Like
Like Love Haha Wow Sad Angry

එක එක fashion කරන්න අනිත් අයට වඩා කැපිලා පේන්න girlsලා කැමතිනේ.ඔයත් එහෙමයි කියලා මම දන්නවනේ ඒ කොහොම වුණත් තමන්ට ගැලපෙන විදියට fashion එක select කරගන්න එක ඔයාට බැරි වුණොත් ඔයාගේ තියෙන ලස්සනත් නැති වෙනවා.ඉතින් ඔයා Fashion කරන්න කලින් හොඳට හිතන්නම ඕනේ.ඒ නිසා මම අද කියන්නම් Fashion කරන්න කලින් මොන වගේ දේවල් ගැනද හිතන්න ඕනේ කියලා

Fashion කරන්න කළින්

  • සමේ පැහැය
  • සිරුරේ හැඩය
  • පවතින දේශගුණ තත්වය
  • අවස්ථාවට අනුව ගැලපීම

Fashion කරනකොට මම කියපු දේවල් ගැන අවධානය දෙනවා වගේම ඔයා තවත් ගොඩක් දේවල් ගැන හිතන්නත් ඕනේ.ඒ දේවල් මොනවද කියලා මම ඔයාට කියලා දෙන්නම්.

01) චාම් ඇඳුම් ඇන්දොත් කැතයිද?

අපි හැමෝම ළඟ මොකක්ම හරි ලස්සනක් තියෙනවා.ඒ ලස්සන මදි කියලා හිතුනහම කරන්නේ රටේ නැති දේවල් කරන එක.cream වර්ග ,make up වර්ග හැම දෙයක්ම ගානවා.එහෙමත් නැත්නම් ඇඳුමකින් හරි වෙනස් වෙන්න යනවා.හැබැයි එහෙම කරන්න ගියහම වෙන්නේ ඔයාගේ තියෙන ලස්සනත් නැති වෙන එක විතරයි.ඒ නිසා fashion කරනකොට හොඳට පරිස්සම් වෙන්න ඕනේ.ඒ වගේම චාම් සහ පිරිසිඳු ඇඳුම් අඳින්න.චාම් කිව්වා ගමන් මතක් වුණේ සුදු පාට නේද.නැහැ නැහැ එහෙම නෙමෙයි.මම කියන්නේ ඔයා ඇඳුමක් අඳිනකොට තැනට ගැලපෙන විදිහට ලස්සනට clean විදිහට අඳින්න කියලා

02) අතේ කරේ ආභරණ

සමහර අය හිතනවා තමන්ගේ ලස්සන වැඩිපුරම පෙන්නේ Jewelleryගොඩක් දැම්මහම කියලා.තවත් අය Jewellery use කරන්නෙම නැති තරම්.එයාලා එක ring එකක් ,Earrings දෙකක් වගේ විතරයි use කරන්නේ.ඔන්න wedding එකක් වගේ තැනකට නම් ඔයාට Jewellery match වෙන විදිහට දාගෙන යන්න පුළුවන්.ඒ නිසා ඇඳුමට match වෙන විදිහට Jewellery select කරගන්න.සමහර fashion වලදී කැපී පෙනෙන මාලයක් පළඳිනවා.කරාබු select කරගන්නකොට ටිකක් හිතන්නම වෙනවා. ඒ නිසා ඔයා Fashion කරන කොට සරල වගේම Balanced වෙන විදිහට කරන්න.

03) පාට පාට ඇඳුම් නම් ගැලපෙන්නේ නැහැ

සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න අයගේ skin colour එක තලෙළු පැහැයට හුරු වර්ණයක් තමයි දැකගන්න තියෙන්නේ.ඒ නිසා ඔයාගේ skin colour එක මෙතනදී ගොඩක් වැදගත්.fashion කරනකොට skin colour එක ගැන විශේෂ අවදානයක් යොමු කරනවා.මොකද ගැලපෙන ඇඳුම select කරගන්න මේ trick එක ගොඩක් වැදගත් දෙයක්.normally ඔයාට තියෙන්නේ තලෙළු සමක් නම් ඔයාට ගැලපෙන්නේ light colours වලින් යුත් ඇඳුම්.ඔයාගේ skin එක කහ පැහැයට හුරු හෝ සුදු පැහැයට හුරු වර්ණයක් නම් ඔයාට dark colour ඇඳුම් වලින් ගොඩක් ලස්සන පෙනුමක් ලබා ගන්න පුළුවන්.

04) Body Shape එක

ගොඩක් වෙලාවට ඔයා ඇඳුම් select කරගන්නකොට ලස්සන ගැන ගොඩක් හිතනවා කියලා මම දන්නවා.මොකද ඇඳුමක් ගන්නකොට තමන්ට ගැලපෙනවද කියලා හිතනවට වඩා ඇස් දෙක මුලින්ම යන ඇඳුම තමයි select කරගන්නේ.ඒක තමන්ට ගැලපෙනවද කියන එක හිතන්නේ ගෙදර ගිහින් හරියටම fit on කරලා බැලුවට පස්සේ.හැබැයි ඔයා ඇඳුමක් select කරගන්නකොට ඒ විදිහට කරන එකෙන් වෙන්නේ හොඳක් නම් නෙමෙයි.ඔයා ටිකක් Slim කෙනෙක් නම් ඔයාට ගැලපෙන්නේ ටිකක් පිම්බුණු ස්වභාවයක් තියෙන ඇඳුම්.හැබැයි ඔයා මහතා කෙනකේ නම් ඒ වගේ ඇඳුම් Match වෙන්නේ නැහැ.ඒ වගේ ඇඳුම් ඔයා ඇන්දොත් නම් ඔයාගේ තියෙන මහතා ගතිය තවත් ඉස්මතු වෙලා පේනවා.ඔයාගේ මහත ගතිය අඩු කරගන්න නම් ඔයා කළු පැහැයට හුරු ඇඳුම් අඳින්න.

05) අධිකව make up දාන්නත් එපා

ගොඩක් අය තමන්ගේ තියෙන ලස්සනට වඩා ලස්සන වෙන්න ඕනේ වුණහම කරන්නේ make up තට්ටු පිට තට්ටු දාන එක.හැබැයි ඔයාට කවුරුහරි කියලා තියෙනවද ඒ තරම් make up දැම්මහම ඔයාගේ පෙනුම කැතට පේනවා.ඔයා කැතයි කියලා.ඇත්තටම තව කෙනෙක්ට එහෙම කියන්න අමාරුයි.මොකද ඔයා කරන්නේ ඔයාට ඕනේ දේ නිසා.හැබැයි ඔයාට කවුරුවත් නොකිව්වා දේ මම කිව්වා.මොකද ඔයාගේ හොඳම යාළුවා මම නිසා.ඉතින් ඔයා අද ඉදන් ලොකුවට make up දාන්න යන්න එපා.simple පොඩි make up එකක් දාන්න.ඔයා හිතුවේ නැති වුණා ඒ වගේ make up එකකින් ඔයා හිතනවට වඩා ලස්සනක් ඔයාටම දකින්න පුළුවන් වෙයි.

අනිත් කාරණාව තමයි make up කරන්න කළින් හොඳ brand එකක් select කරගන්න.නැත්නම් fashion කරන්න ගිහින් ඔයාට වෙන්නේ තියෙන ලස්සනත් නැති කරගන්න.

දැන් ඉතින් ඔයාට තියෙන්නේ මේ දේවල් ගැන හිතලා fashion කරන එක.මොකද fashion කියන්නේ කෙනෙක්ව ලස්සන කරන වගේම කැත කරන්නත් පුළුවන් කලාවක්.ඔයාට අද ඉදන් කැත වෙන්නේ නැතුව ලස්සනට fashion කරන්න පුළුවන්.මොකද ඉතින් ඔයා හිතන්නේ නැති tips ටිකක් ගැන මම ඔයාට කියලා දුන්න නිසා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here