Like
Like Love Haha Wow Sad Angry

කලාව කියන්නේ ඕන කෙනෙක් ළඟ තියන දෙයක්. හැමෝම ආස දෙයක්.ඉතින් ඕනෑම කෙනෙක්ට නිර්මාණශීලිත්වය කියන දේ උපතින්ම එන දෙයක්. ඒත් අපි විවිධ රැකියා වල වෙනත් වැඩ වල නිරත වෙන නිසා අපේ නිර්මාණශීලී මනස වෙනස් වෙලා. මේ කියන්න යන්නේ ඔයාගේ හැංගිලා තියන creative mind එක හදා ගන්නේ කොහොමද කියලා. මොකද Creative දේවල් වලින් අපේ මනස ගොඩක් නිදහස් වෙනවා වගේම සතුටකුත් ලැබෙනවා.

Partner කෙනෙක් හොයා ගන්න

ඔයා Creative දෙයක් පටන් ගන්නකොට ඔයා වගේම හිතන ඔයාට support කරන්න පුළුවන් partner කෙනෙක් හොයා ගන්න. ඔයාගේ දක්ෂකම් මොන වගේද කියලා දන්න කෙනෙක් එක්ක එකතු වෙලා ඔයාගේ mind එක හද ගන්න එක ලේසි.

දවසින් දවස පටන් ගන්න

සියලුම කාර්ය එකම දවසේ ඉවර කරන්න හදිස්සි වෙන්න එපා. ටිකෙන් ටික දවසින් දවස කරන්න. නැත්නම් කාලයක් යනකොට ඔයාටම ඔයා කරන වැඩේ එපා වෙන්න පුළුවන්. සතියකට එක දවසක් ඒ වෙනුවෙන් වෙන් කර ගන්න.

අත්දැකීම් අමතක කරන්න එපා

වැඩිහිටි වෙනකොට සංස්කෘතියකට කොටු වෙන බවක් ඔයාට තේරේවි. එහෙම වෙන්න එපා. පුංචි කාලේ සිද්ද වුන සිදුවීම් වලිනුත් අත්දැකීම් අරගෙන අලුත් අදහස් වලට යොමු වෙන්න ඔයාට පුළුවන්. එතකොට නිර්මාණශීලී බව වැඩි කර ගන්න ඔයාට ලේසි වේවි.

කළු සුදු Films

ඔයා වැඩ කරගෙන යනකොට ඔයාට අභියෝග එන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ වෙලාවට film එකක් බලන්න පුරුදු වෙන්න. හැබැයි ඔයා බලන්න ඕනේ මේ කාලේ තියන film නම් නෙවෙයි. ටිකක් කාලෙකට කලින් කරපු කළු සුදු film එකක් බලන්න. ඒකෙන් ඔයාට පුළුවන් ඔයාගේ mind එක ආපහු තිබුන විදියට හදා ගන්න. Youtube එකෙත් මේ වගේ videos ඕන තරම් තියෙනවා.

නොදන්නා කෙනෙකුට විස්තර කරන්න.

ඔයා කරගෙන යන creative වැඩේ ගැන ඒ subject එක ගැන නොදන්නා කෙනෙක් එක්ක කියන්න. එතකොට ඔයා කරන වැඩේ ගැන ඔයාට හොද අවබෝදයක් ලැබෙනවා වගේම අලුත් දෙයක් ගැන idea එකක් ඔයාට එන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ අඩුපාඩු ඔයාටම බලන්න පුළුවන් හොද ක්‍රමයක් මේක.

පුහුණුව වැඩි කරන්න

Creative වෙන්න ලේසි නැහැ.ඒ නිසා අනිවාර්යෙන්ම පුහුණුව ගොඩක් වැදගත්.ඒ නිසා හැම වෙලාවේම පුහුණුව කියන එක නතර කරන්න එපා.

නීති කඩ කරන්න

ඔයා ඔයාගේ නිර්මාණ වලට කිසිම වෙලාවක නීති දා ගන්න එපා. මොකද එකෙන් ඔයාට ඔයාගේ හරිම Creative එක එලියට ගන්න බැරි වේවි.

Creative එක ළඟ තියාගෙන ඉන්න ඔයාට මේ දේවල් ගොඩක් වැදගත් වේවි. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ creative mind එක polish කර ගන්න වගේම ලස්සන වැඩ ගොඩක් කරන්න.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here