වර්තමානයේ ගොඩක් අය පෙළඹිලා ඉන්නවා තමන්ගේ life එකේ අඩුපාඩු දැක දැක ඒ ගැන දුක් වෙන්න.හැමෝගෙම life වල අඩුපාඩු වගේම ගොඩක් වටිනා දේවලුත් තියෙනවා.ඒ මේ වටිනා දේවල් දකින්නේ නැති එක තමා තියෙන ලොකුම ගැටළුව. ඔයාගේ අඩුපාඩු වලට ඔයා හැමදාම වෛර කලොත් වෙන්නේ ඔයාගේ life එක දවසින් දවස පහලට වැටෙන එක.ඒත් ඔයා ඔයාගේ life එකට ආදරේ කලොත් ඔයා හිතනවටත් වඩා ඔයාගේ life එක සුන්දර කරගන්න පුළුවන්.දැන් අපි බලමු කොහොමද තමන්ටම ආදරේ කරන්නේ කියලා.
අනිත් අයගේ life එකත් එක්ක ඔයාගේ life එක compare කරන්න එපා.

අනිත් අයගේ life එකේ ඔයාට නැති talents.හැබැයි ඔයා තුල තියෙන අනිත් කෙනා තුල නැති talents ඇති බව ඔයා දකින්නේ නැහැ.ඔයා දකින්නේ ඔයාට නැති දේවල් විතරයි.තමන්ගේ life එකට ආදරය නොකරන කෙනෙක් වැරද්ද ගන්න මුල්ම තැන තමයි මේ compare කිරීම.compare කිරීම නිසා good result ගත්ත කිසිම කෙනෙක් නැහැ.වෙන අය එක්ක තමන්ව compare කරන්න try කරන හැමෝටම ලැබුනේ වේදනාව, අසතුට පමණයි.
ඔයාට තියෙන දේවල් වලින් ප්‍රයෝජන ගන්න.

තමන්ට ආදරය කරන්නට නම් තමන්ගේ life එක වැඩදායි බව තමන්ටම feel වෙන්න ඕනේ. හැබැයි නිකම්ම ඉන්න කෙනෙක්ට තමන්ගේ life එක වැඩදායි එකක් කියලා කවදාවත් දැනෙන්නේ නැහැ.මේ නිසා මුලින්ම කරන්න ඕනේ ඔයාට තියෙන දේවල් මොනවද කියලා හොයාගන්න එකයි.ඔයාට තියෙන talent ප්‍රයෝජනයට අරගෙන තමන්ටත් අනුන්ටත් සේවයක් සලසා ගන්න කොට ඉබේටම තමන් තමන්ට ආදරය කරන්න පටන් ගන්නවා.තමන් වටිනා පුද්ගලයෙක් බව තමන්ටම feel වෙන්න පටන් ගන්නවා.
ඔයාගේ Life එක save කර ගන්න.

සමහර අය short time happy එකක් වෙනුවෙන් තමන්ගේ life එක අවදානමේ හෙලා ගන්නේ හරිම මෝඩ විදියට.කෝච්චිය එනවා පෙනි පෙනී වාහනය ඉස්සර කරන්න ගිහින් ජීවිතය අහිමි කර ගත්තූ කී දෙනෙක් නම් ඇතිද? හදිස්සියක් නැති වුණත් ඉස්සරහින් යන වාහනය ඉස්සර කරන්න තියෙන ආසාව නිසා වේගයෙන් ගිනින් අනතුරු වලට ලක් වෙන කී දෙනක් නම් ඇත්ද? තමන්ගේ සිරුරට අහිතකර බව දැන දැනම මත්ද්‍රව්‍ය, විවිධ රසකාරක සහිත ආහාර වගේ දේවල් ලබා ගන්න පුද්ගලයින් මොන තරම් අපි අතර ඉන්නවාද? ඔබ ඔබේ ජීවිතයට ඇත්තටම ආදරය කරනවා නම් මේ වගේ දේවල් කරන්නෙ නැහැ.
අධෛර්යමත් වෙන දේවල් මඟ හරින්න

ඔයා ඔයාටම ආදරය කරන්න මොන තරම් try කලත් සමහර negative දේවල් ඔබව අධෛර්යමත් කරනවා වෙන්න පුලුවන්.විශේෂයෙන්ම ඔයාගේ යාළුවෝ වගේ act කරන සමහර පුද්ගලයින් ඔයාගේ වටිනාකම අවතක්සේරු කරන්න try කරයි.ඔයාගේ සතුට අතුරුදන් කිරීමට try කරන පුද්ගලයින් ඔයාව අවතක්සේරු කරද්දි ඔයාට ඔයා තුල ඇති වටිනාකම් නොපෙනී යනවා.ඒ වගේ පුද්ගලයින්ගෙන් ඈත් වීම නුවනට හුරුය.
Fail වීම් වලට සාප කරන්න එපා.

Fail වීම සාමාන්‍ය දෙයක්.Life time එක තුල fail වුණේ නැති පුද්ගලයෙක් නැති තරම්.වැරදීම් තුළින් life එක ගොඩ නංවා ගැනීමත් ගොඩක් වැදගත්.ඒත් ගොඩක් දෙනෙක් කරන්නේ තමන් fail වුණාම ඒ ගැන දුක් වෙමින් තමන්ටම blame කරගෙන තමාවම අවතක්සේරු කර ගැනීමයි.Fail වීම් තුළින් life එක ජය ගත් මිනිසුන් පිළිබඳව අධ්‍යයනය කරන්න.ඔයාගේ සිතට ශක්තිය ගන්න.Fail වීම් තුළින් හැමවෙලාවෙම දෙයක් learn කරන්න.වැරදුන තැන හඳුනාගෙන මීළඟ උත්සහයේදි එම වරද නොකර සිටින්න.
ඔයාගේ aim එක අමතක කරන්න එපා.

අපි හැමෝටම එක එක විදියේ dreams තියෙනවා.ඒවා aim බවට පත් කරගෙන,එම aim නොවෙනස්ව තබා ගන්න.අභියෝග එනකොට කම්මැලිකමක් දැනෙනකොට තමන්ගේ aim අමතක කරලා වෙන වෙන දේවල් පස්සේ දුවන පුද්ගලයෙක් කියන්නේ තමන්ගේ life ආදරය කරන කෙනෙක් නෙවෙයි.මේ නිසා තමන්ගේ aim වලට කෙසේ හෝ යාමට try කරන්න.
අද ඉදන් ඔයාට ඔයාම ආදරේ කරන්න පුරුදු වෙන්න.එතකොට කිසිම වෙලාවක, කිසිම දෙයකට බය වෙන් දෙයක් නැහැ.



