Like
Like Love Haha Wow Sad Angry
1

අපේ ගැහැණු ළමයි කැමතිනේ Fashion කරන්න.fashion කියන්නේ වයස් බේදයක් නැතුව කරන්න පුළුවන් දෙයක්.හැබැයි තමන්ට ගැලපෙනවා නම් විතරයි.අපි හැමෝම හරිම කැමතියි කැපිලා පෙන්න.එහෙමත් නැත්නම් හැමෝම අතරේ ආකර්ශනීය කෙනෙක් වෙන්න.ඒත් එහෙම වෙන්නේ මම කළින් කිව්වා වගේ තමන්ට ගැලපෙන fashion කලොත් විතරයි.ඉතින් අපි අද බලමු තමන්ට ගැලපෙන fashion තෝරා ගන්නේ කොහොමද කියලා

මුලින්ම මේ ගැන හිතන්න

  • අවස්ථාව
  • සිරුරේ හැඩය
  • සමේ පැහැය
  • කාලගුණ තත්වය

ඊළඟට මේ ගැන හිතන්න

ප්‍රමාණයට වඩා ලොකු ඇදුම්

සමහර අය තමාගේ ප්‍රමාණයට වඩා විශාල ඇඳුම් අඳින්න කැමතියි.මෙතැනදී සිහින් සිරුරක් තියෙන කෙනෙක් ඒ විදිහට අඳිනවා නම් ටිකක් පිම්බුණු ස්වභාවයකින් යුතු ඇඳුමක් තමයි Match වෙන්නේ.ඒ වගේම ගොඩක් මහත අය නම් එහෙම අදින්න එපා.ඒකෙන් සිරුරේ මහත තවත් කැපී පෙනෙන්නට පුළුවන් සහ ශරීරය අවලස්සන කරන්න පුළුවන්.

චාම් ඇදුම් අදින්න

ඇත්තටම අපි හැමෝම ලස්සනයි.කවුරු කොහොම මොනවා කිව්වත් අපිටම අවේනික උපතින්ම ගෙනාපු ලස්සනක් තියෙනවා.හැබැයි සමහර අය fashion කරන්න ගිහින් ඒ තියෙන ලස්සනත් නැති කරගන්නවා.ඒ කියන්නේ තමන්ව විකෘති කරගන්නවා.ඒ නිසා අපි අඳින්නේ මොන ඇඳුමක් වුණත් ඉතා පිරිසිදුව, චාම්ව අඳින්න පුරුදු වෙනවා නම් තමයි හොඳ .

අධික ආභරණ

සමහර අය අතේ ඇඟිලි 10ටම rings දාගෙන , අත් දෙකටම බ්‍රේස්ලට් දාගෙන ,මාල 4 – 5ක දාගෙන ඉන්නවා.ගොඩක් අය ඒ විදිහට ලස්සනයි කියලා හිතුවට ඇත්තටම එහෙම කෙනෙක්ට ලස්සන නැහැ.එතකොට කිසිම ආකර්ශනීය පෙනුමක් නැහැ.ඒ නිසා තමන් අඳින ඕනෙම ඇඳුමකට ගැලපෙන විදිහට ආභරණ තෝරා ගැනීමට සැලකිලිමත් වන්න.ඒ වගේම Fashion කරනකොට සරල සහ සමබර වෙන්න.එතකොට තමයි ගොඩක් ලස්සනට ඔයාව පෙන්නේ

සමේ වර්ණය

අපි මොන ඇඳුම ගන්න ගියත් ඒක ඔයාගේ skin colour එකට ගැලපෙනවද කියලා බලන්න.මොකද තව කෙනෙක්ගේ skin colour එකට match වෙන ඇඳුම් ඔයාට නොගැලපෙන්න ඕනේ තරම් ඉඩ තියෙනවා.වෙන කෙනෙක්ව ලස්සනට පේන ඇඳුමකින් ඔයාව විරූපී කරලා පෙන්නනත් පුළුවන්.අන්න ඒ නිසා ඔයාට තියෙන්නේ සුදු පැහැයට හුරු සමේ වර්ණයක නම් නිතරම තද පැහැති ඇඳුම් අඳින්න.ඒ වගේම කළු පැහැයට හුරු පැහැය අඩු කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම අඳින්න ඕනේ ලා පැහැයට හුරු වර්ණ වල ඇඳුම්.

අධික makeup

සමහර අය හිතගෙන ඉන්නවා ගොඩක් makeup කළොත් තමයි ලස්සන.එතකොට මගේ පෙනුම ටිකක් වැඩියෙන් පේනවා කියලා.ඔව් ගොඩක් makeup කරලා තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම කැපිලා පේනවා.හැබැයි ඒ ලස්සන නිසා නෙමෙයි,අනවශ්‍ය විදිහට ලස්සන වෙන්න ගිහින් අවලස්සන වෙලා තියෙන නිසා.ඒක ඔයාට නොතේරුණාට අනිත් හැමෝමටම තේරෙනවා.අන්න ඒ නිසා තමන්ට ගැලපෙන විදිහට සහ ලස්සනට makeup එක කරගන්න.

මෙන්න මේ දේවල් ගැන fashion කරනකොට අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ.නැත්නම් ඔයාට කාගෙවත් ආකර්ශනය දිනාගන්න බැරි වෙනවා.මොකද අපි හැමෝම හරිම කැමතිනේ අකර්ශනියව ඉන්න ,කැපී පෙන්න. අන්න ඒ නිසා මේ දේවල් හරි විදිහට අනුගමනය කරන්න

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here