Like
Like Love Haha Wow Sad Angry
1

අපි හැමෝම රැකියාවක් කරන්නේ ගොඩක් ලොකු අරමුණු සහ අපේක්ෂාවන් තියාගෙන.හැබැයි ඒ අරමුණු වලය යන්න හරි පාරෙන් වගේම වැරදි පරෙනුත් පුළුවන්.ඉතින් ඒ අරමුණු වලට වැරදි විදිහට ගියොත් ඔයාගේ boss එක්ක තියෙන හොඳ හිතත් නැති වෙන්න පුළුවන්,ඒ වගේම ආයතනයේ අනිත් අය එක්ක තියෙන සම්බන්ධතාවයත් පළුදු වෙන්න පුළුවන්.ඒ නිසා ඉහලට යනකොට අනිත් අයත් එක්ක තියෙන සම්බන්දතාවය රැකගන්න ඕනේ.ඒ කොහොමද කියලා අද අපි බලමු

තමන්ගේ විදිහට කිරීම

ගොඩක් අය වැඩ කරනකොට තමන් කරන විදිහ තමයි හරි කියලා හිතාගෙන ඉන්නවා.වෙන කිසිම කෙනෙක් කියන දෙයක් පිළිගන්න කැමති නැහැ.එයාලා වැඩ කරන්නේ කොච්චර අමාරු වුණත් තමන්ට හුරු පුරුදු එකම ක්‍රමයට විතරයි.එතකොට ඉතින් අනිත් අයට ඔයාගේ වැඩ හරියන්නේ නැති වෙන්න පුළුවන්.ඒ නිසා වැඩක් කරන්න යනකොට අනිත් අයගේ උපදෙස් අරගෙන ඒ Idea වලින් ගන්න පුළුවන් දේවල් අරගෙන වැඩේ කරන්න පුළුවන් හොඳම විදිහට කරන්න

වැරදි පිළිනොගැනීම

ඕනෙම ආයතනයක මේ වගේ අය දකින්න පුළුවන්.ඉතින් තමන්ගේ අතින් වැරද්දක් වුණා නම් ඒ වැරැද්ද පිළිගන්න.වෙන අයගේ පිට පටවන්න යන්න එපා.ඒ වගේම අනිත් අයගේ වැරදි Bossට කියන්න යන්නත් එපා.හැබැයි ඔයාගේ Boss අනිත් අයගේ අඩුපාඩු හොයන්න ඔයාට කියනවා නම් ඒ කියන්නේ ඔයා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියන එක නෙමෙයි.ඇත්තටම එතනදී වෙන්නේ ඔයාව අනිත් අයගේ විස්තර ලබාගන්න එක්තරා මාධ්‍යක් ලෙස භාවිතා කිරීම පමණයි

වෙලාවට කළින් ආයතනයෙන් පිට වීම

සාමාන්‍යයෙන් Office පටන් ගන්න වෙලාවක් තියෙනවා.අවසන් වෙන වෙලාවක් තියෙනවා.හැබැයි සමහර අය ඉන්නවා Office ඉවර වෙන්න කළින් පිටවෙලා යනවා.ඒ විදිහට හැමදාම යන්න ගියොත් වෙන්නේ ඔයාගේ Bossට වගේම අනිත් අයටත් එපා වෙන එක.හදිසි අවශ්‍යතාවයකට ගියත් ඒ සඳහා අනුගමනය කල යුතු පිළිවෙලක් තියෙනවා.එහෙම නැත්නම් ඔයා වැඩ අවසන් කරලා යනවා නම් Bossට හිතෙන්න පුළුවන් ඔයාට දීලා තියෙන වැඩ ප්‍රමාණය මදි කියලා

ආයතනයෙන් ඉවත්වෙන බවකීම

මේ වගේ අය ඔයාගේ Office එකෙත් ඇති.කවුරු හරි මොනවා හරි කියපු ගමන් මම තවත් මේ Office එකේ නම් ඉන්නේ නැහැ.වෙන Job නැද්ද.මම අස් වෙලා යනවා වගේ දේවල් කියන අය ඉන්නවා නේද.ඔය විදිහට හැමදාම ,නිතරම කියන්නේ බොරුවට වුණත් මේ දේවල් වලට Boss අකමැති වෙන්න පුළුවන්.ඒ වගේම අලුතෙන් ඔයාගේ position එකට කෙනෙක් අරගෙන ඔයා හිතන්නෙවත් නැති වෙලාවක අස් වෙන්න කියන්න ඉඩ තියෙනවා

Office එකක හොඳට වැඩ කරගෙන ඉන්න කැමති නම් කවදවත් මේ දේවල් නම් කරන්න එපා.එහෙම දේවල් කළොත් වෙන් කාටවත් පාඩු වෙන්නේ නැහැ.තමන්ටම තමයි පාඩුව සිද්ද වෙන්නේ.ඒ නිසා Office එකේ අයත් එක්ක හැමදාම හොඳින් වැඩ කරගෙන ඉන්න Try කරන්න

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here