Like
Like Love Haha Wow Sad Angry

වියදම් වැඩි මේ කාලේ අපි හැමෝම කැමති අඩු වියදමකින් හැමදේම කරන්නනේ. හැබැයි ඔයා කියයි “මේ කලේ wedding එකක් කොහොමද අනේ අඩු වියදමකින් කරන්නේ?” කියලා.හොදට සැලසුම් කළොත් කරන්න බැරි නැහැ. අපි බලමු මොනවද අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කියලා.

Invite කරන List එක අඩු කර ගන්න.

මේ වැඩේට ඔයාගේ ගෙදර අය සම්බන්ද කර ගන්නවානම් හොදයි. මොකද ඔයාගේ නෑදෑයෝ ගැන idea එකක් තියෙන්නේ අම්මලා තාත්තලටනේ.එයාලා එක්ක කතා කරලා කියන්නම ඕනේ අය විතරක් තෝරාගන්න. මුළු නෑදෑ පරම්පරාවටම කියන්න යන්න එපා. එකෙන් වෙන්නේ ඔයාගේ Budget එක වැඩි වෙන එක විතරයි.

Wedding gift වෙනුවට help එකක් ගන්න පුලුවන්ද බලන්න.

Wedding එකේ සමහර දේවල් වලට ඔයාට ඕනේ කරන දේවල් දෙන්න පුළුවන් අය ඔයාගේ අවටම ඉන්න පුළුවන්.උදාහරණයක් විදියට ඔයාගේ යාළුවෙක් salon එකක් කරනවානම් ඔයාට ගැන අඩුවට එතනින් dress කර ගන්න පුළුවන්ද බලන්න.

උත්සවය නිවසේ හෝ එළිමහන් තැනක ගන්න

අපි ගොඩක් අය කරන වැරද්දක් තමයි ලොකු wedding hall එකක් book කරන එක.ඒ වගේ තැනකට වියදම් කරනවට වඩා ඔයාට පුළුවන් ඔයාගේ ගෙදරම Party එක තියන්න.ඒ වගේම ඕන තරම් ලස්සන park තියෙනවා wedding එකක් ගන්න පුළුවන්. ඒක ලස්සන වගේම Wedding එකට එන අයටත් අළුත්ම අද්දැකීමක් වෙයි.එතකොට අලුත් අත්දැකීමක් එක්ක ලස්සන, අමතක නොවෙන wedding එකක් ගන්න පුළුවන් ඔයාට.

කන බොන දේවල්

කෑම බීම ගන්නකොට අපි නිතරම ලේසියට කරන්නේ order කරන එකනේ.නැත්නම් wedding එක තියෙන hotel එකෙන් ගන්නවා.ඒ වෙනුවට ඒ කෑම අපිටම හදා ගන්න පුළුවන්. Welcome drink එක ගෙදරදීම හද ගන්න.ඒ විදිහට කරන එකෙන් ඔයාට වියදම ගොඩක් අඩු කර ගන්න පුළුවන්.

Flower decoration

Bride ගේ වගේම bridesmaid ලගේ flower bouquets ඔයාම කලින් දවසේ හදා ගන්න. දවසකට විතරක් තිය ගන්න පුළුවන් මල් වලට අපි ලොකු වියදමක් කරනවා.ඉතින් ඒ වෙනුවට ඔයාටම ඒ decoration කරන්න පුළුවන් නම් ඔයාට ඔයා ගැනම ආඩම්බර හිතේවි.

Bridesmaid’s සහ best manලට තෑගි දෙන්න එපා.

සමහර වෙලාවට bridesmaid’s සහ bestmanලට තෑගි දෙන එක පුරුද්දක් විදියට කරනවා.ඒ වෙනුවට එයාලට thank you කියන්න. පොඩි Card එකක් දෙන්න. ඒක ගොඩක් වටිනවා වගේම මතක හිටින දෙයක් වෙයි.

Invitations ඔයාම හදන්න.

Invitation card හදන විදිය YouTube වල ඕන තරම videos තියෙනවා. ඔයා දෙන invitation card එක හැමදාම තියා ගන්නේ ඔයා විතරයි. ඉතින් ලොකු ගානක් දීල card හදනවට වඩා පොඩි simple card එකක් ඔයාටම ගෙදරදී හදාගන්න පුළුවන්.

ඇදුම් මිලදී ගන්න එපා.

Wedding dress එක සල්ලිවලට ගන්න එපා. ඒ වෙනුවට ඔයාට පුළුවන් ඒක rent එකට ගන්න.එක දවසකට විතරක් අදින ඇදුමකට ගොඩක් සල්ලි වියදම් කරනවට වඩා ඒ ක්‍රමය ගොඩක් හොදයි.

Plan කරන්න. Stress වෙන්න එපා.

කලින් Wedding ගත්ත අය එක්ක කතා කරන්න.ඒ වගේම ඔයාල දෙන්න එකතු වෙලා කතා කරන්න.පොඩ්ඩක්වත් Stress වෙන්න එපා. සැහැල්ලුවෙන් හිතන්න. හොද Plan එකක් තියෙනවනම් බය වෙන්න දෙයක් නැහැ.ඒ නිසා හොඳට හිතලා බලලා හැම වැඩක්ම කරගන්න

ලොකු වියදමක් එක්ක ලෝකෙට පේන්න wedding ගන්නවට වඩා මේ විදියට simple wedding එකක් ගන්න. එක ඔයාට වගේම ගෙදර අනිත් අයටත් ලොකු පහසුවක් වෙයි

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here