කොච්චර ලොකුවට wedding ගත්තත් ,marry කරන්න කළින් මොන කතා කිව්වත් වෙන් වීමක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම වෙනවා.ඉස්සර වගේ නෙමෙයි වර්තමානයේ ඕනේ තරම් දික්කසාද සිද්ද වෙනවා.සාමන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරකට Divorse Case 300ක් විතර සිදු වෙනවා කියලා සමීක්ෂණ වළින් හොයාගෙන තියෙනවා.අපි හිතන්නේ නැහැනේ ඇයි ලෝකයේ මෙච්චර Divorse සිද්ධි වැඩි වෙන්නේ.මම අද ඔයාට කියන්නම් දික්කසාද වලට හේතු මොනවද කියලා
ලෝක දෙකක ජීවත් වීම

ඔයාලා දෙන්නා වෙනුවෙන් ඔයාලට වෙලාවක් තියෙන්න ඕනේ.ඔයා ඔයාගේ වැඩ හරි එයා එයාගේ වැඩ වලම හරි දවසම එල්ලිලා ඉන්නවා නම් අනෙක් පාර්ශ්වයට එපා වෙනවා.එතකොට එයාගේ හිතට දැනෙන්න ගන්නවා එයත් එක්ක ජිවත් වෙන්නේ කිසිම හැඟීමක් දැනීමක් නැති ප්‍රාණයක් කියලා.අන්න එතනදී තමයි එපා වීම සිද්ද වෙන්නේ.ඒ නිසා එකිනෙකා ගැන අවදානයෙන් වගේම එකිනෙකා වෙනුවෙන් කාලය ගත කරන්න දවසට පැයක් ,දෙකක්වත් වෙන් කරන්න
නිතර ඇතිවන රණ්ඩු

ඇත්තටම ජීවත් වෙනවා කියලා දැනෙන්න නම් අපි සතුටින් ඉන්න ඕනේ.හැබැයි දෙන්නත් එක්ක හැමවෙලාවෙම රණ්ඩු වෙනවා නම් ජීවත් වෙන එකත් එපා වෙනවා.ගොඩක් වෙලාවට එයාට වඩා ඔයා හොඳ Post එකක් තියෙන job එකක් කරනවා නම් ,නැත්නම් හැමවෙලාවෙම තමන් හරි කියන මතේ ඉන්නවා නම් ,එහෙමත් නැත්නම් එකිනෙකා කෙරෙහි ඇති ඉරිසියාව නිසා රණ්ඩු ඇති වෙනවා.ඒ දේවල් දරුවන්ටද බලපානවා.ඊටපස්සේ එයාලා විවාහය ගැන හිතන්නෙත් වැරදි විදිහට
එකිනෙකා ගැන ඇති අවබෝදය

එයයි ඔයයි විතරක් නෙමෙයි අපි ළඟින්ම ,වැඩියෙන්ම ආශ්‍රය කරන අය ගැන අපිට හොඳ අවබෝදයක් තියෙන්න ඕනේ.ඉතින් විවාහයකදී අවබෝදය කියන්නේ අනෙක් හැමදෙයකටම වඩා වැදගත් දෙයක්.දෙදෙනාගේ රුචි අරුචිකම් මොනවද කියන දේ ගැනත් හොඳ අවබෝදයකින් ජිවත් වෙන්න ඕනේ.ඒ වගේම ඔයාලා දෙන්නම එකිනෙකාගේ ගමනට සහයෝගය දෙන්න ඕනේ.ඔය ඔයාගේ වැඩේ ගැන බලාගන්න කියන්නේ නැතුව තමන්ට පුළුවන් දෙයක් තියෙනවා නම් අනෙත් කෙනා වෙනුවෙන් කරලා දෙන්න උත්සාහ කරන්න
වෙනත් අවශ්‍යතා ප්‍රමුඛ වීම

හැමෝටම ඉලක්ක ,බලාපොරොත්තු,සිහින තියෙනවා.ඉතින් අපි නිතරම උත්සහ කරන්නේ මේ දේවල් කොහොම හරි ඉෂ්ඨ කරගන්න.අපිට marry කරන්න කළින් ඒ දේවල් තමයි ජිවිතයේ ප්‍රමුඛම දේවල් වෙන්නේ,හැබැයි marry කළාට පස්සේ ප්‍රමුඛ වෙන්න ඕනේ විවාහය.ඊළඟට තමයි අනෙත් දේවල් වලට මුල්තැන් දෙන්න ඕනේ.ඒ නිසා දෙදෙනා අතරේ හොඳ අනෝන්‍යය තේරුම් ගැනිමක් තිබිය යුතුයි.ඒ වගේම ගන්නා තීරණ ගැන දෙදෙනා විසින්ම සාකච්ඡා කල යුතු වෙනවා.
සියලු බර එක්කෙනෙක් මත පැටවීම

ගොඩක් දික්කසාද වලට හේතුවක් තමයි ගෙදර හැම වැඩක්ම එක්කෙනෙක් මත පැටවීම.ඒ කියන්නේ කිසිම සහයෝගයක් නැහැ කියන එකනේ.එහෙම නම් බැහැ.දෙන්නෙක් විවහා වෙන්නේ එක පවුලක් වෙනවා කියන එක.පවුලක් කියන්නේ කණ්ඩායමක් වගේ සමගියෙන් ,ආදරයෙන් වැඩ කරන්න ඕනේ.එක්කෙනෙක්ට විතරක් තනියම වැඩ කරන්න බැහැ.ගෙදර වැඩ වුණත් එකිනෙකා අතර බෙදාගෙන කරන්න.එහෙම නැත්නම් වෙන්නේ Marry කළේ අපරාදේ, තනියම හිටිය නම් මේ වගේ දුක් විඳින්න ඕනේ නැහැ කියලා.
ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි දික්කසාද වෙන්න හේතු වෙන්නේ.ඇත්තටම මේ කියන දේවල් අපිට හදාගන්න පුළුවන් පුංචි දේවල්.ඒත් අපි හිතන්නේ නැහැ අනාගතයේ marry කරන්න කෙනෙක් නම් ඔයාටත් මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා.මොකද Family life එකක් කියන්නේ ඔහේ ගෙවලා දාන්න පුළුවන් දෙයක් නෙමෙයි.



