ගැහැණු ළමයින්ගේ ලොකුම හතුරෙක් තමයි කුරුලෑ කියන්නේ. කොච්චර මුහුණ පිරිසිදුව තියා ගත්තත් සමහර වෙලාවට කුරුලෑ වලින් බේරෙන්න බැහැ. ඒකට එක එක හේතු තියෙන්න පුළුවන්. එච්චර හිතන්නේ බලන්නේ නැතුව ඔබ කරන සමහර දේවල් එහෙමත් නැත්නම් ඔබේ සමහර පුරුදු නිසා මේ කුරුලෑ ඇති වෙනවා.ඒ මොනවා වුණත් ඕන කුරුලෑවකින් ඔබේ මුහුණ බේරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ගැනයි අද Hello Ladies තුලින් අපි ඔබට කියන්නේ.
මෙතන එකක් නෙවෙයි කවුරුත් ඔබට නොකියන රහස් 8ක්ම තියෙනවා.
01) මුලින්ම ඕනේ පිරිසිඳුකම

මේ තමයි වැදගත්ම කාරණය.කුරුලෑ තිබුනත් නැතත් සමේ පිරිසිඳුකම ගොඩක් වැදගත්.ඒ නිසා දවසට දෙවරක් අනිවාර්යෙන්ම මුහුණ හොඳින් හෝදගන්න ඕනේ. ඒ වගේම නිකන්ම වතුරෙන් මුහුණ හෝදනවට වඩා කුරුලෑ සඳහාම tea tree හෝ කෝමාරිකා ඇති Face Wash එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
02) Moisturizer එක මොකද්ද?

මේ වෙද්දී ඔබ Moisturizer එකක් Use කරනවා ඇති. හැබැයි ගොඩක් Moisturizer වර්ග වල සම වියළි කරන ද්‍රව්‍ය අඩංගු වෙනවා.ඒ නිසා ඔයාගේ සමේ වර්ගය අනුව ගැලපෙන Moisturizer එකක් තෝරා ගන්න අමතක කරන්න එපා. කුරුලෑ හට ගන්නා සමක් නම් කුරුලෑ පාලනයට කොහොඹ, සැවැන්දරා, වැල්මී සහ කහ අඩංගු CREAM හෝ JEL එකක් පාවිච්චි කරන්න.
03) MAKE – UP නොදා ඉමුද?

MAKE – UP කියන්නේ නම් ඔයාට නැතුවම බැරි දෙයක්. හැබැයි සමහරු හිතනවා කුරුලෑ එන්න MAKE – UP හේතු වෙනවා කියලා. ඔව් එකේ නම් අත්තක් තියෙනවා. හැබැයි හරි විදිහට Make up එක Remove කරා නම් කුරුලෑ වලට බයවෙන්න දෙයක් නැහැ. ඒ වගේම Make up එකට භාවිතා කරන Powder වර්ග භාවිතා කිරීමේදී නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද quality එකක් නැති නිෂ්පාදන භාවිතා කිරීමෙන් සමේ පවතින පැහැපත් බව නැති වෙලා ,කුරුලෑ ,ලප කැළැල් හට ගන්නවා. ඒ නිසා රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගන්නකොට මුලින්ම නිෂ්පාදනයේ ප්‍රමිතිය හා සමට හානිකර රසායනික ද්‍රව්‍ය තියෙනවද කියලා හොදට බලන්න.
04) ඔලුවට දාන තෙල් නිසා එන කුරුලෑ

ඔයා කොණ්ඩෙට එක එක ජාතියේ තෙල් වර්ග, ජෙල් වර්ග දානවානේ. හැබැයි මේ තෙල් සහ ජෙල් භාවිතා කරන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. මොකද ඒවා මුහුණේ තවරුනාම සමෙහි සිදුරු අවහිර වී සමේ කුරුලෑ ඇති වෙනවා. ඒ වගේම හිසකෙස් සේදීමේදී නිතරම Soft Shampoo සහ conditioner වර්ගයක් භාවිතා කරනවා නම් හොදයි. ඒ වගේම කොණ්ඩා විලාසිතා කරනකොට පුළුවන් තරම් කොණ්ඩය මුහුණේ ස්පර්ශ වෙන්න නොදී ඉන්න.
05) නිතරම මුහුණ අල්ලන්නවද?

මුහුණේ කුරුලෑ තියනකොට හැමවෙලේම අත යන්නේ මුහුණට. මොකද කන්නාඩියෙන් මුහුණ බැලුවත් මුලින්ම දකින්නේ කුරුලෑ නිසා. හැබැයි ඒකම තමයි නරකම වැඩේ. නිතරම මුහුණ අල්ලන්න එපා. ඒ වගේම ඔයා කරන තවත් වැරද්දක් තමයි කුරුලෑ කඩන එක. පුළුවන් තරම් උත්සහ කරලා අද ඉදන් ඒ වැඩේ නතර කරන්න. කුරුලෑවක් ආවොත් ස්වාභාවිකවම ඒක නැති වෙන්න ඉඩ දෙන්න.
06) හිරු එළියෙන් ඈත් වෙන්න

හිරු එලියට නිරාවරණය වුනොත් ඔයාගේ සමේ hyper pigmentation ඇති වෙන්න ඉඩ තියෙනවා.විශේෂයෙන්ම උදේ කාලයේ 10 සිට සවස 04 වන තෙක් කාලය තුල නිවසින් පිටතට යනවා නම් හිරු එළියෙන් ආරක්ෂා වෙන්න පුළුවන් විදිහේ ඇඳුමක් තෝරා ගන්න.තව දෙයක් තියෙනවා. ඔයාට පුළුවන් සමෙහි කුරුලෑ ඇති වෙන්නේ නැති SPF 15 හෝ ඊට වැඩි sun cream වර්ගයක් දිනපතා පාවිච්චි කරන්න.
07) චොකලට් නම් ඕනම නැහැ

ඔයා chocolate කන්න ගොඩක් කැමති වුනත් chocolate නිසා කුරුලෑ ඉක්මනින් එන්න පටන් ගන්නවා.ඒ විතරක් නෙමෙයි තෙල් සහ පිටි සහිත ආහාර වලිනුත් සමේ කුරුලෑ ඇති වෙනවා.ඉතින් නැවුම් එළවලු ,පළතුරු වගේම ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගත්තොත් නම් කුරුලෑ එන එක නවත්තගන්න පුළුවන්.
08) ව්‍යායාම

වැඩත් එක්ක ඔයා ගොඩක් කාර්යබහුල වෙලා.ඒ නිසා උදෙන්ම නැගිටලා විනාඩි 30ක්වත් ව්‍යායාම කරන්න පුරුදු වෙන්න.ඒත් එක්කම වැදගත්ම කාරණාව තමයි හොඳට වතුර බොන එක.මොකද දන්නවද.වතුර බොන එක කුරුලෑ නතර කරගන්න හොඳ උපක්‍රමයක්.
මෙච්චර දවසක් හිතුනේ නැහැ නේද මේ වගේ පුංචි දේවල් ඔයාට මඟ අරුණා කියලා.ඒ නිසා තමයි කුරුලෑ තවමත් ඔයාගේ මුහුණේ තියෙන්නේ .ඉතින් මේ දේවල් හරියටම කලොත් ඔයාට හිතා ගන්නවත් බැරි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.ඒ වගේම අමතක කරන්න එපා ඔයාගේ ප්‍රතිඵල ගැන hello ladies අපිට කියන්න.



