ඔයාටත් Oily skin එකක්ද තියෙන්නේ.maintain කරගන්න අමාරුයි නේද? ඔව් මම දන්නවා.ඔයා ඉන්නෙත් skin එක පරිස්සම් කරගන්න මොනවද කරන්නේ කියලා හිත හිතා කියලා.තෙල් සහිත සමක් එහෙමත් නැත්තම් oily skin එකක් කියන්නේ අරුම පුදුම දෙයක් නෙමෙයි.මොකද හැම skin එකකම normal level එකකට oily ගතියක් තියෙනවා.ඒ නිසා තමයි අපි මේ ලස්සනට දිලිසි දිලිසි ඉන්නේ.දැන් ඔයාල බලයි එහෙනම් මොකටද තෙල් අඩු කරගන්නේ කියලා.ප්‍රශ්නේ වෙන්නේ oil ඕනවට වඩා වැඩි වෙන එක.එහෙම වුණාම skin එකේ pores වලින් එලියට oil එනවා.ඊට පස්සේ blackheads, whiteheads, pimple වලින් මුණ වැහෙන්න ගන්නවා.ඉතින් මේ දේවල් වලට treatments කරන්න saloon ගානේ යන්න ගියාම වෙන වැඩක් කරගන්න හම්බ වෙන්නේ නැහැ.ඒ නිසා තමයි අම්මගේ කුස්සියට පැනලා ගෙදර තියෙන දේවල් වලින්ම oil control කරන්න පුළුවන් treatments ටිකක් මම අද ඔයාලට අරගෙන ආවේ.ඔයත් try කරලා බලන්නකෝ කොහොමද කියලා.
මුහුණ Wash කරන්න

ඔයා දැන් හිතයි මුහුණ wash කරන එක මහා ලොකු වැඩක්ද, හැමෝම මුහුණ wash කරනවනේ කියලා.ඒත් අද කියන්නේ ඔයා දැනගෙන හිටියේ නැති පොඩි tip එකක්.මුලින්ම මඳ උණුසුම් වතුරෙන් normal විදියට face එක wash කරගන්න.ඊට පස්සේ cool water වලින් ආයෙත් පාරක් wash කරන්න.ඒ මොකද දන්නවද cool water වලට ඔයාගේ skin එකේ pores වැහෙන නිසා oil එළියට එන එක control වෙනවා.ඒ වගේම තමා skin එකට fresh look එකක් දීලා ඔයාගේ තරුණ බව රැකගන්නත් cool water වලට පුළුවන්.
වතුර බොන්න

ගොඩක් අය හිතන වැරදි දෙයක් තමා oily skin එකක් තියෙන කෙනෙක්ට hydration එකක් ඕනේ නෑ කියලා.ඒත් ඒක වැරදි. හැම කෙනෙක්ම ප්‍රමාණවත් තරම් වතුර බොන එක අනිවාර්ය දෙයක්.එතකොට වෙන්නේ ඔයාගේ ඇගේ තියෙන විෂ දේවල් අයින් වෙන එක.එතකොට ස්වාභාවිකවම skin එක glow වෙනවා.
Turmeric pack

කහ කුළුබඩුවක් කියලා හැමෝම දන්නවනේ.ඒ වගේම තමා කුස්සියේ saloon එකට කහ කියන්නේ නැතුව බැරි දෙයක්.ඔයාගේ oily skin එකට කහ වලින් magic එකක් කරන්න තමා දැන් හදන්නේ.කහ කුඩු තේ හැන්දකට lemon බින්දු ටිකක් දාලා mix කරලා මුණට apply කරන්න.විනාඩි 15 කට පස්සේ මද රස්නේ වතුරෙන් wash කරන්න.ඊටපස්සේ ඉතින් තෙල් ටික කොහෙන් ගියාද කියලා හොයාගන්නත් බැරි වෙයි.
බිත්තර සුදුමදය

බිත්තරයක් අරගෙන සුදු මදයයි කහ මදයයි වෙන් කරගන්න.කහ මදය පැත්තකින් තියලා සුදු මදය අරගෙන මුළු මුණේම apply කරන්න.pack එක හොදටම වේලෙනකම් ඉදලා wash කරන්න.ඔයාට බිත්තර ගඳ ඉවසගන්න බැරි නම් දෙහි බින්දුවක් දාන්න.
මී පැණි

ඔයාගේ oily skin එක බලාගෙන ඉන්නේ කොයි වෙලේද pimple එකක් දාල ඔයාව surprise කරන්නේ කියලා.Pimple කරදරේ නිසා ඔයා වෙලාවකට mentally වැටිලත් ඇති.මී පැණි කියන්නේ pimples වලට attack කරන්න පුළුවන් powerful ingredient එකක්.මි පැණි තේ හැන්දකට කුරුදු කුඩු ටිකක් mix කරලා මුණට apply කරන්න.විනාඩි 20 කට පස්සේ wash කරන්න.මේ treatment එක ඔයාට හැමදාම කරන්න පුළුවන් නම් ගොඩක් හොද result එකක් ලබාගන්න පුළුවන්.
Lemon ice cube

මුලින්ම Lemon ගෙඩියක් අරගෙන juice වලින් ice cube හදාගන්න.ඊට පස්සේ ඔයාගේ මුණ හොදට cleanser කරලා මද රස්නේ වතුරෙන් මුණ හෝදලා තෙතමාත්තු කරන්න.දැන් frige එකෙන් ice cube එකක් අරගෙන හිමින් මුළු මුණ පුරාම ice cube එක අතුල්ලන්න.ice cube එක සම්පුර්ණයෙන්ම දිය වෙනකම්ම ගොඩක් soft විදියට තමයි ඔයා මේක කරන්න ඕනේ.
කෝමාරිකා

කෝමරිකා කියන්නේ ඉතින් all – rounder කෙනෙක්නෙ.කොණ්ඩෙට,skin එකට වගේම කෝමාරිකා කන්න බොන්නත් වුණත් පුළුවන්. ඔයාගේ skin එකේ oily ගතිය control කරගන්න නම් කෝමාරිකා රෑට තමයි apply කරන්න ඕනේ.ඔයාට වෙළදපොලේ තියෙන කෝමාරිකා gel වුණත් use කරන්න පුළුවන්.කොහෙන් හරි කමක් නෑ කෝමාරිකා gel හොයාගෙන රෑට නිදාගන්න කලින් මුණට apply කරන්න.ඊට පස්සේ උදේට wash කරන්න.හැමදාම කෝමාරිකා ගෑවොත් නම් ඉක්මණටම oily skin කරදරෙන් නිදහස් වෙන්න පුළුවන්.
ඒ වගේම ඔයාට පුළුවන් ගෙදර කෝමාරිකා නැත්නම් ස්වභාවික කෝමාරිකා අන්තර්ගත නිෂ්පාදනයක් අපේ Hello ladies web site එකෙන් order කරගන්න
https://helloladies.lk/product-category/skin-care/page/2/
Exercise

අන්තිමටම මම කියන්න යන්නේ ඔයා හිතුවෙවත් නැති අමුතුම tip එකක්.ඒක තමා Exercise වලින් කොහොමද skin එකේ oil control කරන්නේ කියන එක.Exercise කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ හමේ තියෙන මේද තට්ටු අඩු කරන එක. සරලව කිව්වොත් හමේ තියන තෙල් තට්ටු ටික නැති කරගන්න එක. ඉතින් ඒ හමේ තෙල් ගතියක් නැත්නම් අර සිදුරුවලින් මතු වෙන්න තරම් දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ. අන්න ඒ නිසා තමා දවසකට පැයක්වත් exercise කරන්න කියන්නේ.
අද කියලා දුන්න දේවල් මේ විදියටම try කරලා බැලුවොත් නම් මාසයක් යද්දී ඔයාගේ skin එකේ oily ගතිය control කරගන්න පුළුවන්.මේ දේවල් යාලුවෝ එක්ක බෙදා ගන්නවා වගේම ඔයාගේ result ගැන අපිට කියන්නත් අමතක කරන්න එපා.



