Like
Like Love Haha Wow Sad Angry
6

කම්මැලිම වැඩේ වතුර බොන එක නේද? සමහර වෙලාවට කොච්චර ඕනේ වුණත් වතුර බොන්න හිතෙන්නේ නැති අයත් ඉන්නවා.සමහර අයට වතුර බොන්නවත් වෙලාවක් නැහැ.ඒත් කෙනෙක්ට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම වතුර ඕනේ.මොකද අපේ සිරුරෙන් 70%ක්ම හැදිලා තියන්නේ ජලයෙන්.ඒ නිසා අපේ සියලුම පද්ධති වල Activation එකට ජලය අත්‍යවශ්‍යම වෙනවා.ඒ විතරක් නෙමෙයි ශරීරයේ උණුසුම Control කරන්න, සන්ධි ක්‍රියාකාරිත්වයට සහ ඇස් වල, Skin එකේ තෙතමනය ආරක්ෂා කරන්නෙත් ජලය.ඒත් ගොඩක් අය මේ ගැන ඒ තරම් හිතන්නේ නැහැ.ඒ වගේම තමයි දවසකට අපේ සිරුරට ඕන කරන තරම් ජලය පානය කරන්නෙත් නැහැ.සිරුරට ඕන කරන ජලය ලැබුනෙ නැති වුණාම සිරුරේ ලවන අනුපාතයන් වෙනස් වෙලා විජලනය වගේ තත්වයන් ඇති වෙන්න පුළුවන්.එතකොට සිරුරේ ක්‍රියාකාරිත්වයට Damage එකක් වෙන්නත් පුළුවන්. කොහොම හරි සිරුරට ඕන කරන වතුර ප්‍රමණය ලැබෙන්නේ නැත්නම් අපිට ඒක දැනගන්න පුළුවන්.එතකොට ඔයාගේ සිරුරෙන්ම ඔයාට Message එකක් එනවා.ඉතින් දැන් අපි බලමු මොනවද ඒ Message කියලා.

ඔළුවේ කැක්කුම සහ ඔළුව කැරකෙන ගතිය

එක පාරම ඔළුව රිදෙන්න ගන්නවා නම් ඔළුව කැරකෙන්න ගන්නවා නම් ඒකට හේතුව ඔයාගේ ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලැබිලා නෑ කියන එක වෙන්න පුළුවන්.එතකොට වෙන්නේ brain එක වටේ පිහිටලා තියෙන ආරක්ෂණ තරලයේ පීඩනය අඩු වීම.අන්න ඒ විදිහට brain එක ඒ තරලය ඇතුලේ ලේසියෙන් එහෙ මෙහෙ වෙන්න පටන් ගන්නවා.ඒ නිසා අධික හිසරද තත්වයක් ඇති වෙන්න පුළුවන්.ඒ වගේම ශරීරයේ ජලය අඩු වුණාම brain එකට ලැබෙන oxygen ප්‍රමාණය අඩු වීම නිසා සහ රුධිර ප්‍රමාණය අඩු වීම නිසාත් හිසරදය ඇති වෙන්න පුළුවන්.ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ මේ විදිහට ඔලුව රිදෙනකොට pain killers tablet එකක් ගන්න එක.හැබැයි ඒ වෙලාවට කරන්න ඕනේ හොඳම දේ තමයි මද උණුසුම් වතුර වීදුරුවක් හෝ දෙකක් බොන එක.

කිසිම Idea එකක් ඔළුවට එන්නේ නැද්ද? මතක හිටින්නේ නැද්ද?

මෙන්න මේකට ලොකුම හේතුව තමා අපේ සිරුරට අවශ්ය ප්‍රමාණයට ජලය නොමැති වීම.Brain එකේ 3/4ක්ම තියෙන්නේ ජලය.මේ නිසා සිරුරේ ජල මට්ටම පොඩ්ඩක් අඩු වුණත් එයින් brain එකේ activation එකට බලපෑමක් ඇති වෙනවා.ඒ නිසා තීරණ ගැනීමේ හැකියාව නැති වීම, එක දෙයකට සිත යොමු කරන්න බැරි වීම, නින්ද අඩුකම, දිගු වෙලාවක් සිටගෙන සිටීම වගේ දේවල් වලට අමතරව brain එකේ ක්රියාකාරිත්වය අඩපන වෙන්න පුළුවන්

කට Dry වෙලාද? කට ගදයිද?

ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම නිසා කටේ කෙල නිපදවීම අඩු වෙලා කටේ කෙල පිරෙනවා. ඊට පස්සේ ඒ කෙල පල් වෙලා තමයි මේ ගද ඇති වෙන්නේ.ඒ විතරක් නෙමෙයි අඩුවෙන වතුර බොන එකෙන් කටේ bacteria වල ක්‍රියාකාරිත්වයටත් වැඩි වෙනවා.

මල බද්ධය හා ආහාර ජීර්ණ

අපි ලබාගන්නා ආහාර ජීර්ණය කරන්න ජලය කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්.ජලය නැති වුණාම මළ පිටවීම අක්‍රමවත් වෙනවා, මළ ඝන වීම නිසා පිට කිරීමත් අපහසු වෙනවා.ඒ වගේම ආමාශයේ අම්ල වල සාන්ද්‍රණය ඉහල යාම නිසා Gastritis වගේ තත්වයන් ඇති වෙන්නත් පුළුවන්.විශේෂයෙන් මස් වර්ග වගේ දේවල් ආහාරයට ගත්තම වැඩිපුර වතුර බොන්න කියන්නේ මේ හේතුව හින්දා තමයි.

Urine කහ පාටද? Urine pass වෙනවා අඩුද?

සාමන්‍යයෙන් අපි පැය කිහිපයකට වතාවක් මුත්‍රා කරන්න ඕනේ.එහෙම මුත්‍රා කරන්න අවශ්‍යතාවක් එන්නේ නැත්නම් ඒකෙන් කියවෙන්නේ ඔබේ ශරීරයට ප්‍රමණවත් තරම් ජලය ලැබිලා නෑ කියන එකයි.ඒ වගේම මුත්‍රා වල පාට තද කහ පාටක් ගන්නවා නම් ඒකත් ඔබේ ශරීරයේ ප්‍රමාණවත් තරම් ජලය නෑ කියන එක පෙන්වන ලක්ෂණයක්.මොකද ඔයා හොඳින් ජලය කරනවා නම් පිට වෙන මුත්‍රා ජලය පැහැයට තමයි තියෙන්න ඕනේ.

වැඩක් කලේ නැතත් මහන්සිද ?

ශරීරය වෙහෙසන කිසිම වැඩක් කරන්නෙත් නැතුව එක පාරටම මහා වෙහෙසක්, කම්මැලිකමක් දැනෙන වෙලාවල් තියෙනවා නේද.අන්න එකත් අපිට ප්‍රමාණවත් තරම් ජලය පානය කරලා නෑ කියන එක පේනවන ලක්ෂණයක්.ඒ වගේම ශරීරයට අවශ්‍ය තරම් ජලය නැති වුනාම ශරීරයේ සෛල වල ක්‍රියාකාරිත්වයට ඒ විදිහටම තියාගන්න අතිරේක ශක්තියක් වැය කරන්න වෙනවා. මේ නිසා තමයි අපිට කිසිම වැඩක් නොකරත් අධික විදිහට මහන්සි දැනෙන්නේ. ඒ නිසා මේ වගේ වෙලාවට කරන්න ඕනේ හොඳට වතුර බොන්න එක.ඒ වගේම දවස පුරා හොඳට වතුර බිල ඉන්නවා කියන්නේ දවසම ප්‍රබෝධයෙන් ඉන්න පුළුවන්.

මේ Message එහෙමත් නැත්නම් මේ ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් ඔයා බොන වතුර ප්‍රමාණය මදියි.අනිවාර්යෙන්ම දවසට වතුර 3Lක් වත් අඩුම තරමේ බොන්න පුරුදු වෙන්න ඕනේ.එතකොට නම් healthy life එකක් ඔයාට අරගෙන යන්න පුළුවන්.අන්තිමට කියන්න තියෙන්නේ ජලය තමයි ජිවිතේ.

Like
Like Love Haha Wow Sad Angry
6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here