ඔයා කාට හරි ආදරේ කරනවද?මම දන්නවා ඔයා කෙනෙක්ට ආදරය කරනවා කියලා.ආදරේ කියන දේ හැමෝටම එක වගේ නැහැ.මොකද එක එක අය ආදරේ ගැන එක එක කතා කියනවා.සමහර වෙලාවට ඔයා තනියම ඉන්නකොට හිතෙනවා ඇති එයා ඇත්තටම මට ආදරෙයිද.කොහොමද මම ඒක හරියටම දැනගන්නේ කියලා.ඔව් මටත් එහෙම හිතෙනවා.ඇත්තටම අපි කොහොමද ඒක දැනගන්නේ.
01) ඔයා ළඟ එයා ඉන්නේ සාමාන්‍ය විදිහටද ?

ආදරය කරද්දී එයා ඔයාට සම්පුර්ණයෙන්ම විවෘත වෙන්න ඕනි.ඒ කිව්වේ ඕනී එකයි එපා එකයි ඔක්කොම ඔයාත් එක්ක හැමවෙලේම කියවනවා නම් එයා ඔයාට ආදරය කරනවා.ඇයි දන්නවද මම එහෙම කිව්වේ,එයා අනිත් අය ඉස්සරහා ආචාරශීලී විදිහට හැසිරිලා ඔයා එක්ක ඉන්නකොට එයාගේ සැබෑම ස්වරූපයෙන් හැසිරෙනවා නම් එයා විවෘතයි වගේම ඔයාට ආදරෙයි
02) එයා මම නිසා සතුටින්ද ?

එයාගේ දවස අද එච්චර හොඳ නැති වුනත් ඔයාව දැක්ක ගමන් එයාගේ හිත සතුටින් පිරෙනවා නම් ඔයා නිසා එයාට සතුටක් දැනෙනවා.ඒ විතරක් නෙමෙයි ඔයාගේ කටහඬ ඇහුවත් එයාට දැනෙන්නේ සතුටක්.ඔයා ඊළඟ වතාවෙ මේක test කරලා බලන්න
03) එයා ඉන්නේ මහන්සියෙන්ද ?

දවස පුරාම වැඩ කරලා එයා ගොඩක් මහන්සියෙන් ඉන්න අවස්ථා නම් ඕනී තරම් තියෙනවා.ඒ වගේ වෙලාවටත් එයා ඔයත් එක්ක සතුටින් ඉන්නවා නම් එයා ඔයාට ආදරය කරනවා.
04) අනාගතය plan කරනවද ?

මම දන්නවා ඔයා කැමති එයාගෙයි ඔයාගෙයි අනාගතය ගැන කතා කරනවා නම් .ඒ විතරක්ද ,wedding එක ගන්නේ කොහොමද ,මොන වගේ ගෙදරකද ජිවත් වෙන්නේ,එතකොට මොන වගේ බබාලා අපිට ලැබෙයිද,ඒ වගේ ගොඩක් දේවල් හිතනවා.ඉතින් ඒ දේවල් ගැන ඔයත් එක්ක නිතරම කතා කරනවා නම් එයා සැබවින්ම ඔයාට ආදරය කරනවා
05) එයා ඔයාට නිතරම ප්‍රශංසා කරන්නේ ආදරේ නිසා

එයාට ඔයා ගැන ඊරිසියාවක් වගේ දෙයක් තියෙනවා නම් කවදාවත් ඔයා කරන දෙයක් ගැන නරකක් කියන්නේ නැහැ.එයා ඒ දේවල් ගැන අගය කරනවා.ඒ විදිහට එයා ඔයාට ප්‍රශංසා වගේම අගය කිරීම් සිදු කරනවා නම් එයාගේ හිතේ ඔයා ගැන තියෙන්නේ හොඳ හැඟීමක්.
06) මම ඔයාට ආදරෙයි

එයා ඇත්තටම ඔයාට ආදරෙයි නම් කතා කරන හැම වෙලාවේම ඔයාගේ ඇස් දිහාම බලාගෙන තමයි කතා කරන්නේ.ඒ ඇයි දන්නවද?එයාට ඔයාගෙන් හංගන්න දේවල් නැති නිසා.ඒ වගේම කිසිම හේතුවක් නැතුව එයා ඔයාට ආදරෙයි කියන්නේ ඇත්තටම ආදරය කරන නිසා.
07) නිතරම කතා කරනවද ?

එයාට හැමවෙලේම ඔයත් එක්ක ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාගෙන් ටිකක් දුරට ගිහින් හිටියත් ඔයා ගැන හොයලා බලන්න call හරි message හරි කරනවා කියන්නේ එයාට ඔයා නැතුව චුට්ටක්වත් ඉන්න බැහැ කියන එක.
08) ඔයා හිතන විදිහ එයාට වැදගත්

එයා යමක් මිලදී ගැනීමේදී ,නැත්නම් යම් දෙයක් ගැන තීරණය කිරීමේදී ඔයාගේ අදහස ගැන අහනවා නම් එතන තියෙන්නේ සැබෑම ආදරයයි.ඒ ඇයි දන්නවද ?එයාට ඔයාගේ අදහස් ගොඩක් වටිනවා.එයාගේ හැමදේම ඔයා නිසා.
ඉතින් දැන් ඔයාගේ ප්‍රශ්නේ ඉවරයි.ඔයාට පුළුවන් දැන් එයා ඔයාට ඇත්තටම ආදරය කරනවද කියලා බලන්න.මේ දේවල් ගැන චුට්ටක් test කරලා එයාගේ ආදරේ ඇත්ත එකක්ද කියලා බලන්නකෝ.එතකොට ඔයාට එයා ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙයි. මේ වැඩේ හරි ගියහම helloladies අපිටත් කියන්න අමතක කරන්න එපා .



