Like
Like Love Haha Wow Sad Angry

අපි කොච්චර වැඩ කලත් වැඩක් නැහැ.boss කැමති අරයා කරන වැඩ වලට විතරයි.එයා අපි වගේ මහන්සි වෙන්නෙත් නැහැ.හැමවෙලාවෙම මැරීගෙන වැඩ කරන්නේ අපි.ඒත් boss අපි ගැන don’t care.එයා care කරන්නේ අරයට විතරයි.ඔහොම කතා නම් හැම office එකකින්ම අහන්න ලැබෙන විශේෂ නැති සුපුරුදු වචන.ඕකට ප්‍රධානම හේතුව තමයි හැමෝම කැමති Hard working වලට වඩා smart working වලට.මොකද කොහොම හරි වැඩේ හරියට වෙන්න ඕනේ නිසා.මෙතනදී smart working කරන්නේ කොහොමද කියලා ඉගෙනගන්න ඕනේ. අපි බලමු smart working කරන්නේ කොහොමද කියලා.

01) දිගම දිග list

අපිට සමහර වෙලාවට තියෙන වැඩ කරගන්න බැරි වුණහම හිර වෙනවා,එතකොට අපි කරන්නේ list එකක් හදාගෙන වැඩ සේරම ඉක්මනින් ඉවර කරගන්න try කරන එක.ඊට පස්සේ ඉදන් අපේ හිතේ තියෙන්නේ අර වැඩ ටික කොහොමද ඉවර කරගන්නේ කියලා.හැබැයි ඒක නම් වෙන්නේ නැති වැඩක්.අපිට තියෙන පැය 24 ඇතුලේ කොහොමද ඔය තරම් වැඩ ගොඩක් maintain කරන්නේ කියලා හිතන්නම වෙනවා.ඒ නිසා අපිට තියෙන time එක අනුව ඉවර කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය ගැන හිතලා ඒ වැඩ ටික ඉවර කරගන්න.

ආ..තව දෙයක් තියෙනවා.එකත් මම මේ එක්කම කියන්නම්.අපේ list එකේ අපි ලියාගත්තේ අපේ වැඩ ටිකනේ.හැබැයි එකේ තියෙන සේරම වැඩ අපිට කරන්නත් බැහැනේ.ඒ නිසා මේ වැඩ අතරේ ඉක්මණින් කරන්න පුළුවන් විනාඩි 02 – 03 වැඩ ඉවර කරලා ඒ දේවල් ඇරෙන්න ඔයාට තියෙන ලොකු වැඩ වලින් කරන්න පුළුවන් ප්‍රමාණය කරන්න.ඒ අතරින් හදිස්සි සහ ඉක්මනින් ඉවර කරන්න ඕනේ වැඩ ඉවර කරන්න.

02) මෙන්න ලොකුම වැරැද්ද?

ගොඩක් වෙලාවට අපි වැඩ ගොඩක් තියෙනකොට ඒකම බදාගෙන වැඩේ ඉවර කරන්නමනේ බලන්නේ.එහෙම වෙලාවට කන්නවත් මතක් වෙන්නේ නැහැ.කන්න විතරක් නෙමෙයි නිදාගන්නවත් හිතෙන්නේ නැහැ.හැබැයි ඒක නම් හොඳ වැඩක් නෙමෙයි.කන්නේ බොන්නේ නැතුව නිදාගන්නේ නැතුව වැඩ කරනකොට තමන්ගේ තියෙන කාර්යක්ෂමතාවය නැති වෙලා යනවා.එහෙම වැඩ කරනකොට ඊළඟ දවසේ වැඩ කරන්නත් බැහැ.ඊළඟට අපිට පැයකින් කරන්න පුළුවන් වැඩේ කරන්න පැය 03 – 04ක් යනවා.ඒ නිසා එක දිඟට ඒ විදිහට වැඩ කරන්නේ නැතුව වෙලාවක් අරගෙන කෑම කාලා පොඩි වෙලාවක් නිදාගෙන අයෙමත් වැඩ පටන් ගන්න.එතකොට වැඩේ quality එකටම කරන්න පුළුවන්

03) වැඩි වෙලාවක් යනවා නම් ඒක ලොකු වැඩක්ද?

ගොඩක් වෙලාවට අපි කරන ලොකුම වැරද්දක් තමයි වැඩේට වැඩි කාලයක් යනවා නම් ඒක ටිකක ලොකු වැඩක්.පොඩි වෙලාවකින් ඉවර කලොත් ඒක පොඩි project එකක් කියලා.හැබැයි අපි නිතරම කරන වැඩේ හරියටම හොඳ focus එකකින් අඩු වෙලාවකින් කරන්න try කරන්න.ඒක අපි අපි මනසින් හදාගන්න ඕනේ.අපිට ලොකු Project එකක් කරන්න තියෙනවා නම් ඒක එක එක වෙලාවට කරන්නේ නැතුව කොටස් වලට වෙන් කරලා කොටස් වශයෙන් ඉවර කරන්න.හැබැයි කොටස් වෙන් කළා කියලා එක කොටසකට අනවශ්‍ය විදිහට කාලය ගන්න එපා.ඒකෙන් වෙන්නේ ඔයා fail වෙන එක.

04) Communication එක නම් ගොඩක් වැදගත්

දැන් මේ වෙනකොට සන්නිවේදනය ගොඩක් දියුණුයි.phones ,e -mails හැමදෙයකින්ම වෙන්නේ communication එකෙන්.අපි office එකේ විතරක් නෙමෙයි ගෙදර අය එක්ක කතා කරන එකේ ඉදන් තියෙන්නේ සන්නිවේදනය.ඉතින් මේ සන්නිවේදනය අපිට හැමවෙලාවෙම වැදගත් වෙනවා.මොකද සන්නිවේදනය නැතුව අපිට කිසිම දෙයක් කරන්න බැහැ.අනිත් කාරණාව තමයි සමහර වෙලාවට අපිට boss වැඩක් දුන්නහම අපි ඒක කරනවා,සමහර තැන් වලට වෙන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ.එතකොට අපි හිරවෙනවා.ඒ නිසා අපි අපිට ප්‍රශ්නයක් ආපු ගමන්ම bossගෙන් අහන්න ඕනේ.නැත්නම් වැඩේ හරියට වෙන්නේ නැහැ.වැඩ කරනකොට අනිවාර්යයෙන් හොඳ communication එකක් තියෙන්න ඕනේ.එහෙම නැති වුණොත් වැරදි තොරතුරු තමයි හැමෝම අතරේ යන්නේ.ඒ නිසා හැමවෙලාවෙම හොඳ communication එකක් තියාගන්න

05) ඍණාත්මක සිතුවිලි

ඔන්න ඕක තමයි වැඩක් පටන් ගන්නකොට අපේ හිතට එන නරකම සිතුවිල්ල.ඒ නිසා මුලින්ම අපි අපිට කරන්න පුළුවන් වගේම අපි කරන්න කැමති දෙයක් තෝරා ගන්න ඕනේ.ඊට පස්සේ පස්සේ අපිට සතුටින් වැඩේ කරන්න පුළුවන්.නැත්නම් අරක කරන්න බැහැ,මේක කරන්න බැහැ කියා කියා හිත හිත ඉන්න වෙන්නේ.එතකොට වෙන්නේ ඔයා වදෙන් fail වෙන එක.අපි කවුරුවත් කැමති නැහැනේ කිසිම වැඩකින් fail වෙන්න.ඒ නිසා හැමවෙලාවෙම fail නොවී වැඩ කරන්න negative දේවල් හිතෙන අයින් කරගන්න.ඊළඟට අපි අනිවාර්යයෙන් proactive වෙන්න ඕනේ.ඒ කියන්නේ අපි නිතරම ක්‍රියාශීලිව වැඩ කරන්න ඕනේ කියන එක.අපි හැම වෙලාවේම boss කියන දේ විතරක් කරලා පැත්තකට වෙලා ඉන්න පුරුදු වෙලා ඉන්නවා.එහෙම නැතුව ඔයාගේ වැඩ ඉවර කරලා bossටත් ඔයාට job එක පැත්තෙන් එන අලුත් අදහස් ඉදිරිපත් කරන්න.මේ හැමදෙයකටම කලින් ඔයා ඔයා ගැන positive විදිහට හිතන්න.

06) Multi tasking කරන්න නම් එපා

සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්නේ අපිට ගොඩක් වැඩ කරන්න කරන්න පුළුවන්.multi tasking කරන්න අපිට වඩා හොඳ කවුරුවත් නැහැ කියලා.හැබැයි office වල වැඩ කරන අය නම් මේ වැඩේ කරන එක නම් හොඳ දෙයක් නෙමෙයි.ඒ නිසා අපි මුලින්ම හදාගත්ත list එකට අනුව වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ.එකක් කරන අතරේ තව එකක් කරන්න try කරන්නේ නැතුව එක වැඩක් ඉවර කරලා තව වැඩක් කරන්න ඉගෙනගන්න ගන්න ඕනේ.එතකොට වෙන්නේ එක වැඩක්වත් හරියට කරගන්න බැරි වෙන එක.ඒ නිසා ඔයාට කරන්න තියෙන වැඩ ඉවර කරලා ඊට පස්සේ අනිත් අයට උදව් කරන්න.

07) අන්තිම තත්පරේ වෙනකන් ඉන්නවද

අපි හැමවෙලාවෙම වැඩ කරන්න තියාගන්නේ අන්තිම තත්පරේනේ.එතකොට නම් අන්තිම තත්පරේත් වටිනවා.ඔන්න දැන් අපිට මේ මාසේ කරපු වැඩ ටික list එකක් හදාගන්න කියලා මාසේ මුල කියනවා.හැබැයි අපි ඒක හදන්නේ නැහැ.මාසේ අවසන් වෙලා boss මතක් කරපු ගමන් ඔන්න රත් වෙනවා. ඇත්තටම මතක් වෙන්නේ එතකොට,ඊට පස්සේ ඉතින් වැඩේ පටන් ගත්තත් ප්‍රමිතියකින් වැඩේ වෙලා නැහැ.හැබැයි අපිට පුළුවන් නම් අන්තිම තත්පරේ වුණත් වැඩේ හරියට ගොඩ දාගන්න ඒක අපිට ගොඩක් ලොකු වාසියක් වෙනවා.එහෙම කරනවා නම් කරන්න පුළුවන් අපිට මාසේ ඉවර වෙන්න කලින් සතියකට කලින්වත් වැඩේ ඉවර කරගන්න.එතකොට ඉතින් හැමදෙයක්ම complete විදිහට වෙලා.බය වෙන්න දෙයකුත් නැහැ.

ඇත්තටම හැමදෙයකටම වඩා smart විදිහට වැඩේ කරනවා නම් තමයි හොඳ.එතකොට හැම දෙයක්ම qualityට කරන්න පුළුවන්,නැත්නම් hard work කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි. ඒ නිසා හැමවෙලාවෙම අපි කෙරන්න ඕනේ smart work විතරමයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here