ඔයා ළඟදී Marry කරන්න නේද ඉන්නේ.මේ දවස්වල ඔයා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා කියලා මම දන්නවා.ඒත් ඔයා කොහොමද ලෑස්ති වෙන්නේ.මොනවද කරන්නේ.wedding dress එක ගැන හිතනවා ඇති.එහෙම නැත්නම් බර අඩු කරගන්න try කරනවා ඇති.wedding එක ගන්නේ කොහෙද කියලා හිතනවා ඇති.ඔය ඔක්කොම ප්‍රශ්න ගැන හිතනවා වගේම ඔයා ඔයාගේ skin එක ගැනත් හිතන්න ඕනේ.මොකද ඔයා හොඳටම දන්නවා wedding එකක ලස්සනම කෙනා වෙන්න ඕන bride කියලා.මොකද හැමෝගෙම ආකර්ෂණය ලැබෙන්නේ brideටනේ.ඉතින් ඔන්න අද අපි කියන්න යන්නේ bride කෙනෙක් වෙන්න මග බලාගෙන ඉන්න ඔයාට ස්වභාවික දේවල් වලින් skin එක පැහැපත් කරගන්න පුළුවන් scrub කිහිපයක් ගැන
දුඹුරු සීනි සහ වැනිලා Scrub

සීනි කියන්නේ අපේ මැරුණු සම ඉවත් කරලා පැහැපත් පෙනුමක් ඇති කරවන දෙයක්.ඒ වගේමයි වැනිලා කියන්නෙත් dark වෙලා තියන අපේ skin එකට ගොඩක් හොද treatment එකක්.මේ දෙකම mix කරලා face එකට apply කරලා මෘදුව උඩ අතට මිනිත්තු 05ක් විතර massage කරන්න.ඊට පස්සේ මිනිත්තු 15කින් විතර face එක wash කරන්න පුළුවන්.
දෙහි සහ පොල්

සුන්දර මනාළියක් වෙන්න ඉන්න ඔයාගේ dream එක සැබෑ කරගන්න මම උදවු කරනවා කියලා කළින්ම කිවුවනේ.ඉතින් දෙහි කියන්නේ සම පිරිසිදු කරන්න අපිට උදවු කරන දෙයක්.හැබැයි අහල තියනවද පොල් වලින් සම පිරිසිදු වෙනවා කියලා. ඔයාට කරන්න තියෙන්නේ lemon මේස හැදි දෙකකට ගා ගත්තු පොල් ටිකක් mix කරලා face එකේ උඩ අතට මිනිත්තු 10ක් විතර massage කරන්න.ඊට පස්සේ wash කරන්න.ඔයාටම වෙනස දැනෙයි.
චොකලට් සහ සීනි

ඔයා පුදුම වෙන්න ඇති මම චොකලට් scrub එකකට use කරනවා කියලා කිවුවම.චොකලට් වල තියන කොකෝවා සාරය නිසා ඔයාගේ skin එක නැවුම් කරනවා.skin එක dark වෙලා නම් bride කෙනෙක් වෙන්න ඉන්න ඔයා මේ scrub එක use කරන්නම ඕන.සීනි මේස හැදි එකකට චොකලට් මේස හැදි එකක් mix කරලා face එකට apply කරන්න.ඔයාට මේ scrub එක ඔයාගේ ඇඟට, යටි පතුල් වලටත් use කරන්න පුළුවන්.චොකලට් වලින් skin එක සිනිදු කරන නිසා මේ scrub එක use කලොත් මෘදු සමක් ලබාගන්න ඔයාටත් පුළුවන්.
තවත් Beauty tricks තියනවා.දැනට ඔයා මේ ටික කරලා බලන්න.ඉක්මණින්ම මම ඒවත් ඔයාට කියලා දෙන්නම්.ඔයාගේ ජීවිතේ ලස්සනම දවසේ ලස්සනටම ඉන්න මම ඔයාට උදවු කරන්නම්.



