Like
Like Love Haha Wow Sad Angry

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ගේ හෝර්මෝන වල අසමතුලිත බවක් තියෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් එළියට පෙන්නන්නේ විවිධ රෝග විදියට. ඉක්මණින් තරහ යෑම, හිසරදය, අනෙක් අයව නුරුස්නා බව වැනි දේවල් වලින් මේ හෝර්මෝන අසමතුලිතාවය එළියට එන්න පුළුවන්. ඔයාටත් මේ වගේ ලක්ෂණ තියෙනවනම් ඔයාගේ ශරීරයේත් හෝර්මෝන වල අසමාන බවක් තියෙන්න පුළුවන්. මේ දේ නිසා සමහර විට ඔයාට ආහාර රුචිය පවා නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ ගැන සැහැල්ලුවෙන් නම් හිතන්න එපා. කොහොම වුණත් මේ හෝර්මෝන අසමතුලිතතාවය ස්වාභාවිකවම නතර කර ගන්න පුළුවන් ක්රම කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

නිවැරදිව කෑම ගන්න

කිසිම වෙලාවක වැඩියෙන් හරි අඩුවෙන් හරි කන්න එපා. හැම වෙලාවකම එළවලු, පළතුරු සමබරව ආහාර වේලට එකතු කර ගන්න. සීනි වැඩි ආහාර වලින් ඈත් වෙන්න. කිරි නිෂ්පාදන සීමාවක් ඇතුව ආහාරයට ගන්න. ඒ වගේම දුම්පානය මත්පැන් වගේ දේවල් වලින් ඈත් වෙන්න. කෙදි සහිත ආහාර වලට යොමු වෙන්න. Green tea බොන්න පුළුවන් නම් තවත් හොදයි.

ඇග උණුසුම් කරන කෑම බීම ගන්න එපා

ඇගට උෂ්ණ කාම බීම ගන්න එපා. ඒ වගේම කෑම ගැනීමෙන් ඔයාගේ ඇගේ අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්.

විෂ එකතු කර ගන්න එපා

ඔයාල දන්නවනේ ගොඩක් වෙලාවට අපි කඩෙන් ගැන දේවල් වලට රසායනික ද්‍රව්‍ය එකතු කරලා තියෙන්නේ. එහෙම දේවල් අහාරයට ගත්තම ඇගේ තියන හෝර්මෝන ඉක්මනටම අසමතුලිත වෙනවා. පුළුවන් තරම් කාබනික දේවල් ගන්න. බෝතල්, ප්ලාස්ටික් දේවල් වල අසුරලා තියන කෑම වලින් ඈත් වෙන්න.

හොදින් නිදා ගන්න

ඔයාට නින්ද ලැබෙන්නේ අඩුවෙන්නම් අනිවාර්යෙන්ම ඔයාගේ හෝර්මෝන ප්‍රශ්න ඇති වෙනවා. තරබාරුකම, දියවැඩියාව වගේ දේවල් නිසා බාදා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා සුව නින්දක් ලබා ගන්න. නිදා ගන්න පැය දෙකකටවත් කලින් කෑම කන්න. නිදා ගන්න යන වෙලාවට දුරකථනය වැනි නිල් ආලෝකය නිකුත් වෙන උපකරණ දිහා බලාගෙන ඉන්න එපා. එහෙම කලාම ඔයාට සුව නින්දක් ලබා ගන්න පුළුවන් වේවි.

දිනපතා ව්‍යායාම කරන්න

ව්‍යායාම කියන්නේ ශරීරයට අවශ්ය දෙයක්. අඩුම තරමේ දවසකට පැයක් වත් ව්යායාම වල නිරත වෙන්න ඕනේ . ඒ වගේම ඔයාගේ ආහාර රුචිය , බඩගින්න පාලනය කරන්නත් ව්යායාම වලට පුළුවන්.

ආතතිය පාලනය කරන්න

හෝර්මෝන අසමතුලිත වෙන්න ලොකුම හේතුවක් තමයි මානසික ආතතිය කියන්නේ. ඒක නැති කර ගන්න ඔයාට හිත සතුටු කරන්න පුළුවන් දේවල් කරන්න උත්සහ කරන්න. භාවනා කිරීම, හුස්ම ගැනීමේ ව්යායාම, සුරතල් සතුන් සමග සෙල්ලම් කිරීම, ගෙවතු වගාව වගේ දේවල් වලින් ඔයාට පුළුවන් මානසික ආතතිය නැති කර ගන්න.

ඉතින් ඔයත් හෝර්මෝන අසමානකම් නිසා ගැටලුවක ඉන්නවනම් මේ දේවල් ලේසියෙන්ම කරලා බලන්න පුළුවන්. හෝර්මෝන සම්බන්ද රෝග නිසා තව දුරටත් දුක් වෙන්න ඕනේ නෑ. ස්වභාවිකවම මේ දේවල් නතර කර ගන්න දැන් ඔයාට පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here