Like
Like Love Haha Wow Sad Angry
1

සාමාන්‍යයෙන් අපි sleeper’s වලට අමතරව එක එක වර්ගයේ සෙරප්පු දානවනේ.shoes, saddles, heels වගේ හැම ජාතියේම ඒවා අපි කොයිම වෙලාවක හරි use කරන්න ගන්නවා.හැබැයි අපි use කරන්නේ අවස්ථාවට ගැලපෙන පාවහන්ද? නැත්නම් අපිට ගැලපෙන ඒවාද කියලා හරියටම දන්නවාද?ඉතින් මම අද ඔයාට කියලා දෙන්නම් කොහොමද හරියටම ගැලපෙන පාවහන් select කරගන්නේ කියලා.

Footwear ගන්න කලින් හිතන්න ඕනේ මොනවා ගැනද?

  • සිරුරේ බර
  • කකුලේ ප්‍රමාණය
  • සිරුරේ ප්‍රමාණය

Flat Shoes

සාමන්‍යයෙන් Flat Shoes භාවිතා කිරීම සිරුරට වගේම අපේ කකුල් වලටත් ගොඩක් පහසුයි.ඒ නිසා අපි නිතරම අපේ පහසුව ගැන හිතන්න ඕනේ.ඔයා job එකක් කරන කෙනෙක් නම් හරි school යන කෙනෙක් නම් හරි නිතරම පහසු footwear select කරගන්න.ඒ නිසා ඔයාට හොඳටම ගැලපෙන්නේ Flat Shoes.

Loafers

ඔයා නිතරම frock, skirts සහ trouser අඳින කෙනෙක් නම් Loafers තමයි ඔයාට ගොඩක් match වෙන්නේ.මේ වර්ගයේ පාවහන් වල පුංචි අඩියකුත් තියෙන නිසා සැහැල්ලු සපත්තුවක් වගෙයි.ඒ කොහොම වුණත් මේ footwear සාරි අඳින කෙනෙක්ට නම් match වෙන්නේ නැහැ.ඒ ඇයි දන්නවද .Saree එකකට කකුල් වැසෙන footwear ගැලපෙන්නේ නැති නිසා

Heels සහ wedge shoes

සාමාන්‍යයෙන් Saree එකක් ඔසරියක් අඳින කෙනෙක් නම් අනිවාර්යයෙන් heels වගේ footwear select කර ගන්න ඕනේ.ඒකෙන් body shape එක ඔප් නංවනවා.ඔයා Saree අදින කෙනෙක් නම් නිතරම select කර ගන්න ඕනේ high heel සහ පිටුපසින් පටි යෙදු පාවහන්.

හැබැයි ඔයා ටිකක් මිටි කෙනෙක් නම් high heel පළඳින එක තමයි ගැලපෙන්නේ.ඒකෙන් ඔයාට උස පෙනුමක් ගේනවා විතරක් නෙමෙයි Personality එක ඉහල නංවනවා.

ඔයා සිහින්, උස කෙනෙක් නම් high heels footwear එතරම් ගැලපෙන්නේ නැහැ.ඔවුන් high heels තෝරා ගන්නවා නම්, අඩිය ඉතා අඩු flat footwear තෝරා ගන්නවා නම් හොඳයි.

Pumps Shoes

මේ වර්ගයේ footwear වල අඩිය ටිකක් උසයි.නමුත් මේවා Normal ගමනකට use කරන්න නම් ගැලපෙන්නේ නැහැ.ගොඩක් වෙලාවට Pumps Shoes ගැලපෙන්නේ party එකක් වගේ අවස්ථාවකට විතරයි.

මේ ගැනත් හිතන්න

  • ඔයා ටිකක් මහතා කෙනෙක් නම් නිතර නිතර high heels පැළඳුවොත් කොන්ඩේ කැක්කුම ඇති වෙන්න පුළුවන්.ඒ වගේම සිරුරේ බර දරා ගන්න අපහසු නිසා ඇඟිලි විකෘති වෙන්නත් ඉඩ තියෙනවා.
  • දෙපා වැඩිපුර වැසෙන footwear නිතර පැළඳීමත් සුදුසු වන්නේ නැහැ.ඒ මොකද දන්නවද දෙපා වලට වාතාශ්‍රය නොලැබීම නිසා, රෝගාබාධ ඇති වෙන්න පුළුවන්.
  • සාමාන්‍යයෙන් අපි අලුත් footwear ගත්තහම ඒවායින් කකුල් කැපෙනවා.ඒ වගේ වෙලාවට ඉටිපන්දමක් ඇතිල්ලීම මඟින් පාවහන් වල රළු ගතිය අඩු කර ගන්න පුළුවන්.

ඉතින් footwear ගන්න කලින් හිතන්න ඕනේ මෙන්න මේ දේවල් ගැන තමයි.හරියටම අවස්ථාවට ගැලපෙන footwear use කරනවා නම් අපේ Personality එකට හානියක් වෙන්නෙත් නැහැ.ඒ වගේම අපේ සිරුරට හානියක් වෙන්නෙත් නැහැ.ඉතින් ඔයා අද ඉදන් footwear ගන්න කලින් හොඳට හිතල බලන්නම වෙනවා

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here