තමන්ගේ ආදරවන්තයත් එක්ක romantic date එකකට එලියට යනවනම් ඔයාට හිතන්න ගොඩක් දේවල් තියෙනවා.ඔයාගේ කොන්ඩේ, makeup එක, ඇදුම මේ හැම දෙයක් ගැනම ඔයා හොදට හිතන්න ඕනේ.ඉතින් ඒ දේවල් අතරින් ඇදුම Special. මොකද වෙන ගමනක් යනවා වගේ ඔයාට romantic date එකකට යන්න බැහැ. ඒ වගේම ඒ ඇදුමෙන් ඔයාට සුවපහසුවක් දැනෙන්නත් ඕනේ.මොකද ඔයාලා යන්නේ නිදහසේ ඉන්න, කතා කරන්න. ඒ වගේ වෙලාවකට ඔයාගේ ඇදුම ඔයාට කරදරයක් නම් ඒ මොහොත ඔයාට විදින්න බෑනේ. ඒ වගේම ඒ ඇදුමට ඔයාව වෙනදට වඩා විශේෂ විදියට පේන්න ඕනේ.ඒ නිසා මෙන්න මේ විදියටත් try කරලා බලන්නකෝ.
ආදරයේ පාට

ආදරේ පාට රතුනේ. ඉතින් රතු පාට ඇදුමකට ඔයාව ලස්සනට පෙනීවී. රතු කියන්නේ නිකන්ම නිකන් පාටක් නෙවෙයි. එකෙන් රුධිර පීඩනය වැඩි කරනවා. ඒ වගේම ආදරේට සම්බන්ද හෝර්මෝන වැඩියෙන් ශ්‍රාවය වෙනවා. ඒ නිසා පිටින් වගේම ඇග ඇතුලෙනුත් ඔයාට ලොකු ප්‍රබෝධයක් දැනෙයි. ඒ වගේම තව කතාවක් තියෙනවා. ඒ තමයි රතු පාට ඇදගෙන ඉන්නකොට කාලය ඉක්මනට ගත වෙනවා කියන එක. ආදරේ කරන කෙනා එක්ක වුණත් ගොඩක් වෙලාවක් ඉන්නකොට boring වෙන්න පුළුවන්. හැබැයි මතක තියා ගන්න තනි රතුම අදින්න එපා. Mix එකක් එක්ක අදින්න.
Gold color

Shine එක වැඩි gold color jewelry, ඇදුම් වලින් ඔයාගේ පෙනුම වෙනදට වඩා glitter වෙන්න පුළුවන්. Gold watch එකක්, necklets එකක් use කරන්න. එකෙන් ඔයාව glamour විදියට පෙනේවි. Boyfriendගේ ආකර්ෂණය ඔයාට අඩුවක් නැතුවම ලැබේවි.
මනමාලියන්ගේ පාට

මනමාලියන්ගේ පාට සුදුනේ.ඔයා ආදරේ කරන්නේ ගොඩක් කාලෙක ඉදන් නම් දැන් විවාහ වෙන්න කාලය හොද බව ඉඟියකින් ආදරවන්තයට කියන්න ක්‍රමයක්. සුදුපාට ඕනෑම තැනක හොදින් කැපී පෙන වර්ණයක් නිසා සරල සුදු පාට ඇදුමක් තෝර ගන්නත් ඔයාට පුළුවන්. එකෙන් ඔයාගේ මුහුණට එළියක් ගේනවා.
Magic පාට

Magic පාට කියන්නේ මොකක්ද? Magic color එක තමයි black. ඒකට එහෙම කියන්න හේතුව තමයි කළු පාට කියන්නේ ඉක්මනටම හොයා ගන්න පුළුවන්, design ඕනෑතරම් තියෙන පාටක් විම. ඔයාට අලුත් ඇදුමක් ගන්න වෙලාවක් නැත්නම් ඔයාට ළඟම තියන හොදම තේරීම තමයි කළු පාට. මොකද ඕනෑම කෙනෙක් ලග කළු පාට ඇදුම් තියෙනවා. හැබෙයි ඔයා කළු පාට ඇදුමට gold color belt එකක් bangle එකක් දාන්න පුලුවන්නම් ඒක හොද ගැලපීමක් වෙයි.
පොඩි Bag එකක් ගෙනියන්න

Romantic date එකකට යනකොට ලොකු bag අරගෙන යන්නේ එපා. ඒ වෙනුවට ඇදුමට ගැලපෙන විදියට පොඩි bag එකක් අරන් යන්න. ඒක සරලයි, ඒ වගේම පහසුයි. ඒ වගේම ඔයාට ඒකෙන් ලොකු සැහැල්ලුවක් දැනෙයි
දැන් ඉතින් boyfriend date එකකට යන්න කතා කලාම බය වෙන්න දෙයක් නෑ. මොකද දැන් ඔයා දන්නවා ලස්සනටම යන්න මොනවද කරන්න ඕනේ කියන එක.එයා වෙනදාටත් වඩා ආදරේ කියලා ඔයාට හිතේවි.



