අපි හැමෝම දන්නවා අපි ඉගෙන ගත්තේ අම්මා තාත්තා දිහා බලාගෙන ඉදලා කියලා.අපි පුංචි කාලේ වැඩ කලෙත් අම්මා තාත්තා කරන්නේ මොකක්ද ,කොහොමද කියලා ඒ දේවල් අනුකරණය කරන්න පුරුදු වෙලා.ඉතින් දරුවන්ට මඟ පෙන්වීමේදී අම්මට තාත්තට ලොකු වඟකිමක් තියෙනවා.ඒ මොකක්ද දන්නවාද.දරුවෝ ඉදිරියේ කල යුතු නොකළ යුතු දේවල් අඳුරගන්න එක.ඒ දේවල් හරියට ක්‍රියාත්මක කරන එක.ඉතින් මම හිතුවා දරුවෝ ඉදිරියේ නොකළ යුතු දේවල් මොනවද කියලා ඔයාට කියලා දෙන්න.මොකද ඔයා දැන් අම්මා කෙනෙක් නොවුණත් අනාගතයේ දවසක අම්මා කෙනෙක් වෙයි.අන්න එදාට ඔයාගේ ජිවිතයට මේක ගොඩක් වැදගත් වෙනවා
ඕප දූප කියන්න එපා

අපි හිතනවා පුංචි දරුවන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා.හැබැයි එයාලා හොඳට ඇහුම්කන් දෙනවා අපි මොනවද කියන්නේ කියලා.ඒ නිසා ඔයා ඔයාගේ නෑදැයන්ගේ පෞද්ගලික විස්තර කතා කරනවා නම්, ඒවා කරන්න ඕනේ දරුවන් ඉදිරියේ නම් නෙමෙයි.ඔයා රහස් රකින්න දන්නවා වුණත්, දරුවෝ දන්නේ නැහැ ඒ දේවල් රහස් බව කියලා.දරුවෝ ඒවා තවත් තැනක කියන්නට ඉඩ තියෙනවා.ඊට පස්සේ පවුල් අතර රණ්ඩු ඇති වෙන්න පුළුවන්.අන්තිමට මොකද දන්නවද වෙන්නේ දරුවොත් ඕපාදුප කියන තත්වෙට පත් වෙනවා.අන්තිමට දරුවන්ට කාගේවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.
කාටවත් බනින්න එපා

අම්මට තාත්තට ගරු කරන්න වගේම අනෙක් වැඩිහිටියන්ටත් ගරු කරන්නේ කොහොමද කියලා දරුවන්ට කියලා දෙන්නේ අම්මයි තාත්තයි.අද කාලේ ඉන්න ගොඩක් දෙමව්පියෝ කරන වැරද්දක් තමයි දරුවන්ගේ ආච්චි සීයාට බැන වැඳීම.එතනදී මෙහෙම දෙයක් වෙන්න පුළුවන්.දරුවෝ හරිම ආදරෙයිනෙ ආච්චිට ,සීයට.ඒ නිසා එයාලට බනිනකොට දරුවන්ට දුක හිතෙන්න වගේම කලකිරෙන්නත් ඉඩ තියෙනවා.අනිත් පැත්තෙන් දරුවෝ වැඩිහිටියන්ට ගරු කිරීම නැති වෙලා යන්නත් ඉඩ තියෙනවා
රණ්ඩු වෙන්නත් එපා

සමහර දෙමව්පියන් දරුවන් ඉදිරියේ කතා කරන විදිහ හරිම අප්‍රසන්නයි.එකිනෙකාට බැන වදිමින් ,අපහාස කරමින් රණ්ඩු වෙනවා.එතකොට දරුවනුත් ඔවුන් කියන වචන අර්ථයක් නොදැනේ ඔහේ කියවන්න පටන් ගන්නවා.ඊටපස්සේ දරුවෝ දරුවෝ අතර ඇති වෙන රණ්ඩු වලදී වුණත් මේ දේවල් කියන්න පුරුදු වෙනවා.ඒ විතරක් නෙමෙයි අම්මයි ,තාත්තයි මේ විදිහට රණ්ඩු වෙනකොට දරුවන්ගේ හිතේ තියෙන ගෞරවය නැති වෙලා යනවා.
මත්ද්‍රව්‍ය ගන්න එපා

අපි හැමෝම දන්නවා මත්ද්‍රව්‍ය කියන්නේ ශරීරයට කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි කියලා.ඒ ගැන දැන දැනම දරුවෝ ඉදිරියේ ඒ දෙවල් කරනවා නම් දෙමව්පියෝ විදිහට ඔයාලා කරන්නේ ලොකු වැරද්දක්.ඔබ ganna මත්ද්‍රව්‍ය කුමක් වුවත් ඒ එය ගන්නා ආකාරය දෙස දරුවා හොඳින් බලාගෙන ඉන්නවා.ඒ විදිහට දරුවනුත් කරන්න පුරුදු වෙනවා.එහෙමත් නැත්නම් ඒ දේවල් ගෙනත් දෙන්න කියල දරුවන්ට කිව්වොත් ඔවුන් මැලි නොවී ඒවා ගෙනත් දෙනවා.කාලයක් යනකොට දරුවෝ මේ දේවල් අත්හදා බලන්න යනවා.
ඉතින් ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නම් ,දරුවන් යහ මඟට ගන්න ඕනේ නම් මේ දේවල් හොඳට හිතට ගන්න.මොකද ඔයා හිතනවට වඩා දරුවන්ගේ ඇහුම්කන් දීම සහ නිරීක්ෂණය ඉතමත් ඉහල මට්ටමක තියෙනවා.ඔයාගේ ගෙදර මීට කළින් මේ දේවල් වුණා නම් අද ඉදන්වත් දරුවන්ට ආදර්ශමත් මවක් ,පියෙක් වෙන්න



