අඩංගු වෙලා තියෙන එකක් වෙන්න ඕනේ.ඒ ingredient තියෙන face wash එකකින් ඔයාට පුළුවන් Skin එකේ wet ගතිය ආරක්ෂා කිරීම , සමේ කුණු දුහුවිලි ඉවත් කිරීම ,skin එක fair කරනවා වගේම දිදුලන පෙනුමක් ලබා දෙනවා.
ඉතින් දැන් ඔයාට තේරෙනවනේ කහ කියන්නේ මොන වගේ දෙයක්ද කියලා.ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ skin එකේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම කහ වලින් ලබා ගන්න.try කරලා බලන්න ඔයාගේ ලස්සනට එකම විසඳුම



